බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිසියේ මහත්වරුනි… අපි ඔබේ නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරන ආණ්ඩුවක් හදන්නම්… ඊට පස්සෙ කුඩු ජාවාරම් නවත්වමු… අපි කුඩු කාරයින්ට ණයත් නෑ… බයත් නෑ… අනුර කියයි…

by editor
සැප්තැම්බර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

කිසිදු දේශපාලනඥයෝ ඉදිරියේ නොනැවී , තමන්ගේ තනතුර, නිල ඇඳුමේ, තරුවේ, ගෞරවය, තබා ගනිමින් රාජකාරිය හරියට කළ හැකි රටක් තම රජයක් යටතේ පොලිසියට ලබා දෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

මේ වනවට රටේ අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නවද, නැද්ද තීරණය කරන්නේ පොලිසිය නොව පළාතේ දේශපාලකයින් බවත්, මත් කුඩු හෝ මත්ද්‍රව්‍ය ජාවාරම අරලගන්විල ගම්මාන ගිල ගනිමින් පැතිරී ඇත්තේ කුඩුකාරයින් හා දේශපාලකයින් අතර පවතිනා ඩීල් නිසා බවත් පැවසූ අනුර කුමාර දිසානාය තම රජයක් යටතේ මත්ද්‍රව්‍ය උවදුර වලක්වන බව පැවසුවේ ජාතක ජන බලවගේය කුඩු කාරියින්ට “ණයත් නෑ බයත් නෑ ” යැයි පවසමිනි.

එමෙන්ම ගොවීන්ගේ ගැටලු වගකීම් සහිතව විසඳන ආකාරය පෙන්වා දෙමින් අනුර කුමාර දිසානායක මෙසේද කීවේය.

” අපේ රට කුඩුවලින් අද විශාල ව්‍යසනයකට පත්වෙලා තිබෙනවා, මේ පැතිවලටත් දැන් හෙරොයින් ඇවිල්ලා. මේව ඉස්සර මේ ගම්වල තිබ්බේ නෑ. මේවා කොහොමද එන්නේ, දේශපාලඥයින් හරහා තමයි මේවා ගම්වලට එන්නේ. මේවා මුහුදෙන් ලංකාවට ආපුවහම, දිඹුලාගල අරලගංවිල වගේ පැතිවලට එන්නේ මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ, වාහනවල. පොල්ගහවෙල පැත්තෙ සජබේ ආසන සංවිධායකයෙක් කූඩුවලට අහුවුනා. කුඩු සල්ලි තමයි මේ අය චන්දවලට පොම්ප කරන්නේ.

සංවිධානාත්මක අපරාධකරුවෝ තමයි ඔවුන්ගේ ඡන්ද වලට වියදම් කරන්නේ. පොලිසියේ මහත්තුරු මේවා දන්නවා. හැබැයි නීතිය ඉටු කරන්න ගියොත් එක්කෝ යාපනයට යන්න ඕනේ. එක්කෝ කංකසංතුරෙට දානවා, අපේ රජයක් යටතේ කුඩු, මත්ද්‍රව්‍ය වලින් ලංකාව මුදවා ගන්නා බවට සහතිකයක් ලබා දෙනවා,

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අපි කුඩුකාරයන්ට ණයත් නෑ බයත් නෑ.

පොලිසියේ මහත්වරුන්ට නීතිය කරන්න පුළුවන් වාතාවරණයක් අපි හදලා දෙනවා. උසස්වීම, මාරුවීම, අපි හරියට ඒ අයට ලබා දෙනවා. නිල ඇඳුම, සපත්තු දෙක, පටිය,නිසිකලට ලබා දෙන්නම්. ගෙවන බටා එක වැඩි කරලා ගෙවන්නම්. පොලිස් දෙපාර්තමේන්තුව ගෞරවාන්විත දෙපාර්තමේන්තුවක් බවට පත්කරන්න අපි සැලසුම් සකස් කරනවා.

