නීති සහ සදාචාරයේ මූලික වගකීම් බිඳ දමා ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පාපොච්චාරණයක් මාධ්‍යයට මුදාහල පොලිස් කණ්ඩායමට එරෙහිව වහාම පූර්ණ පරීක්ෂණයක් පවත්වා සති දෙකක් තුළ වාර්තාවක් සපයන්නයි පොලිස් කොමිසම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට කළ නියෝගය නොසලකා හැර ඇති ආකාරය නිරීක්ෂණය වන බවත්, උක්ත නියෝගය ප්‍රකාරව අදාල වාර්තාව පොලිස් කොමිසමට වහාම ලබා දීමට කටයුතු කළ යුතු බවත් බවත් ඒම කොමිසම ලිඛිත සිහි කැඳවීමක් කරමින් පොලිස් මූලස්ථානයට දන්වා තිබේ.
පොලිස් කොමිසම මෙම නිවේදනය නිකුත් කරන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයාගෙන් සමාව ගත් මෙම නිලධාරියාට එරෙහිව ඉදිරි පරික්ෂණයක් නොකරන ස්ථාවරයක් අමාත්‍යාංශය ප්‍රකට කරන අතරතුර වීම විශේෂය.
අතුරුගිරියේ දී ඝාතනය වූ ක්ලබ් වසන්ත සහ නයන වාසල එදිරිසූරිය ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති වැදගත්ම සැකකරු වන සිද්ධිය වූ ටැටූ චිත්‍රාගාරයේ හිමිකාර තරුණයා විලංගු පිටින් මාධ්‍ය ඉදිරියට ගෙනවිත් ඔහු ලවා පාපොච්චාරණයක් කරවා සමාජ ගත කිරීමට කටයුතු කළ බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපණ ඇතුළු නිලධාරීන් සම්බන්ධව දැඩි විනය පියවරක් ගනීමට මින් පෙර ජාතික පොලිස් කොමිසම .තීරණය කර තිබිණි.
මෙම පොලිස් නිලධාරියා ඇතුළු පොලිස් කණ්ඩායමේ උක්ත හැසිරීම දැඩි ලෙස විවේචනය කළ පොලිස් කොමිසම සැක කරුවන් පිළිබඳ මේ ආකාරයේ හෙළිදරව් කිරීම් තහනම් කරමින් වෙනත් පොලිස්පතිවරුන් යටතේ විශේෂ චක්‍රලේඛ ගණනාවක් නිකුත් වී තිබිය දි මේ එම චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මෙම නිලධාරියා හැසිරී ඇත්තේ කෙසේ දැයි ප්‍රශ්න කර තිබිණි.
සිද්ධියට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධව දෙසතියක් තුළ පූර්ණ විධිමත් පරීක්ෂණයක් පවත්වා අදාල වාර්තාව පොලිස් කොමිසම වෙත යොමු කරන ලෙස ද කොමිසම පොලිස් විශේෂ විමර්ශන ඒකකයට දැනුම් දෙන්නේ මේ පසුබිමේ දී ය.
අත් අඩංගුවට පත් සැකකරුවෙකුගේ දර්ශන රූගත කර ඔහුගේ ප්‍රකාශත් සමග මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට පොලිසිය මැදිහත්වීම සම්බන්ධව ) අධිකරණයේ දැඩි අවධානය ද යොමු වූයේය. .
කෙසේ වෙතත් පොලිස් කොමිසම විසින් අදාල නියෝගය නිකුත් කරන විට පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් එම නියෝගය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර නැති බව ද නිරීක්ෂණය වන ආකාරය පොලිස් කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.







