සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොරොත්තු ලේඛනවල සිට මිය යන රෝගීන්ගේ ජීවිත රැක ගන්න ජනාධිපති අරමුදල යොදාගෙන නව වැඩපිළිවෙළක්…

by editor
පෙබරවාරි 15, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ

පොරොත්තු ලේඛනවල සිටියදී අවාසනාවන්ත ලෙස මියයන රෝගීන්ගේ ජීවිත රැක ගැනීම සඳහා ජනපති අරමුදලේ මුදල් යොදවා නව වැඩපිළිවෙළක් ජනපති උපදෙස් මත  ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජේමුණි  පවසයි.

රජයේ රෝහල් වල හෘද, අක්ෂි සහ අස්ථි සැත්කම් සඳහා පවතින දිගු පෝලිම් අඩුකර ගැනීම සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රෝහල්වල දැනට පාවිච්චියට නොගන්නා ශල්‍යාගාර මේ සඳහා යොදා ගන්නා බවද හෙතෙම කීය.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

“අපේ රටේ සමහර පරීක්ෂණ හා සැත්කම් සඳහා ලොකු පොරොත්තු ලේඛනයක් තියෙනවා. හෘද රෝග වලට ලක්ව සැත්කම් සඳහා දීර්ඝ කාලයක්  පොරොත්තු ලේඛනවල සිටින ඇතැම් රෝගීන් ඉතාම අවාසනාවන්ත ලෙස මිය යනවා.  මේ පිළිබඳව අවධානය යොමුකර ජනාධිපතිවරයාගේද අදහසකට අනුව නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. එම සැත්කම්වලට සහභාගි වන වෛද්‍යවරු ඇතුළු පිරිසට  යම් ගෙවීමක් ජනාධිපති අරමුදල මගින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. “

“පොරොත්තු ලේඛනවල සිටියදී රෝගීන් මරණයට පත්වීම වලක්වන්න යම් ක්‍රමවේදයක් සකස් කරන්න කියලා ජනාධිපතිතුමා පැවසුවා.  ජනපති අරමුදලින් ඒ සඳහාවන වියදම දරන්න සූදානම්. මේ වනවිට එම ක්‍රමවේදය සකස් කරමින් ඉන්නවා. දැනට භාවිත නොකරන ශල්‍යාගාර රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගිලක යන අංශ තුනේම තියෙනවා.  මේ සම්පත් ප්‍රයෝජනයට අරන් දැනට රජයේ රෝහල්වල තිබෙන පොරොත්තු ලේඛනය අඩුකර ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“අක්ෂ, අස්ථි හා හෘද වැනි සැත්කම් සඳහා දීර්ඝ පොරොත්තු ලේඛන තිබෙන  හඳුනාගත් ක්ෂේත්‍ර තිබෙනවා. මිනිස්සු පෝලිම් වල ඉඳලා මිය යනවා නම් ජනාධිපති අරමුදලේ මුදල් තියොගෙන ඉදලා වැඩක් නැහැ කියලා ජනාධිපතිවරයා කිව්වා. එම මුදල් උපරිම විදිහට ප්‍රායෝජනය අරන් පෝලිම් අඩු කිරීම තමයි එතුමාගේ අදහස. “

“මේ සමඟ අදාළ පෝලිම් අඩු කරන්න දීර්ඝ කාලීන සැලසුමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ රෝහල්වල දිගු පෝලිම් තිබෙන පරීක්ෂණ සඳහා අවශ්‍යය උපකරණ ලබා දීමයි. දැනට මහනුවර ජාතික රෝහලේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා තිබෙන්නේ එක් යන්ත්‍රයක් පමණයි. අපි මේ වසරේදී තවත් එවැනි යන්ත්‍ර තුනක් ලබා දෙනවා. එමගින් එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ දැනට කෙරෙන ප්‍රමාණය සිව් ගුණයකින් වැඩි කළ හැකියි.”

“එන්න එන්නම රටේ බෝනොවන රෝගවලට ගොදුරු වන පිරිස වැඩි වෙනවා. මේ නිසා පරීක්ෂණ යන්ත්‍ර වැඩි කළ පමණින්ම පොරොත්තු ලේඛන සීඝ්‍රයෙන් අඩුවේයැයි සිතන්න අමාරුයි. මේ රෝගවලට ගොදුරුවීම වැලැක්වීම සඳහා වන දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද ඒ හා සමගාමීව කළ යුතුයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිසි කළෙක සිදු නොවුනු සේ ලෝක ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය දිනා ගත් කොළඹ අහස ගැන කතාවක්!

Next Post

මහා ශිව රාත්‍රී දිනයේ පොළොන්නරුවේ හින්දු පූජකවරු පිරිසක් කෝවිලක් ඉදිරිපිට විරෝධතාවයක…

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.