සාමාන්‍යයෙන් අපේ රටේ මහජනතාව පොලිසිය සමඟ පොඩි ගැටුමක වගේ ඉන්නේ. ඒත් ඕගොල්ලො හිතන්න සතියක් පොලිසිය නැතිවුනොත් මොකද වෙන්නේ ? රට ඉවරයි. ඒනිසා පොලිසිය කරන කාර්යභාරය පේන්නේ නෑ. මොකද ඒක හරියට කරනවා. නොකර හිටියොත් අඬදබර ඇති වෙයි. වාහන තදබද ඇතිවෙයි, ගැටුම් වැඩිවෙයි. ඒ නිසා අපේ රටේ නීති හා සාමය ආරක්ෂා කිරීමේදී පොලිසිය කරන කාර්යභාරයට නිසි වගකීම සහ ඇගයීම දෙන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගය කියන්නේ.

මන්ත්‍රීවරුන්ගේ, ඇමතිරුන්ගේ, ආරක්ෂාවට තර්ජනයක් තිබුනොත් විතරයි අපි පොලිසියේ මහත්තුරු දෙන්නේ. මම පාර්ලිමේන්තුවේ අවුරුදු විසිහතරක්. මගේ ආරක්ෂාවට පොලිසියේ මහත්වරු කවදාවත් අරන් නෑ. ජනතාවට අපි එහෙම බයවෙන්න ඕනේ නෑ. ජනතාවට බයවෙන්න ඕනෙ ජනතාවගෙන් හොරා කාපු අය. ඒ නිසා කාටහරි තර්ජනයක් තිබුනොත් තමයි අපි පොලිස් ආරක්ෂාව එයාට දෙන්නේ. කිසි ඇමතියෙක්ගේ, ඇමති නෝනගේ කාර් එකේ දොර අරින්න, ඇමති නෝනට කුඩා අල්ලන්න, පොලිසියේ මහත්තුරු ලබා දෙන්නැති බවට අපි සහතික කරනවා. ඒ අයට පැවරිලා තියෙන්නෙ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න. පොලිසියේ මහත්වරු අපි වෙනුවෙන් යුතුකම ඉටුකරලා තියෙනවා. ඒ නිසා අපි පොලිසියේ මහත්වරුන්ගේ යුතුකම ඉටු කරනවා.

අහල බලන්නකො නිල ඇඳුම ඇඳලා නැති වෙලාවක ඊයේ, පෙරේදා, තැපැල් ඡන්දය කාටද දුන්නේ කියලා. සීයට අසුවක් දීලා තියෙන්නේ ජාතික ජාතික ජන බලවේගයට. විසිඑක් වෙනිදායින් පසුව අපි මේ රට හදනවා. පොලිසිය එකතුවෙමු. ගොවියෝ එකතු වෙමු. රජයේ නිලධාරියා එකතු වෙමු. ගුරුවරයා දරුවන්ට හොඳට උගන්නමු. ගොවියා කුඹුරට යමු, ධීවරයා මාලු අල්ලමු. තරුණයා ඉගෙනගමු. අලුත් කර්මාන්ත පටන්ගමු. අපි ඔක්කොම එකතුවෙලා වැඩ කරොත් මේ රට අවුරුදු කිහිපයකින් ගොඩගන්න පුළුවන්.” අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ගොවියා ගැන හිතන ආණ්ඩුවක්

මේ සැප්තැම්බර් 21 වෙනිදායෙන් පස්ස පළමු වතාවට ආණ්ඩුවක් හදමු. ජනතාව ගැන හිතන, ජනතාවගේ ප්‍රශ්න ගැන හිතන,එය ආණ්ඩුවේ භාණ්ඩාගාරයට එන හැම සතයක්ම, පරිස්සම් කරන්න ඕනේ. අපි තමුන්නාන්සේලාට සහතිකයක් දෙනවා,ඒ භාණ්ඩාගාරයට එන හැම සතයක්ම හොරකම් කරන්නේ නැතුව, නාස්ති කරන්න ඉඩ දෙන්නැතුව, මේ ගම්වල ඉන්න, අම්මල තාත්තලාගේ, වැඩකටයුතු කරන්න, අපි ඒ සල්ලි ටික ආරක්ෂා කරන්න සහතිකයක් දෙනවා.

