ශ්‍රි ලකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් කිරීමට මේ වනවිට තිරණය වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. හෙට (07) දිනයේදි ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටු ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිමට ඊයේ අද වන තුරුත් තීරණය වි තිබුණද මේ වනවිට එම තීරණය වෙනස් වි ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව හෙට බත්තරමුල්ල නෙලුම් මාවත කාර්යාලයේදි නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස හදුන්වා දිමට නියමිත බව වාර්තාවේ. ධම්මික පෙරේරාගේ ඉවත්වීම පිලිබඳ තීරණය අද සවස් යාමයේ පොදුජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම්ට ලිපියකින් දන්වා තිබේ.








