පේරාදෙණිය රෝහලේ දී සිදුකළ සිසේරියන් සැත්කමක් අතර මිය ගිය ගැබිණි මාතාව ගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මරණයට නිශ්චිත හේතුව ප්‍රකායට පත් නොකර විවෘත තීන්දුවක් ලබා දී තිබේ.
සිය ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා පසුගිය 04 වැනිදා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 18 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබුණු මෙම 26 හැවිරිදි තරුණ මව රෝහලට ඇතුළත් කරන විට කිසිම සංකූලතාවයක් පෙන්වා තිබුණේ නැත.
නමුත් රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඇයට නිර්වින්දන එන්නත විද සිසේරියන් සැත්කම සඳහා සූදානම් කළ අවස්ථාවේ දී සංකූලතා මතු වූ බවත් දරුවා බිහි කරනවිට ඇය දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ බවත්ය.
අනතුරුව දැඩිසත්කර ඒකකයට ඇතුළත් කළ එම තරුණ මව දින තුනක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට මිය ගියාය.
දැනට රජයේ රෝහල්වල භාවිතා වන නිර්වින්ද ඖෂධවල තත්ත්වය හේතුවෙන් පසුගිය මාස 06 තුළ විවිධ අවස්ථාවල දී මව්වරුන් යම් සංකූලතාවලට ලක් වූ බවට වාර්තා වී තිබිණි.
දැනටත් මව්වරු දෙදෙනෙක් සිසේරියන් සැත්කම් අතර සිදුවූ අසාත්මිකතා හේතුවෙන් රෝහල් දෙක දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් යම් නිශ්චිත තීන්දුවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළද ලැබී ඇත්තේ විවෘත තීන්දුවකි.







