ශ්‍රියානි විජේසිංහ –
මාතර තිහගොඩ නායිම්බල ප්‍රදේශයේ දී සිවිල් ඇදුමින් සිටි පොළිස් නිලධාරියෙක් අතින් සිදුවූ වෙඩි වැදීමකින් තුවාල ලැබූ පාසල් සිසුවාට ඉතා විශාල ශල්‍යකර්ම දෙකක් සිදුකර ඇති අතර මේ මොහොත වන විට මොළයේ දෙවන සැත්කම ආරම්භ කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
හිසට වැදුනු වෙඩි පහර හේතුවෙන් මොළයේ ඇති වූ ලේ ගැල්මෙන් ලේ කැටියක් හිරවී තිබු බවත් සැත්කම සිදු කිරීම සඳහා මාතර රෝහලේ සිට ගාල්ල කරාපියට රෝහලට මාරු කර එවා ඇති බවත් රෝහල් ආරංචි මාර්ග කීවේය.
කරාපිටියේදී පළමු සැත්කමකට දරුවා භාජනය කර ස්නායු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළද නැවත වරක් මොළයේ ලේ ගැලීමක් ඇති වීම හේතුවෙන් එම ලේ කැටිය ඉවත් කිරීම සඳහා මේ වන විට දෙවන සැත්කම සිදුකරමින් පවතින බව රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය.
කෙසේ නමුත් දරුවාගෙ තත්ත්වට තවදුරටත් අවදානම් මට්ටමක පවතින බවත්, වෛද්‍යවරු දරුවාගේ ජීවිත බේරා ගැනීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කරන බවත් රොහල් ආරංචි මාර්ග පවසයි.







