බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 පොහොට්ටු කතා – පොහොට්ටුව බෙදුනේ, මිනිස්සු පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන තැනට වැඩ කළේ    නාමල් ලා… එයාට පුදුම හදිස්සියක් නායකයා වෙන්න තියෙන්නෙ… පුලුවන්නම් අනුරාධපුරේ මම නැතිව කරලා පෙන්වන්න…. එස්.එම් නාමල්ගේ රෙදි ගලවයි!

by editor
අගෝස්තු 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • තමන් නැතිව අනුරාධපුරයට ඇවිත් ඡන්දය කර පෙන්වන්යි එස්.එම්. චන්ද්‍රසේන නාමල්ට අභියෝග කරයි… එයා නෙමෙයි… එයාට වඩා ලොකු කෙනෙක් ආවත් බෑ… එස්.එම් තහවුරු කර කියයි!

අරගලයේ පවතින අවස්ථාවේ කොළඹට මිනිසුන් ගාල් කර රැස්වීම් තබා රටේ මිනිස්සු කුපිත කර පොහොට්ටුවේ ප්‍රබලයින්ට ඉන්න හිටින්න තැන් නැතිකළේත්, අද පොහොට්ටුව මේ ආකාරයට බෙදෙන තැනට වැඩ කළේත් නාමල් රාජපක්ෂ සහ ඔහුගේ කණ්ඩායම බව පොහොට්ටුවේ අනුරාධපුර  දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් ඉවත් කළ එස්.එම්. චන්ද්‍රසේන පැවසුවේය.

ඊයේ (03) අනුරාධපුරයේ දී මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ නාමල් රාජපක්ෂට නායකයා වීමේ පුදුමාකාර හදිස්සිය පොහොට්ටුවට මේ ව්‍යසනය කැඳවූ බවය.

අද තමන්ගේ නායකත්වයට අනුරාධපුරයට පැමිණ අභියෝග කරන නාමල් රාජපක්ෂට හැකිනම් කර පෙන්වන ලෙසත්, නාමල් රාජපක්ෂක වැනි පුද්ගලයින්  සමග දේශපාලනය කරනවාට වඩා තමන් ගත් තීරණය යහපත් යැයි සිතෙන බවත් එස්.එම්. චන්ද්‍රසේන කීවේය. මේ වනවිට පොහොට්ටුවේ දිස්ත්‍රික් නායක ධූරයෙන් එස්.එම්. චන්ද්‍රසේන ඉවත් කර ඒ  සදහා නාමල් රාජපක්ෂ නිල වශයෙන් පත් කර තිබේ.

ඊයේ අනුරාධපුරයේ දී මාධ්‍ය අමතා ඔහු කීවේ මෙවැන්නකි.

නාමල් රාජපක්ෂ මැතිතුමා බොහොම කලබල වෙලා වැඩියි. ජනතාවගේ මේ  වෙලාවෙ ඉල්ලීම තිබුනෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි උදව් කරන්න ඕන. උදවු කරලා අපි   ඊලඟ මහ මැතිවරණයේදි පොහොට්ටුවෙන් අපි  තරග කරමු කියලා පැහැදිලිවම කිව්වා.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ ඉල්ලීම තුට්ටුවකට ගණන් ගන්නෙ නැතිව, ශත පහකට ගණන් ගන්නේ නැතිව නාමල් රාජපක්ෂ මැතිතුමාගෙ උවමනාව  මත තමයි සියල්ලම සිද්ධ වුනේ මම දන්න විදිහට.  එතුමාට බොහෝම හදිස්සියක් තියනවා මේ දේශපාලනයේ එතුමා නායකයා වෙන්න.

ඒ නිසා තමයි එතුමා හැමතැනම දුවලා ඔය දඟලන්නේ.

කෙසේ වුනත් එතුමාට ඇවිල්ලා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලනය කරන්න හම්බවෙන්නෙ නෑ. එතුමා ඉතිහාසය දන්නේ නෑ නෙ.

2005 ජනාධිපතිවරණයට එතුමාගේ පියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජනාධිපති අපේක්ෂත්වය නොදී ඉන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය කටයුතු කරන වෙලාවේ දි මම තමයි ඉස්සරවෙලාම යෝජනා කළේ මෙතුමාට අපේක්ෂකත්වය දෙන්න ඕන කියලා

අද ඇවිත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මට එරෙහිව මගේ නායකත්වයට අභියෝග කරන්න පුලුවන් විදිහට ඇවිත් රැස්වීමක් තියලා තියනවා… මන්ත්‍රිවරු වැඩිම උනොත් පහළොවක් ඉන්න ඇති.

නමුත් නම් වශයෙන් පුලුවන්නම් ඉදිරිපත් කරන්න කියන්න අහවල් මන්ත්‍රීවරයා අහවල් මන්ත්‍රීවරයා කියලා. ඇවිල්ලත් හුඟක් වෙලා ඉඳලා ඔය මන්ත්‍රීවරුන් කීපදෙනෙක් පාරෙ යන අය එකතු කරන් ඇවිත් රැස්වීමක් තියලා ගිහින් තියනවා.

ඕක දේශපාලනය නෙමෙයි.

ඒ වගේම නාමල් රාජපක්ෂ මැතිතුමා කියනවා මම දැක්කා එස්.එම්  චන්ද්‍රසේනලගෙ ශෙහාන් සේමසිංහ ඇතුළු අයගේ ගෙවල් ගිනි ගත්ත එක හොඳයි කියලා.

මම එතුමාට කියනවා එතුමා ගෙ වැරදි හින්දා තමයි අපට එදා දවසේ ඒ වගේ තත්ත්ව වලට මුහුණ දෙන්න සිද්ධ වුනේ.  අතුකෝරල මන්ත්‍රී තුමා වගේ අයට ජීවිත පූජා කරන්න සිද්ධ වුනේ. එදා අරගලය දවසෙම රැස්වීම් පවත්වලා ඒ කරපු කටයුත්ත නිසයි අපට මේ තත්ත්වලට මුහුණ දෙන්න සිද්ධ වුනේ.

මේ වගේ අයත් එක්ක දේශපාලනය කරනවට වැඩිය අප තෝරාගත්ත මග හොඳයි කියලා අප කල්පනා කරනවා. ඉතින් මගේ අඩුපාඩුව පුරවන්න නාමල් නාමල් රාජපක්ෂ මැතිතුමාට තියා මම හිතන්නේ නෑ ඊට වඩා ලොකු කෙනෙකුටවත් ඇවිත් කරන්න පුලුවන් වේවි කියලා.

කවුරු ජනාධිපතිවරණයෙන් ජනාධිපති වුනත් ජානධිපති වෙලා සැප්තැම්බර් මාසේ 21 ඉඳලා සතියක් යනකොට පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එතකොට උසාවි යනකොටම කාලය ඉවරයි. මාසෙකට එකහමාරකට ගනන්වා කියන ක්‍රියාමාර්ග බොරු. ඒවා නිකම් මිනිස්සු රවට්ටන්න බය කරන්න කියන දේවල්. ඕවට බය වෙන්නෙ නෑ මොළේ කඳුලක් තියන අය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මන්නාරම රෝහලට පැන වෛද්‍යවරුන්ට පහරදීමට ගිය චාවකච්චේරිය රෝහලේ වැඩ බලන වෛද්‍ය අධිකාරීවරයා අත් අඩංගුවට!

Next Post

අවිනීත රියදුරෙක් 23ක් රෝහලට යැවූ මාදුරු ඔය බස් ගැටුම!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.