බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් බල ප්‍රදේශ හුදකලා කරලා කොවිඩ් නවත්වන්න බෑ…

වසංගත රෝග විද්‍යා  අංශයේ හිටපු  ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය  නිහාල්  අබේසිංහ ලංකාසරට කියයි...

by editor
ජනවාරි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

 සාකච්ඡාව  – නතාෂා නෙත්මිණි –

කොවිඩ් 19 රෝගය පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය මෙතෙක්  ගෙන ගිය වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ  වසංගත රෝග විද්‍යා  අංශයේ හිටපු  ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, සහ  ප්‍රජා වෛද්‍යවරුන්ගේ  සංගමයේ වර්තමාන සභාපති විශේෂඥ වෛද්‍ය  නිහාල්  අබේසිංහ මහතා සමග පැවති සම්මුඛ සාකච්ඡාවකි

  • දෙවන රැල්ල එද්දි රට වහල රෝග පාලනය කරන එක අපේ අයට මදිකමක් වගේ දැනුණා
  • ඔක්තෝම්බර් මාසේ මුල් සතිය වෙන කොට අපිට මරණ තිබුණේ 13 යි. දැන්  මරණ දෙසීයේ සීමාව ඉක්මවා  ගිහිල්ලා
  • ඒ වෙනකොට රෝගීන් හිටියෙ 4000යි… දැන් රෝගීන් 40000 ඉක්මවා ගිහිල්ලා… රට තියෙන්නෙ අවදානමක…
  • පසුවිපරමක් කරන්න කියලා අපි හැමදාම කියනවා… එය කරගන්න සංවිධාන ශක්තියක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නෑ…

ප්‍රශ්නය – පළමු  කොරෝනා රැල්ල සාර්ථකව පාලනය කර ගත් අපිට දෙවන කොරෝනා රැල්ල පාලනය කර ගන්න බැරි වුණා. මොකක්ද මෙයට හේතුව.

පිළිතුර – පළමු රැල්ල අපි පාලනය කළේ රටම වහගෙන.  දෙවනි රැල්ල පටන්ගත්තු වෙලාවේ ඉඳලම  රජයේ ස්ථාවරය වූණේ “අපි රට වහන්නේ නැහැ ”කියන එකයි.  රට වහලා රෝග පාලනය කරන එක ඒ අයට මදිකමක් වගේ දැනුණා.  රෝග පාලනයට යොමු වුණේ රටේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වෙද්දී.

අනික හැමවිටම ඔවුන් කීවේ. “අපිට මේ රෝගය පහසුවෙන් පාලනය කර  ගන්න  පුළුවන්”. “වෙනත් අයට බැරි වුණාට අපිට පුළුවන්” වගේ අදහස් . ඒ නිසා  කොවිඩ්වල පෙර තත්ත්වයට යන්න පුළුවන් වගේ හැගීමක් ඇති වුණා.  නමුත්  සිදුවුණේ මොකක්ද? දෙවැනි රැල්ල ඇතිවුණාම අපිට මෙය පාලනය කර ගන්න  බැරි තත්ත්වයක් උදා වුණා.

දැන් දිනකට රෝගීන් 500 – 600ක් වාර්තා වෙනවා…  මරණ  4 -5 වාර්තා වෙනවා.  රෝගීන් 7000ක් 8000ක් රෝහල් ගත වෙලා ඉන්නවා… නිරෝධායන කටයුතුවලත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. මේ  වගේ තත්වයක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ. අපි අසමත් වෙලා තියෙනවා දෙවන රැල්ල පාලනය කරගන්න. මේක තමයි ඇත්ත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධයක්: ජනාධිපතිවරයා වෙත ලිපියක්!

