සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් නිලධාරීන් 1000ක් යොදවා දකුණු කොරියානු ජනාධිපති අත් අඩංගුවට ගත් විශේෂ මෙහෙයුමේ කතාව!

by editor
ජනවාරි 15, 2025
in පුවත්
Yoon-Suk-yeol

ජනාධිපති යූන් සුක්-යොල්

Share on FacebookShare on Twitter

“ඒකාබද්ධ විමර්ශන මූලස්ථානය අද [ජනවාරි 15] කොරියාවේ වෙලාවෙන් පෙ.ව. 10:33 ට [GMT 01:30] ජනාධිපති යූන් සුක්-යොල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ක්‍රියාත්මක කළේය,”

කොරියානු බලධාරීන් අද (15) ඒ ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ මුලු ලෝකයේම අවධානය දකුණු කොරියාව වෙත යොමු කරගනිමිනි.

දකුණු කොරියානු විමර්ශකයින් විසින් දකුණු කොරියාවේ දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපති යූන් සුක්-යොල් අත්අඩංගුවට ගන්නේ යුද නීතිය පනවා රට තුළ කැරැල්ලක් ඇති කිරීමේ චෝදනා මත ය. 2024 දෙසැම්බර් 3 වන දින රාත්‍රියේ දකුණු කොරියානු ජනාධිපතිවරයා ජාතිය අමතා අනපේක්ෂිත ලෙස යුද නීතිය පැනවීමෙන් පසු, දකුණු කොරියාවේ ජාතික සභාව දෙසැම්බර් 14 වන දින ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් රැගෙන විත් ඉන් ජනාධිපතිවරයා පරාජය කළේය. ඉන් පසුව නඩු විභාගයක් ආරම්භ වූයේය.

ඊයේ (14 අඟහරුවාදා)  ඔහුගේ දෝෂාභියෝග විභාගය ආරම්භයේදී යූන් පැමිණ නොසිටි අතර දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඔහුට පෙනී සිටීම අවශ්‍ය බව දන්වා තිබිණි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

අඟහරුවාදා උදෑසන ඔහුගේ දෝෂාභියෝග නඩු විභාගයට පෙනී සිටීමට ද ඔහු අපොහොසත් වූ අතර, නඩු විභාග ආරම්භ වී මිනිත්තු කිහිපයකට පසු එය කල් දැම්මේය.

දෝෂාභියෝගයට ලක් වූ ජනාධිපතිවරයාගේ නීතිඥයින් පවසා තිබුණේ ඔහු දෝෂාභියෝග විභාගයට සහභාගී නොවන බවත්, බලධාරීන් ඔහුව රඳවා තබා ගැනීමට දරන අඛණ්ඩ උත්සාහයන් හේතුවෙන් ඔහුගේ ස්ථාවරය නිදහසේ ප්‍රකාශ කිරීමෙන් වලක්වනු ඇති බවත්ය.

ජනාධිපති යූන් සුක්-යොල් අත් අඩංගුවට ගැනීමේ දැඩි මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ ඔහු දෝෂාභියෝග නඩු විභාගයට පෙනී නොසිටීමත් ඒ හේතුවෙන් එම නඩු විභාගය පවත්වා ගත නොහැකිවීමත් හේතුවෙනි. එය කිසිසේත්ම පහසු උත්සාහයක් වුනේ නැත.

අද මෙහෙයුම යූන් අත්අඩංගුවට ගැනීමට විමර්ශකයින් ගත් දෙවන උත්සාහයයි. ජනවාරි මස මුලදී ජනාධිපති පරිශ්‍රය තුළ ඔහුගේ ආරක්ෂක කණ්ඩායම සමඟ පැය ගණනක් පැවති ගැටුමකින් පසුව මීට පෙර ඔහුව අත් අඩංගුවට ගැනීමේ අසාර්ථක උත්සාහයක් අවසන් විය.

එතැන් සිට, අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා යූන් සති ගණනාවක් සෝල් හි ඔහුගේ කඳුකර විලාව තුළ රැඳී සිටියේය. පොලිසිය විශාල මෙහෙයුමක් කර ඔහුව අත් අඩංගුවට ගන්නේ මේ කඳුකර බංගලාවේ රැඳී සිටියදී ය.