මේ රටට විනය වුණේ හොරකම, නාස්තිය, වංචාව, ඒක නතර කරනවා අපි.ඒ වංචාවෙ, දූෂණයේ, යෙදුණු අයට දඩුවම් කිරීමත්. ඒ දේපොළ පවරා ගැනීමත් අපේ රජයක් යටතේ අපි කරනවා. මෙච්චර කාලයක් තමුන්නාන්සේලා චන්දේ දුන්නේ හොරකම, නාස්තිය, නතර කරන්න ඕන කියලා. අපි එක කරල පෙන්නනවා, හොරකම් කරපු, වංචා කරපු, අයට දඬුවම් දීලා දේපළ පවරගෙන ඒ සල්ලි වලින් මේ ගම්වල අම්මලා තාත්තලාගේ සෞඛ්‍ය පහසුකම්, දරුවන්ගේ අධ්‍යාපන පහසුකම්, රෝහල් නඟා සිටුවීමට කටයුතු කරනවා,

අපි කවුරුත් අවුරුදු දහස් ගණන් ජීවත් වෙන්නෑ. අවුරුදු හැත්තෑව, අසූව ජීවත් වෙනකොට අපි මියදෙනවා දෙනවා.ඒ නිසා අපි මේ හැම දෙනාටම ජීවත්වන කාලය ඇතුළත හොඳ ජීවිතයක් ගත කරන්න උරුමකම් තියෙන්න ඕනේන. හොඳ ආහාර වේලක්,දරුවන්ට අධ්‍යාපනය, ඉන්ඩ නිවහනක්, ආදායම් මාර්ගයක්. සතුටක්, විනෝදය මානසික සුවය, මේවා ඕනේ මිනිස්සුන්ට හැබැයි අද ගොඩක් දේවල් අපේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල මේ අම්මලා, තාත්තලාට, දරුවන්ට, උරුම වෙලා නෑ. ඒ නිසා අපි එකින් එක පටන් ගන්නවා මේ රට හදන්න.

රට හදනකන් යම් කාලයක් යනවනේ, ආහාර ගන්න බැරි, බෙහෙත් ගන්න බැරි, දරුවන්ට උගන්වන්න බැරි හැම පවුලක්ම හොයලා බලලා රුපියල් දහදාහට වැඩි දීමනාවක් හැම පවුලකටම මාසිකව දීමට ජාතික ජන බලවේගය ආණ්ඩුව කටයුතු කරනවා. අපි ඒක හැමදාම දෙන්නේ නෑ, ආර්ථිකය හදලා ප්‍රතිලාභ ලැබෙන තෙක් අපි ඒ පවුල් බලා ගන්නවා. ඒ විතරක් නෙවෙයි අපි විදුලිබිල අඩු කරනවා. ගිය අවුරුද්දේ විතරක් පවුල් ලක්‍ෂ දහයක විදුලිය ගෙවන්න බැරුව විදුලිය විසන්ධි කරලා. ලයිට් බිල තුනෙන් එකකට අඩු කරන්න ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කරනවා. තෙල් මිල අඩු කරනවා. ආහාරවලට, සෞඛ්‍යවලට, අධ්‍යාපන උපකරණ වලට තියෙන වැට් එක අපි මුළුමනින්ම ඉවත් කරනවා. එතකොට භාණ්ඩ මිල පහළ යනවා. ඒකෙන් පුළුවන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න.

අපි ස්ථිරසාරව ගොඩඑන්න නම්, මේ පළාතේ ඉන්න අම්මලා තාත්තලාගේ කෘෂි කර්මාන්තය නගා සිටුවන්න කටයුතු කරන්න ඕනේ. ජාතික ජනබලවේග ආණ්ඩුව සැලසුම් කර තිබෙන්නෙ එක කන්නයක් නෙවේ කන්න තුනක් වගා කරන්න. සංචාරක කර්මාන්තයට හාල් ඇරෙන්නට වෙන කිසිදු හාල් ඇටයක් පිටරටින් ගේන් නෑ. තමුන්නාන්සේලා කුඹුරට බහින්න කැමතිනම් එක බිම් අඟලක් පුරන් වෙන්න දෙන්නෑ. මේ පාලකයන්ට ඕනේ ඉන්දියාවේ මිරිස් ගේන්න. එතකොට ඇමතියාට කොමිස් එක හම්බෙනවා. කංකුං, බිත්තර, ගේන්නෙ පිටරටින්. ඇමතියාට කොමිස් එකකට ගන්න. ඒ නිසා පාලකයන්ට මේ රටේ කෘෂි නිෂ්පාදනය, ධීවර නිෂ්පාදනය, කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නෑ. ඒ අයට වඩාත් වාසි හදනවට වඩා ගේන එක. බිත්තර ගෙනාවා බිත්තරයකින් කොමිස් එක රුපියල් අටක්. සීනි ගෙනාවා සීනි බදු වංචාව කෝටි 1500යි. පොල්තෙල් බදු වංචාව කෝටි තුන්සිය පනහයි. ජාතික ජන බලවේගය ආණ්ඩුව මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියල්ල නිෂ්පාදනය කරනවා. හේනට බහින්න , කුඹුරට බහින්න වගා කරන්න, ජාතික ජන බලවේගය අපි සහය දෙනවා. අපි කව්පි බඩ ඉරිංගු, සෝයා, මුං ඇට, පිටරටින් ගේන්නේ.