පාස්කු ප්‍රහාර විමර්ශනය – ගෝඨාභය සහ තවත් හමුදා නිලධාරීන් දෙදෙනෙකුගේ විදෙස් ගමන් තහනම්…

පොලිස් කොට්ඨාස මට්ටමින් හුදකලා කරලා මේ රෝගය පාලනය කරගන්න පුළුවන් කමක් නැහැ.  මේක අසාර්ථකයි කියලා මා මුලසිටම කිව්වා . රෝගීන් වාර්තා වුණාම ඒ ප්‍රදේශය හුදකලා කරනවා. ඒකේ ඇතුලේ ඉන්න අය ආසාදිත වෙලා ඉවරයි.

ප්‍රශ්නය – දැන් දැන් කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙනවා. විශේෂයෙන්ම අපේ වැඩිහිටි ජනතාවගේ ජීවිත මේ වන විට දැඩි අවදානමකට ලක්වෙලා තියෙනවා . මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර- මේක බරපතලම තත්ත්වයක්…   අපි පළමුව මරණ වලක්වා ගැනිමේ ස්ථාවර ක්‍රියාවලියකට යන්න ඕනේ. මෙසේ වැඩි කොටසක් මිය යන්නේ  බෝ නොවන රෝගවලට මෙතෙක් කලක් ගොදුරු වෙලා සිටිය අය. ඒ අය තව කාලයක් ජීවත් වෙන්න තිබුණා. අපේ වැඩිහිටි ජනතාව සෑහෙන ප්‍රමාණයක් මිය ගියොත් කවුද ඊට වග කියන්නේ.  මෙම වසංගත තත්වය පාලනය කර ගන්න උත්සාහ කළේ නැතිනම් රට විශාල අනතුරකට යන්න ඉඩ තියෙනවා.

‍ප්‍රශ්නය –  පලමු රැල්ලේ නොතිබුණ දෙවන රැල්ල තුළ පවතින අභියෝගයන් මොනවාද  ?

පිළිතුර – මෙහිදී මම අභියෝග 3 ක් දකිනවා.  ඔක්තෝම්බර් මාසේ මුල් සතිය වෙන කොට අපිට මරණ තිබුණේ 13 යි.  දැන්  මරණ දෙසීයේ සීමාව ඉක්මවා  ගිහිල්ලා.  රෝගීන් ගත්තහම ඔක්තෝම්බර් පළමු සතිය වෙනකොට රෝගීන් 4000යි වාර්තා වුණේ. ඔක්තෝම්බර් ඉදලා මේ වෙනකොට රෝගීන් 40000ක් ඉක්මවා ගිහිල්ලා. දහගුණයකට වඩා රෝගීන් වාර්තා වීම වැඩිවෙලා.මරණ සංඛ්‍යාව ඉහල යාම එහි පළමුවැන්න.

දෙවැන්න, රෝහල් පද්ධතියේ එක දවසකට හත් අට දහසක්  ආසාදිතයින් රෝහල් ගතව ප්‍රතිකාර ගන්නවා. රෝහල් කාර්ය මණ්ඩලයට රෝග පැතිරෙනවා. ඒ අය නිරෝධායනය කරන්න සිදුවෙනවා. දිගින් දිගටම සේවාව කරන්න අවශ්‍ය නිසා ඒ අය විඩාවට පත්වෙනවා. මේ රැල්ලට අමතරව තවත් දරුණු රැල්ලක් ආවොත් මෙය තවත්  දරුණු වෙනවා. දැඩි සත්කාරවලට යන සංඛ්‍යාව වැඩිවෙන්න පුළුවන්. මේ වෙන මහන්සිය නිසා සෞඛ්‍ය  ක්ෂේත්‍රයට  වසංගතය පාලනය කරන්න පුළුවන්ද කියලා සැක හිතෙන තරමට  ප්‍රශ්න ගණනාවක් ඇති විය හැකියි .

