දිනසේන රතුගමගේ
මුලතිව් ඔට්ටිසුඩන් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද වරෙන්තුකරුවකු කොරෝනා ආසාධිතයෙකු වීමත් සමගම පොලීස් නිලධාරීන් කීපදෙනෙකු හා වවුනියාව බන්ධනාගාරයේ රැදිවියන් කීපදෙනෙකු 26 දා සිට නිරෝධායනයට ලක්කොට තිබේ.
වවුනියාව අධිකරණයෙන් ලද වරෙන්තු නියෝගයක් මත අදාල වරෙන්තුකරුවා මුලතිව් ඔට්ටිසුඩාන් පොලීසිය විසින් අත් ඩංගුවට ගෙන වවුනියාව අධිකරණය හරහා බන්ධනාගාරයට බාරදීමෙන් පසුව ඔහු කොරෝනා ආසාධිතයෙකු බවට තහවුරු වී තිබේ.
මේ තත්ත්වය නිසා පොලිස් නිලධාරීන් බන්ධනාගාරයේ රැදිවියන් නිරෝධායනයට ලක් කිරීමට සිදුව තිබේ.