ත්‍රී කුණාමලය – සමන් මල්ලවආරච්චි –
සොරකමක් සම්බන්ධව ත්‍රී කුණාමලය මූලස්ථාන පොලිසිය විසින් අත් අඩංගුවට ගත් තරුණයෙක් පෙරේදා (23) රාත්‍රියේ දී සැක කටයුතු ලෙස මරණයට පත්වීමට විරෝධය පළකරමින් ඊයේ මැදියම් රාත්‍රිය වනතුරු නිලාවේලි මාර්ගය අවහිර කරමින් ජමාලියා ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වූහ.
අගතියට පත් පාර්ශවය කියන්නේ සොරකමකට සම්බන්ධ බව කියමින් ඊයේ ජමාලියා මාලු වාඩියේ සිටියදී මෙම තරුණයා ත්‍රි කුණාමලය මූලස්ථාන පොලිසියෙන් රැගෙන ගොස් ඇති බවත් මෙම තරුණයා අත් අඩංගුවට ගත් බව භාරකාරයෙකුට දැනුම් දී නැති බවත්ය.
තරුණයා අත් අඩංගුවට ගත් බව දන්නේත් ඔහු මිය ගිය බවට පොලිසිය විසින් දන්වා එවූ පසු බව විරෝධතා කරුවෝ කීහ.
මේ මරණය සම්බන්ධව බරපතල ගැටලුවක් ඇති බව කී විරෝධතාකරුවෝ සිද්ධිය සම්බන්ධව යුක්තිය පසිඳලන ලෙස බල කර සිටියහ.
පොලිසිය මැදිහත් වී රෑ මැදියම වනවිට විරෝධතාවේ යෙදුන පිරිස් සන්සුන් කර පිටත් කර යවා තිබිණි.