පොලිසියේ 1000ක් සම්බන්ධ වුන අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම

වාර්තාවලට අනුව පොලිස් නිලධාරීන් 1000ක් ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමට එක් වී තිබිණි. දකුණු කොරියානු විමර්ශකයින් සහ පොලිසිය යූන්ගේ නේවාසික පරිශ්‍රයට නැගීමට ගත් උත්සාහයන් ජනාධිපති ආරක්ෂක අංශ විසින් ව්‍යාර්ථ කරන ගැටුමකට අවතීර්ණ වී සිටියේය. විමර්ශකයින් ජනාධිපතිවරයා සිටින නිවසට ඇතුළුවීමට ඉණිමඟ භාවිතා කර තිබිණි, එහෙත් ජනාධිපති ආරක්ෂක නිලධාරීන් වාහන භාවිතයෙන් ඇතුල්වීම අවහිර කළ බව විදෙස් වාර්තා සඳහන් කළේය

මේ අවස්ථාවේ දී ආධාරකරුවන් ඇතුළු දහස් ගණනක් ජනයා යූන්ගේ නිවසින් පිටත රැස්ව සිට ඇත. පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ නීති සම්පාදකයින් පිරිසක් සහ යූන්ගේ නීතිඥයින් ද නේවාසික පරිශ්‍රය තුළ දී ඔහුව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට උත්සාහ කළ බව වාර්තාවල සඳහන් විය.

ජනාධිපති යූන් සුක්-යොල් , ග්වාචියොන් නගරයේ ඉහළ නිලධාරීන් සඳහා වන දූෂණ විමර්ශන කාර්යාලයට පැමිණි අවස්ථාව.

කෙසේ වුවත් අවසානයේ දී ජනපති අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම සාර්ථක වූයේය. අත්අඩංගුවට ගැනීමෙන් පසු ජනාධිපති රථ පෙළ පොලිස් ආරක්ෂාව සහිතව ඔහුගේ කඳුකර නිවසින් පිටව යන අයුරු දක්නට ලැබුණි. පසුව යූන් රැගත් වාහනයක් අසල ග්වාචියොන් නගරයේ ඉහළ පෙළේ නිලධාරීන් සඳහා වන දූෂණ විමර්ශන කාර්යාලයට පැමිණියේය. යූන් දැන් ප්‍රශ්න කිරීම්වලට මුහුණ දෙන බව අල් ජසීරා කියයි.

අත් අඩංගුවට පත් කොරියානු ජනපති කී කතාව

අත්අඩංගුවට ගැනීමෙන් පසු නිකුත් කරන ලද පූර්ව පටිගත කරන ලද වීඩියෝ පණිවිඩයකින් ජනාධිපති යූන් මෙසේ පැවසුවේ

” “ලේ වැගිරීම” වළක්වා ගැනීම සඳහා මගේ අසාර්ථක යුද නීති උත්සාහය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට යටත් වීමට මා තීරණය කළා. ඒ අනුව මා දූෂණ විමර්ශන කාර්යාලයට ප්‍රතිචාර දැක්වීමට තීරණය කළා” යුන් කීවේය.

විමර්ශනයේ නීත්‍යානුකූලභාවය ඔහු පිළි නොගත් නමුත් “ඕනෑම අවාසනාවන්ත ලේ වැගිරීමක් වැළැක්වීම සඳහා” ඊට අනුකූල වන බව පැවසීය.

“දූෂණ විමර්ශන කාර්යාලයට ඔහුව උපරිම වශයෙන් පැය 48 ක් රඳවා තබා ගත හැකියි… ඊට පස්සේ ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා රඳවා තබා ගැනීම සඳහා වරෙන්තුවක් ඉල්ලා සිටිනවාද නැද්ද යන්න තීරණය කළ යුතුයි. එය අවශ්‍ය වේද නැද්ද යන්න පැහැදිලි නැහැ, නමුත් ඇත්ත වශයෙන්ම, ඉදිරි තීරණයට පැමිණීම ඉතා අපහසු තිබෙනවා,” අල්ජසීරා සෝල් නුවර වාර්තාකරු පවසා ඇත .

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ධරන්ගේ මැදිහත්වීමෙන් ධීවර ප්‍රශ්නය විසඳන්න තමිල්නාඩු මහ ඇමති සහ උතුරේ ධීවර නියෝජිතයින් අතර තමිල්නාඩුවේ දී සාකච්ඡාවක්…

Next Post

හඳට පෙම් කරන පුද්ගලික ව්‍යාපාරිකයන්ගේ ප්‍රාර්ථනා අරන් SpaceX හඳට යයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.