බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් ස්ථානාධිපතිවරුන් තොරා ගැනීමට කළ සම්මුඛ පරීක්ෂණ කුණු කූඩයට යන ලකුණු!

පොලිස්පති නියමයෙන් කළ සම්මුඛ පරීක්ෂණයෙන් පසු SDIG කෙනෙක් අලුත් සම්මුඛ පරීක්ෂණයක් පටන් අරන්...

by editor
සැප්තැම්බර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන වසර සඳහා දිවයිනේ සෑම පොලිස් ස්ථානයක්ම ආවරණය වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමට   පොලිස්පතිගේ නියමයෙන්  පොලිසියේ පරිපාලන සහ මානව සම්පත් කළමනාකරණ  පරිචයක් සහිත පිළිගත් ජ්‍යෙෂ්ඨයින්ගෙන් යුතු   සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයකින්  තෝරාගත් සුදුස්සන් ලයිස්තුව වෙනස් කිරීමට සුපුරුදු පරිදි දේශපාලන බලපෑමක් එල්ලවෙමින් ඇති බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ලබන වසර සඳහා දිවයිනේ පොලිස් ස්ථාන සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන් තේරීමේ සම්මුඛ පරීක්ෂණ පසුගිය දා පැවැත්විනි. දිවයිනේ පොලිස් ස්ථාන සියල්ලම ආවරණය වන පරිදි පැවැත්වූ මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා දැනට පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කරන නිලධාරින් ද කැඳවා තිබිණි. විධිමත් අපක්ෂපාතී ක්‍රමවේදයක් තුළ පිළිගත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේ නිලධාරීන් ඇගයීමට ලක් කෙරිනි. මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා දහසක වැඩි නිලධාරීහු පිරිසක් මුහුණ දුන්හ.  එම ක්‍රියාවලිය සම්බන්ධව අතිශය බහුතරකගේ ප්‍රසාදය ද හිමි වී තිබිණි.

එසේ තිබිය දී අවසන් ලේඛණයට අත්සන් කිරීමට පෙර එම ලේඛනය මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගෙන්වාගෙන තිබේ.

පොලිසිය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මේ වනවිට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් යළිත් බස්නාහිර පළාත සඳහා ස්ථානාධිපතිවරුන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

කෙසේ වෙතත් තමන් විසින් නිශ්චිත විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව ලකුණු ලබා දී තෝරාගත් ලයිස්තුව යම් කිසි ආකාරයකින් වෙනස් වී පැමිණියහොත් ඊට අනුමැතිය දීමට සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ලෙස තමන් සූදානම් නැතැයි එහි සාමාජික නිලධාරීන් පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවගෙන්  කළ විමසීමක දී මේ සම්බන්ධව නිශ්චිත තොරතුරු තව දින දෙකකින් ලබා දිය හැකි බව පැවසුවේය.

මෑත කාලීන පොලිස්පතිවරුන්ගෙන් පොලිසිය දේශපාලනීකරණය කිරීමෙන් වැළැක්වීම සඳහා විධිමත් ක්‍රියාදාමයකට ප්‍රවේශ වන්නේ හිටපු පොලිස්පතිවරයෙක් වූ එන්.කේ ඉලංගකෝන්ය. ඔහුට පෙර සිටි මහින්ද බාලසූරිය ප්‍රාදේශීය දේශපාලකයින්ටත් සර් කියූ පුද්ගලයෙකි. ඉන් අනතුරුව පොලිස්පති වූ පූජිත් ජයසුන්දර දේශපාලනයට නතු වුව ද පොලිස්පතිවරයා ලෙස සිය බලතල අදාල අවස්ථාවල දී භාවිතා කළේය.

වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිසිය දේශපාලන බලපෑමෙන් මුදා ගැනීම සඳහා යම් උත්සාහයක නිරත වන බව පොලිස් ආරංචි මාර්ග කියයි. එහෙත් පොලිසිය තුළින්ම මතු වී ඇති දැඩි දේශපාලන හැසිරීම හේතුවෙන් ඔහුට සිය ධූරයේ රාජකාරිය කරගැනීමට නොහැකි නාමික පොලිස්පතිවරයෙක් බවට පත් වෙමින් ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති රැජනගේ මළ ගෙදර ගොස් එනකම් රාජ්‍ය ඇමතිවරු වැඩ බලන ඇමතිකම්..

Next Post

මෙහෙම වරද්දන්නෙ පත්තරවල ලියන්නෙ බබාල ද? – කෘෂිකර්ම විශේෂඥවරු අසති..

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.