බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොඩි ළමයි වගේ… බොරු කියා තමන්ව අන්දන්න ගිය බව කියමින් පේරාදෙණිය ශාස්ත්‍ර පීඨ පීඨාධිපති මහා ශිෂ්‍ය සංගම් සභාපතිට එරෙහිව පොලිසි යයි…

by editor
අගෝස්තු 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨ පීඨාධිපති ප්‍රභාත් ඒකනායකගේ    ජංගම දුරකථනයට පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්  ලෙස ව්‍යාජ ඇමතුමක් දී ඔහුව පොලිස් මූලස්ථානයට ගෙන්වීමට සැලසුම් කළ බවට පීඨාධිපතිරයා විසින් කළ පැමිණිල්ලකට අනුව  පේරාදෙණිය පොලිිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.  

පේරාදෙණිය පොලිසියේ දුරකථන රාජකාරියේ යෙදී සිටි කාන්තා පොලිස් නිලධාරිණිය  අමතා තමන් පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් බව කියමින් ශාස්ත්‍රපීඨ පීඨාධිපතිවරයාගේ පුද්ගලික දුරකථන අංකය ලබා ගෙන ඔහුට අමතා ඇති බවත් සියලුම ලියකියැවිලි භාර දී පොලිස් මූලස්ථානයට පැමිණ ප්‍රකාශයක් ලබා නොදුනහොත් අත් අඩංගුවට ගැනීමට සිදුවන බවත් එම දුරකථන ඇමතුවෙන් දන්වා සිටි බව පීඨාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

පසුගිය 20 වැනි දින පීඨාධිපතිවරයා ගේ දුරකතනයට අදාළ අංකය මගින් පෙරවරු 11.00 ත් 11.46 ත් අතර ඇමතුම් 05 ක් ලබා ගෙන තිබුණ  බැවින්   12.35 ට පමණ ඔහු මග හැරුණු ඇමතුමේ අංකය ට කතා කළ අවස්ථාවේ දි    තමන් නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර කුමාර යැයි හඳුන්වා ගත් පුද්ගලයෙක්    මෙම දැනුම් දීම සිදුකළ බව ඔහු කියයි.

එසැනින්   මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමට මහචාර්ය ප්‍රභාත් අත්තනායක  පියවර ගෙන ගත් බවත්,  අදාළ අංකය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු භාවිත කරන්නක් නොවන බත් එහි දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දුන් බව මහාචාර්යවරයා පවසයි.

ශාස්ත්‍ර පීඨ පීඨාධිපති ප්‍රභාත් අත්තනායක පොලිසියට කියන්නේ මෙම දුරකථන ඇමතුම මහා ශිෂ්‍ය සංගමයේ සභාපති  විසින් ඔහුට ලබා දුන්නක් බවය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කරමින් අදාළ දුරකතන අංකය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙත්ත මෙම පීඨාධිපතිවරයා ශාස්ත්‍රඥයෙකුට නුසුදුසු අශිෂ්ට කුණුහරපයෙන්  තමන්ගේ දරුවෙක් වැනි විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකටයකුට බැණ තර්ජනය කරන ආකාරය  හඬ පටයත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා එම හඬ පටයද  සමග ගොස් පොලිසියට පැමිණිල්ලක් කළේය.

පීඨාධිපතිවරයා මහා ශිෂය සංගමයේ සභාපතිවරයාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ ඒ අතර තුරය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙරහැර හා ක්‍රිකට් තරග නිසා මහනුවර හෝටල් පිරී ගිහින් -තාවකාලික නවාතැන් ලෙස නිවෙස්වල කාමරවලට ඉල්ලුමක්

Next Post

ගම්පලින් අල්ලපු කොස්තාපල් කුඩ්ඩා කෝටි හතරක මත් කුඩු උස්සලා තියෙන්නේ පානදුර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවෙන්!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.