තුන්වන දෙය තමයි පාසල් පද්ධතියට වෙලා තියෙන අනතුර. පසුගිය මාස අටේම දරුවෝ පාසල් ගියේ නැහැ. නාගරික දරුවන් ටැබ් මගින්, ස්මාට් ෆෝන් මගින් ‌ඉගෙන ගන්නවා. ඔවුන්ගේ විෂය නිර්දේශ අවසන් කරලා. ඒත් ගම්බද ළමුන් සිග්නල් හොයාගෙන කඳු නගිනවා, ගස් නගිනවා.. ඒ තත්වයන් තුළ මේ දරුවෝ 2021 පාසල් ගියාම  සිටින්නේ අවුරුද්දක් පිටුපසින්‍. මේ දරුවන් සාමාන්‍යපෙළට හෝ උසස් පෙළට ලියන්නේ කොහොමද? . එහෙම නැතිනම් මේ දරුවන් ට අමතරව උගන්වනවාද?. එහෙම කරනවා නම් කරන්නේ කොහොමද?.  මෙතරම් විද්යුත් නාලිකා  මුද්‍රිත මාධ්‍ය තියෙනවා. මේවා දරුවන්ට අධ්‍යාපනය ලබා දිමට ක්‍රමවත්ව උපයෝගි කර ගැනීමේ වැඩපිළිවෙළක් සැදීමට  අවශ්‍යයයි. ප්‍රජා  වෛද්‍ය වරුන්ගේ සංගමය හැටියට මේ පිලිබඳව පසු විපරමක් කරන්න කියලයි අපි කියන්නේ. මේකේ අඩුපාඩු මොනවද කියලා හඳුනා ගන්න ඕනේ.  දෙවැනි රැල්ල පාලනය කරගෙන අපි අපේ සාමාන්‍ය වැඩකටයුතු කර ගෙන යාමට මාර්ගයක් සකසා ගන්න   ඕනේ.

ප්‍රශ්නය  – සංචාරකයින් මෙරටට ගෙන්විමට රජය කටයුතුකර ඇත්තේ දෙවන කොවිඩ් රැල්ල පාලනය නොකර තිබියදී… මේ තත්ත්වය රටට කොතරම් දුරට හිතකරද?

පිළිතුර – මේ වෙනකොට ලෝකයේ රටවල් ගණනාවක නව වෛරස් ප්‍රභේද මතුවෙලා තියෙනවා. මෙම නව වෛරස සංචාරකයින්ගේ ආගමනයත් සමග රටට ඇතුළු වුණොත් ආසාදිතයින්ගේ සංඛ්‍යාව  දෙගුණ තෙගුණ වෙන්න පුළුවන්. මේ අනතුර අපි දකින්න ඕනේ. යුරෝපයෙන් සංචාරකයින් ගේනවා. විශාල අවදානමක්නේ මේ ගන්නේ. මේ අවදානම නිසා ආසාදනය රට තුළ බරපතල ලෙස පැතිර ගියහොත් රජය එයට වග කියනවාද?

ප්‍රශ්නය – සංචාරයකයින් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ගෙන යන සෞඛ්‍යය ආරක්ෂිත වැඩපිළිවෙළ ගැන සෑහීමකට පත්විය හැකිද?

ප්‍රශ්නය – කිසිසේත්ම සෑහීමකට පත් වෙන්න පුළුවන්කමක් නැහැ. සංචාරකයින් මෙරටට ගෙන්වීමට පෙර අනුගමනය කළ යුතු සෞඛ්‍ය  මාර්ගෝපදේශ මාලාවක්ම හඳුන්වා දී තිබුණා. ඒත් අපි දැක්කා පසුගියදා මෙහි පැමිණි යුක්රේන සංචාරයකයින් හැසිරුණු ආකාරය. අනික මේක සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අදහසින් කරන නියමු ව්‍යාපෘතියක්  නෙවෙයි.

ප්‍රශ්නය  – කොවිඩ් වසංගතය මර්දනය කරන්න රජය ගෙන යන වැඩපිළිවෙළ තුළ පසු විපරමක් නැහැ කියලා ඔබ මුලින්  කිව්වා‍..  මේ ගැන පැහැදිලි කළොත් ?

