fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටුවන් නිරුවත් කළ පොලිස්පතිගේ වාර්තාව මෙන්න!

පොලිසිය දේශපාලනීකරණය කරගෙන දේශපාලකයින් ඉල්ලන් කෑ හැටි... කලබලයක දී ඇතිවිය හැකි තත්වය මාස තුනකට පෙර පොලිස්පති කියයි!  

1 මාසයක් ago
in පුවත්
1.2k 12
0
Share on FacebookShare on Twitter

පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා මේ රජය යටතේ  ස්ථානාධිපති ධුර ලබා දුන්  පොලිස් ස්ථානාධිපතිවරුන් 184 දෙනාගෙන් නිශ්චිත ක්‍රමවේදය සපුරා සුදුසුකම් සහිතව එම තනතුර ලබාගෙන ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරුන් 02ක් පමණක් බව පොලිස්පතිවරයා කියයි.

ඉතිරි පොලිස් ස්ථානාධිපතිවරුන් 182 දෙනාම තමන්ගේ නිර්දේශවලින් තොරව දේශපාලන බලය මතම පත්වීම් ලබා ඇති ආකාරය පොලිස්පතිවරයා විසින් මීට මාස 03කට පෙර    මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇති අයුරු වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ.

පසුගිය 14 දා  ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ආණ්ඩු පක්ෂයේ  පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ගෙන්වා සිය නිවෙස්වලට ආරක්ෂාව තහවුරු නොකිරීම සම්බන්ධව  තිත්ත කතාවෙන් බනින ලද මන්ත්‍රීවරුන් නිරුත්තර කරමින්  පොලිස්පතිවරයා හෙළිදරව් කර තිබුණේ  පොහොට්ටු ආණ්ඩුව විසින් පොලිසිය දේශපාලනීකරණය කළ ආකාරය පිළිබඳ වූ පිළිකුල් සහගත ඇත්තය.

පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ පෞරුෂය, විනය සහ වගකීම හැඩගස්වමින් එම ධුරය සඳහා පොලිස් නිලධාරියෙක් හුරු කරන සම්ප්‍රදාය කරුණු 09ක් ඔස්සේ ඉතා පැහැදිළි ලෙස පෙළ ගස්වන පොලිස්පතිවරයා පෙන්වා දී ඇත්තේ එම ක්‍රමවේදය බිඳුණු අවස්ථාවල සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් වූ බවය.

පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කරගත් පොලිසියේ ක්‍රමවේදය

පොලිස්  ස්ථානාධිපතිවරයෙක් ලෙස නිලධාරියෙක් තෝරා ගැනීම , පුහුණු කිරීම සහ අත්දැකීම් සහ පලපුරුද්ද ක්‍රමානුකූලව ලබා දීම සඳහා   අනාදිමත් කාලයක සිට  හැඩගැසුනු  සම්ප්‍රදායක්  පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇත.

  • උප පොලිස් පරීක්ෂක තනතුරේ නිලධාරීන් පොලිස් ස්ථානවල ඇති විවිධ අංශවල වගකීම්වලට අනුයුක්ත කර ඇත්දැකීම් ලබා දීම,
  • එසේ නිපුණතාවයක් සහිත නිලධාරීන් පොලිස් පරීක්ෂක හෝ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට පත් වූ විට පොලිස් ස්ථානයක කාර්යය එක් එක් අංශවලට බෙදා වෙන් කර නැති, සියලුම වගකීම් පොලිස් ස්ථානාධිපතිවරයාම දැරිය යුතු  C හෝ  D ලෙස පරිපාලන වර්ග කිරීමට යටත්වන  කුඩා පොලිස් ස්ථානයක වගකීම් පවරා අත්දැකීම් ලබා දීම,
  • අනතුරුව එම නිලධාරීන් ඊට වඩා පරිපාලන වගකීම් සහිත B හෝ  A3 පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපති සේවයේ යෙදවීම  .
  • අනතුරුව  A1 හෝ A2 ලෙස ශ්‍රේණිගත කර ඇති වගකීම් බහුල,   සංකීර්ණ පරිපාලන කටයුතු සහිත කාර්ය බහුල පොලිස් ස්ථානයකට  ස්ථානාධිපතිවරයෙක් ලෙස ඉහත ධුරාවලිය යටතේ අත්දැකීම් ලබන නිලධාරීන් පත් කිරීම .

පොහොට්ටු ආණ්ඩුවේ ඕයිසී ලා…

එහෙත්  පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා මේ රජය යටතේ තනතුරු ලබා දුන්  පොලිස් ස්ථානාධිපතිවරුන් 184ගෙන් ස්ථානාධිපතිවරුන් තෝරා ගනු ලබන සම්මුඛ පරික්ෂණයටවත් නොපැමිණ එම තනතුරු ලබාගත් නිලධාරින් ගණන 126කි.

සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ එයින් අසමත් වූ පොලිස් නිලධාරීන් 03ක් දේශපාලන බලපෑම් මත පොලිස් ස්ථානාධිපති ධුර ලබාගෙන තිබේ.

මින් පෙර කිසිදු පොලිස් ස්ථානයක ස්ථානාධිපති කමක් නොකර A1 හෝ A2 පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයට නිලධාරීන් 13ක් පත් කර ඇත.

එමෙන්ම මින් පෙර කිසිම පොලිස් ස්ථානය ස්ථානාධිපතිකමක් නොදැරූ නිලධාරීන් 21 දෙනෙක් A3 පරිපාලන ඛාණ්ඩයේ පොලිස් ස්ථානවල  ස්ථානාධිපති පත්වීම් ලබාගෙන තිබිණි.

B හෝ C ශ්‍රේණියේ  පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයක් දරමින් සිට  කෙලින්ම  A3, A2 හෝ A1 ශ්‍රේණියේ ස්ථානාධිපති ධුරයට පත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් ගණන 19කි.

මේ පත්කරගැනීම්වලින් අනතුරුව  පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම් මෙන්ම පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සැලකිය යුතු ලෙස වැඩි වී තිබුණු අයුරු ද සංඛ්‍යාලේඛණ සහිතව පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වා තිබේ.

මැති ඇමතිවරුන්ගේ නිවාස කුඩු වී  ගිනි ගත්තේ නම්, එය පාලනය කරගැනීමට නොහැකි වූ පොලිස් ඇම්බැට්ටයින් තමන්ගේ දේශපාලන හයියට එම ප්‍රදේශවලට පත් කරගෙන තිබුණු වැඩ බැරි කුක්කන් පිරිසක් බවට හෙළි කළ    පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට යැවූ සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

දේශබන්දු සී.අයි.ඩී.යට  යයි!

Next Post

ගොල්ෆේස් එකට ගැසූ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත – මිලාන් ජයතිලක සී.අයි.ඩී අත්අඩංගුවට!

Related Posts

අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

ජූනි 29, 2022

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

ජූනි 29, 2022
lanka hospital

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

ජූනි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!
  • ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…
  • හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට
  • රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

    185 shares
    Share 74 Tweet 46

Highlights

රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!

225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

බැසිල් පොහොට්ටුවන්ව නෙළුම් මාවතට කැඳවයි…

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අගමැති පරදියි… මහ බැංකු අධිපති ධුරයේ ඉදිරි ධුර කාලයට නන්දලාල් වීරසිංහ ට නිර්දේශ ලැබෙයි…!

by editor
ජූනි 29, 2022
0

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යළිත්...

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

by editor
ජූනි 29, 2022
0

රසායනික පොහොර නොමැති වීම      කෘෂිකාර්මික කටයුතු...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist