බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ට මිනිමැරුම් චෝදනා එල්ල කළ යුතුයි!

මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ යළි හඬ අවදි කරයි

by Lanka Sara Editor
අප්‍රේල් 4, 2021 - Updated on අප්‍රේල් 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට වෙළෙඳසැල්වළින් ලබා ගත් පොල්තෙල් සාම්පල පරීක්ෂාවෙන් පසු ඒවායේ පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් අන්තර්ගත නොවූ බවට බොරු කී පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නිරෝෂණ මහතා මිනිමැරුම් චෝදනාවට ලක් කළ යුතු නිලධාරියෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.

එමෙන්ම සත්‍ය ජනතාවට වසන් කළ ප්‍රමිති ආයතන නිලධාරීන්ටද එම චෝදනාවම එල්ලකොට නීතිමය පියවර ගත යුතු බව විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රගේම ‘ටෘත් විත් චමුදිත’ යූ ටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

පොල් සංවර්ධන අධිකාරිය කියන විදිහට වෙළෙඳපොලේ තියෙන පොල් තෙල්වලින් සියයට 84කට වඩා ඇෆ්ලටොක්සින් අඩංගුයි. මොකද ඔවුන් ලබා ගත් සාම්පල 55න් 8ක විතරයි නැත්තේ. ඉතිරි 47 ම එක් එක් මට්ටමින් ඇෆ්ලටොක්සීන් අඩංගු බවට සොයා ගෙන තිබෙන බව ඔහු සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පවසන්නේ
මෙම පොල්තෙල් සාම්පල 47 විවිධ මට්ටම්වලින් ඇෆ්ලටොක්සීන් අන්තර්ගත වුණා. මෙම සාම්පල 6ක අගය කොටස් මිලියනයකට කොටස් 10ට වැඩියි. එනම් නිර්දේශීත මට්ටම්වලට වඩා වැඩියි. 5 සිට 10 දක්වා පවතින සාම්පල 14ක් තිබුණා. ඉතිරි පොල්තෙල් සාම්පලවල ඇෆ්ලටොක්සීන් 0.1 සි 4.9 දක්වා ප්‍රමාණයක් අන්තර්ගත වුණා. අද ඇමතිවරුන් විජේදාස කියන්නේ බොරු කියනවා. මම කියනවා මම කියන්නේ බොරුවක් බව ඔප්පු කරල පෙන්වන්න කියල. මම සියල්ල කරුණු දැනගෙන වාර්තා කරන්නේ. ඒ තොරතුරු සියල්ල මා ළඟ තිබෙනවා ඒව ගත්තේ කොහොමද කියල අහන්න එපා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ ජාවාරම් කරන්නේ ම්ලේච්ඡ මිනීමරු කුහක ව්‍යාපාරිකයයෝ. ඔවුන් ආරක්ෂා කිරීමට දේශපාලකයන් නිලධාරීන් ක්‍රියා කරනවා. ඔවුන් එකට එකතුවෙලා තමයි වැඩ කරන්නේ. 2014 වර්ෂයේ මෙලමයින් අඩංගු කිරිපිටි එක් සමාගමක් ගෙනාවා. චීනයට යවල ප්‍රතික්ෂේප කළ ඒවා. මෙලමයින් නෑ කියල සහතිකයක් දීල වෙළෙඳපොලට නිකුත් කළා.ඊට මුල්වුණේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක්. ටික කාලකට පස්සේ මේ නිලධාරියා කිරිපිටි සමාගමේ උපදේශකයා වෙලා එනවා. මේක මෙවැනි සිදුවීමක් වුණු මේ රටේ එකම පලමුවැනි අවස්ථාවද? බාල තෙල් ගෙනල්ල වාහන කැඩුණා. සැමන් ටින් එකක පණුවෝ දෙනන්කුට වැඩි වුනොත් විතරයි නුසුදුයි කියන්නේ. එදා සෞඛ්‍ය ඇමතිවරයා හැටියට රාජිත සේනාරත්නට විතරයි කොන්දක් තිබුණේ එක පණුවෙක්වත් ඉන්න සැමන් ටින් එකක් අපේ රටේ මිනිස්සුන්ට දිය යුතු නෑ කියල කියන්න.
මේ පොල්තෙල් ප්‍රශ්නයේදී මූලික වශයෙන් වගකියන්න ඕන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්. ප්‍රමිති ආයතනය, පාරිභෝගික අධිකාරිය, පොල් සංවර්ධන අධිකාරිය පොල් සංවර්ධන අධිකාරිය නිසි පරිදි වාර්තාව අනුව සාම්පල 55ක ඇෆ්ලටොක්සීන් 48ක තිබෙනවා කියල කීවනම් ඉවරයි. ඇයි මෙහෙම හංගන්නේ.? යයිද සඳහන් කළේය.

ඔහු පවසන්නේ මෙම නිලධාරීන් ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට එරෙහිව තදින් නිතිය ක්‍රියාත්මක කළ යුතු බවය. කුඩු විකුණන ජාවාරම්කාරයන් එල්ලීමට කලින් මේ රටේ ජනතාවට වස කවන මුදලාලා නිලධාරීන් සහ දේශපාලනකයන් එල්ලා මරා දැමිය යුතු බව ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් නිසා සිල්ලරට වැටුණු ලංකාවේ මිනිස් ජීවිත  

Next Post

නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.