පිළිතුර – ලෝකය පුරාම කොවිඩ් මර්දනය සඳහා ගන්නේ එකම   ක්‍රියාමර්ගයි.   අපි මේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ආකාරය   වැරදියි. පොලිස්බල ප්‍රදේශ හුදකලා කිරීමෙන් මේ රෝගය පාලනය කරන්න බැහැ කියලා මාස 3ක් තිස්සේ  අපිට තේරුම් ගන්න බැරිනම් අපි කොහොමද මේක පාලනය කරන්නේ. මේකේ හොඳ දේවල් තියෙනවා.. හොද දේවල් අරගෙන, දුර්වල දේවල් ඉවත් කිරීමට  පසු විපරමක් කරන්න ඕනේ. අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කර ගන්න ඕනේ.   අපි දිගින් දිගටම  සෞඛ්‍ය  අමාත්‍යංශයේ තිබුණ සාකච්ඡාවලදී  මේ පිළිබද පසු විපරමක් කරන්න  කියලා කිව්වා.   අපිට බලපෑම්කරන්න පුළුවන් සෞඛ්‍ය  අමාත්‍යංශයට පමණයි. අපිට වසංගතරෝග විද්‍යාඥයින් හැටියට ප්‍රජා  වෛද්‍ය විශේෂඥයින් හැටියට ඉඩ ලැබුණු හැම මොහොතකම අපි සෞඛ්‍ය  අමාත්‍යාංශයට  මේ ගැන කිව්වා.

ප්‍රශ්නය – ඔබ මෙවැනි දෙයක් ප්‍රකාශ  කළ මොහොතෙ සෞඛ්‍ය  අමාත්‍යංශයේ බලධාරීන්ගේ ප්‍රතිචාරය කෙබඳු වුණාද?

පිළිතුර – මේ අය සැලසුම් කර තිබුණා පසුවිපරමක් කරන්න. දෙවැනි රැල්ලට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය උදව් කරන්නත් ලෑස්තිවෙලා හිටියා. මේ අය කිව්වානේ අපි මේක පාලනය කර ගත්තා අපිට ගැටලුවක් නැහැ කියලා. ඒ නිසා පසු විපරමක් කෙරුනේ නැහැ. ඒක කරන්නේ නැතිව දෙවනි රැල්ල ආවා‍‍. දෙවනි රැල්ල ඇතුළෙත් පසුවිපරමක් නැහ‍ෙ. කල් දමමින් ඉන්නවා. පසුවිපරක්මක්  කරන්නේ නැහැ කියලා කියන්නේ නැහ. යාන්ත්‍රණයේ තියෙන දුර්වලතා හා අඩුපාඩු නිසා තවමත් සංවිධානය කර ගන්න බැරි වෙලා.  සෞඛ්‍ය අමාත්‍යංශය  කල්ගතවෙලා  හෝ  පසුවිපරම ක් කරයි. එතකොට අපිට වෙන්න  ඕන හානිය වෙලා තියෙන්න පුළුවන්.

පසුවිපරම ප්‍රමාද වුවහොත් ඉදිරියට  මරණ සංඛ්‍යාව හා  රෝගීන් සංඛ්‍යාව  තවත්    වැඩිවෙයි. එහෙම වුණොත් පසු විපරමක් කරලා වැඩක් වෙන්නේ නැහැ. අපිට බරපතල තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද කියලා අපි දන්නේ නැහැනේ. අපි බලන්න ඔනේ අපිට වෙන අනතුරු වලක්වා ගන්නයි. ඉන්දියාවට වෙන අනතුරු අපිට නැහැයි කියලා  හිතන්න බැහැනේ.

 

 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

සමගි ජනබලවේග මන්ත්‍රිවරුන්ට අද හදිසි කැඳවීමක්

Next Post

ස්මාරකය ඉවත් කිරීමට එරෙහි පොදු විරෝධතාව නවතී… මාරාන්තික උපවාසය දිගටම…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.