අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති නැති රටේ…

by editor
නොවැම්බර් 3, 2023
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ පොලිස්පති ධුරය පසුගිය 31 දා අහෝසි වීමත් සමඟම  පොලිස්පති ධුරය සඳහා  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කිරීම ව්‍යවස්ථා සභාවේ    අනුමැතිය මත  ජනාධිපතිවරයා විසින් සිදුකළ යුතුව ඇත.  .

ඒ අතරම ජනාධිපතිවරයා විසින් තවදුරටත්. සී ඩී. වික්‍රමරත්නට  සේවා දිගුවක් ලබා දීමේ අවකාශයක් තිබෙන බවට  ජනාධිපති කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.

මේ අතර පොලිස්පති ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන් තිදෙනෙක්  පෙළ ගැසී සිටිති. ඒ  දේශබන්ධු තෙන්නකෝන් නිලන්ත ජයවර්ධන සහ ලලිත් පතිනායකය.

මින් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්  පාස්කු ප්‍රහාරය සිදුවීමට දීම සම්බන්ධයෙන් පැවති සියලුම කොමිෂන් වලින් චෝදනා ලැබූ අයය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධව වරදකරුවෙක් කර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඩ මුදලක් නියම කර ඇත්තේය. ඔහුගේ වත්කම් පරීක්ෂාවක් ද සිදුකර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ (02) නියෝග කෙරිනි. ඔහුට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ද තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට පොලිස් කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා සම්බන්ධව පොලිස් කොමිසමින් දීර්ඝ පරීක්ෂණයක් පැවැත්වෙන බවය. එහෙත් එම පරික්ෂණ ඇල් මැරුණු ස්වරූපයකට පත් වී ඇතැයි වාර්තා වේ.

එවකට බස්නාහිර පළාත් බාරව  සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති  නන්දන මුණසිංහ පොලිස් කොමිසමේ   මෙම පරීක්ෂණ කමිටුවට කැඳවා ඔහුගෙන් මේ වනතුරුත්  සාක්ෂි විමසා නැත.

පොලිස්පති ධූර අපේක්ෂාවෙන් සිටිනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද අවස්ථා ගණනාවක චෝදනාවට ලක්වූ නිලධාරියෙකි.  ගෝල්ෆේස් අරගල භූමියට ප්‍රහාරයක් එල්ලවන්නට හැර රට විශාල ව්‍යසනයකට ඇද දැමීම සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වන්නේය. ජනාධිපති මන්දිරයෙන් ලැබුණු මුදල අමාත්‍යවරයා භාරයට පත් කරන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේට ලබා දුන් උපදෙස් ඔහු විසින් ලිඛිතව දන්වා ඇති වීමත් ඒ පරීක්ෂණ පෙළ ගැසුනු ආකාරයත් සම්බන්ධව ගැටලු රැසක් පවතින්නේය. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධ වගකීම් පැහැර හැරීමේ චෝදනාවත් දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධව ඇත්තේය.

ආරක්ෂක ක්‍රියාමාර්ග දියත් කිරීමේ දී පුහුණුව ලත් පොලිස් නිලධාරීන් යොදවා පල්ලිය තුලට එන පිරිමි පුද්ගලයන්ගේත් කාන්තා නිලධාරිනියන් යොදවා කාන්තාවන්ගේත් පූර්ණ ශරීර පරීක්ෂාවක් කරන ලෙස උපදෙස් ලබා දි ඇතැයි වාර්තා වේ.

එමෙන්ම අනෙකුත් සියලුම පල්ලි පිළිබඳවත් මේ ආකාරයෙන් දැඩි ආරක්ෂක විධි විධාන යොදවන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී ඇත. එහෙත් කොළඹ සහ කොළඹ උතුර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් එම  නියෝග ඉටු වී නැති බව වාර්තා වී තිබිණි. එමෙන්ම මේ එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ඒ අවස්ථාව වනවිට නිවාඩුවක් ගතකරමින් සිටි බැවින් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් පහළට එම නියෝග ගමන් කර නොමැති බවටත් වාර්තා වී තිබේ.

කෙසේ වෙතත් කොළඹ දකුණු භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ සහ කළුතර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා එම උපදෙස් නිසි ආකාරයෙන්ම පිළිපැද ඇති බව අනාවරණය වී ඇත.

අප ඉන්නේ උභතෝකෝටිකය ය. දැන් රටේ පොලිස්පතිවරයෙක් නැත.  මෙවැනි සංක්‍රාන්ති කාල පැවති ඉතිහාස තිබිණි. එහෙත් මේ වනවිට තත්ත්වය වෙනස් වන්නේ පොලිස්පති තනතුර සඳහා මරාගෙන මැරෙන බලපොරයක් ඉහළ නිලධාරීන් කීප දෙනෙක් අතර නිර්මාණය වී ඇති බැවිනි.

රජයත් ඉන්නේ තීරණයක් ගැනීමේ අසීරු අඩියකය. දේශපාලනිකව මේ අවස්ථාවේ දී අප්‍රසාදයට සහ අනවශ්‍ය ගැටලුවකට නොගොස් මේ ප්‍රශ්නය විසඳා ගැනීමත් පහසු නැත. සුදුසුකම් සපුරා ඇති සෑම නිලධාරියෙක්ම අඩුම ගණනින් වසර 05කට එපිට සේවා කාලයක් සහිත නිලධාරීන්ය. ඒ සඳහා මෙතෙක් දියත් කළ තාවකාලික පිළියම නම් මාස තුනට,  සති දෙකට තුනට හිටපු පොලිස්පතිවරයාට සේවා දිගු දෙමින් ප්‍රශ්නය හෙටට කල් දැමීමය.

උත්තරය නැවත වරක් ප්‍රශ්නයම වී ඇත.  සමහර තීන්දු ඉතාම අසීරු බව සැබෑය. එහෙත් මිනිස්සු  ආණ්ඩුවක් පත් කරන්නේ අසීරු  අසීරු තීන්දු අසීරු අවස්ථාවල දී ගැනීමටය. අප බලානෙ ඉන්නේ ඒ අසීරු තීන්දුව රටටත් පොලිසියටත් යහපතක් වීමේ ප්‍රාර්ථනාව සහිතවය.

 රාලහාමි –

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා ඇමති කීවත් නොගොස් ඖෂධ ජාවාරම්වල සාක්ෂි විනාශ කරමින්…. ඖෂධ වේදීහු කියති!

Next Post

බිරිය ඝාතනයට සැක පිට අත් අඩංගුවට ගත් සූරියවැව නගරයේ ප්‍රධාන ෆාමසියක හිමිකරුවෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.