පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනකට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුුරුවා හැරිමට පොලිසිය අද (23) සවස කටයුතු කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ඉවත් කරන ලෙසත්, ශිෂ්‍ය දීමනා ලබා දෙන ලෙසත්, පන්ති තහනම් කළ සිසුන්ට එම තහනම ඉවත් කරන ශිෂ්‍ය මර්දනය නතර කරන ලෙසත් ඉල්ලා පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය මෙම විරොධතා ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.
පේරදෙණිය දන්ත වෛද්‍ය පීඨය අසලින් ආරම්භ වී ගලහා මංසන්ධියට පා ගමනින් පැමිණ සිසුහු එහි සිය විරෝධතාවයේ නියැලෙමින් සිටියහ.
එය විසුරුවා හැරීම සඳහා පැමිණි පොලිසිය ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර කළේය.
මෙම සිසුන් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහන අවහිර කරමින් කටයුතු කළ නිසා ඒ මර්දනය කිරීමට සිදුවූ බව පොලිසිය කීවේය.









