ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාව මත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කිරීම සඳහා ගන්නා උත්සහය ඇතුළු තවත් කරුණු කිහිපයකට විරෝධය දක්වා මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් දියත් කළ විරෝධතාවක් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලීසිය අද (06) පස්වරුවේ කටයුතු කළේය.
පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරමින් වෛද්‍ය උපාධිය විකිණීම, ශාස්ත්‍ර පීඨ පීඨාධිපතිවරයා ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පාලනාධිකාරිය කටයුතු නොකිරීම යන කරුණු සම්බන්ධයෙන් සිසුහූ දැඩි විරෝධය පල කළහ.
විශ්වවිද්‍යාලයේ ගලහ මංසන්ධියේ සිට පාගමනින් මහනුවරට නගරය දක්වා ගමන් කිරීමට සිසුන් උත්සහ කළ අවස්ථාවේ පොලීසිය පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨය අසළින් බාධක යොදා ප්‍රධාන මාර්ගය අවහිර කරනු ලැබීය.
මාර්ග බාධක ආසන්නයට පැමිණි සිසුන් 1200 ක පමණ පිරිසක් ඒවා පෙරලා දමා ඉදිරියට යෑමට උත්සහ කළ අවස්ථාවේ පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර කිහිපයක් එල්ල කළේය.
කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ සිසුන් විසිරී ගිය අතර මේ හේතුවෙන් මහනුවර කොළඹ මාර්ගයේ ගැටඹේ මංසන්ධියේ සිට ගලහ මංසන්ධිය දක්වා පස්වරු 4.00 සිට 6.00 දක්වා පැය දෙකක පමණ කාලයක් වාහන ගමනා ගමනය ඇනහිටියේය. ඉන් රියදුරන් හා මගීන් දැඩි අපහසුතාවට පත් විය.