මේ පළාත්වල මහවැලි ඉඩම් අක්කර සිය ගණන් ගොවිතැන් කරන්න පුළුවන් අයට නෙමේ දීලා තියෙන්නේ. අපි ඉඩම් දෙන්නේ වගා කරන්න පුළුවන් ගොවි අම්මලා තාත්තලගේ දරුවන්ට. අපි ඒවට අවශ්‍ය හොඳ බිත්තර වී දෙන්නම්. අපි වගාවට අවශ්‍ය කෘමි නාශක, වල්නාශක, පොහොර ටික ඒ වෙලාවේ පවතින මිල ගණන් අනුව ගොවීන්ට ලබා දෙන්න කටයුතු කරනවා. නෙළාගන්න අස්වැන්න ආරක්ෂා කරන්න අපි වැඩපිළිවෙළක් හදනවා.

අලි මිනිස් ගැටුම

ඒ වගේම මේ පළාතේ බහුලව පවතින අලි මිනිස් ගැටුමට අපි උත්තර හොයනවා. මීට අවුරුදු දහයකට කලින් අලි මිනිස් ගැටුම තිබුණේ නැහැ. සිද්ධ වුණේ මේ පාලකයෝ අලි මාරු වන ස්ථාන විනාශ කලා. ඊට පස්සේ වන අලි ටික ගම්බිම්වලට එන්න පටන් ගත්තා. කැලෑවල් වල තිබුණ කුළු වැව් සියල්ල විනාශ කරා, අලි මිනිස් ගැටුමට කෙටිකාලීනව තියෙන උත්තරය විදුලි වැට. ඒ නිසා අපි විදුලි වැට හදන්නම්, ඔයගොල්ලෝ සමිති සමාගම් හරහා විදුලි වැට ආරක්ෂා කරගන්න. අපි අලි මිනිස් ගැටුමට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් හදලා තියෙනවා, කොහොමද ගම් වැදුණු අලි ටික වනාන්තරගත කරන්නේ කියලා. අපි කෙටිකාලීන විසඳුමක් දෙනවා අන්න ඒ විසඳුමෙන් ජනතාවත්, භවභෝගත්, ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ නිසා මතක තියා ගන්න මේ පළමු වතාවට හදන්නේ ජනතාවගේ ආණ්ඩුවක්.

අවසානයේ දී අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසුවේය.

“මං දැක්කා මේ ලඟදි සජිත් ප්‍රේමදාස කියනවා ලංකාවේ පාසල් දහදාස් එකසිය විසි හයක් තියෙනවා, ඒ දහදාස් එකසිය විසිහයට ලෝකයේ කෝටිපතියෝ දහදාස් එකසිය විසිහයක් සම්බන්ධ කරලා බට් කරනවා කියලා. ආයේ කියනවා දුප්පත් නගර සභාවලට ඇමෙරිකාවේ නගර සභා ජොයින් කරනවලු. ඔහොම ගිහිල්ලා සජිත් ප්‍රේමදාස අන්තිමට කියයි, අපේ රට තවත් රටකට ජොයින්ට් කරමු කියලා. ඒ නිසා මම එයා ගැන මොකුත් කියන්නේ නැත්තේ එයා කතාකරහම අපිට ඇති. එයා එන්නැති තැන් බල, බලා, තමයි අපි එන්නේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

තැපැල් සේවකයෙකුට පහර දී නිල ඡන්ද පත්‍රිකා පැහැර ගන්න හදලා… සැකකරු අත් අඩංගුවට…

Next Post

ඔස්ට්‍රේලියා රැකියාවකට යවනවා කියා කාන්තාවකගේ මුදල් වංචා කළ සිද්ධියකට අරුන්දික ප්‍රනාන්දු ගෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැය 05ක් ප්‍රශ්න කරයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.