අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණියේ පවුලක්ම වනසා රටම තිගැස්සූ කොවිඩ් ව්‍යසනයේ බිහිසුණු කතාව

by editor
ජූනි 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල අගුණාවල මීවතුර ආරුක්කු බෝක්කුවේ ගරාජය නොදන්නා නුවර වැසියෙක් නෑ. විශ්ව විද්‍යාල ආචාර්යය මහාචාර්යයවරුන්ගේ වාහන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරින්ගේ වාහන දොස්තර මහත්තුරුන්ගේ වාහන සේරම හදන්නේ මේ බෝක්කුවේ ගරාජයේම තමයි.

ඒත් අද මේ ගරාජය පාළුවට ගිහින්. මොකද මේ ගරාජය වසර හතලිස් එකක් පුරාම සාර්ථකව කරගෙන ගිය සිරිපාල මහත්තයා මේ හැමදෙයක්ම දාලා යන්න ගිහින්….

එකම පවුලේ තුන්දෙනෙක් කොවිඩ් වෛරසයෙන් මිය ගියා කියලා රටපුරාම පැතිර ගිය කතාවේ කතා නිමිත්ත තමයි මේ සිරිපාල මහත්තයා .

කොවිඩ් සොහොනක ලකුණු ඉතිරි කර පාලුවට ගොස් ඇති ආරුක්කු බෝක්කුවේ ගරාජය

හැත්තෑ එක් හැවිරිදි සිරිපාල මහත්තයාගේ නිවස තියෙන්නේ ඉලුක්තැන්න මුරුතලාවේ. නිවසේ හිටියේ බිරිය වන හැට අට හැවිරිදි චන්ද්‍රා රාජපක්ෂ සහ තිස් නව හැවිරිදි බාල සහ එකම පුත් ධම්මික රාජපක්ෂගේ බිරිය දුව පුතා කියන පවුලත් විතරයි. මේ හැමෝම ජීවත් වුණේ සිරිපාල මහත්තයාගේ ආරුක්කු බෝක්කුවේ ගරාජයෙන්. පුතාත් පාසල් ජීවිතයට සමුදුන් සැනින් තාත්තා‌ගේ ගරාජයට ගිහින් මේ වන තුරු වසර විස්සක කාලයක් ගරාජයේ ම සේවය කරලා.

ජූනි මාසය උදාවුණේ පවුලේම පැවැත්මට කණකොකා හඬාගෙන වග කාටත් තේරුණේ පලමුවැනිදාම සිරිපාල මහත්තයා රෝහල් ගත කරද්දි. දියවැඩියාව කාලයක් තිස්සේ තිබුණාට සිරිපාල මහත්තයාට වෙනත් ඉහෙන් බහින රෝගයක් තිබුණේ නෑ. කෑම අරුචිය සහ කොන්දේ අමාරුව සමග පළමුවැනිදා පේරාදෙණිය රෝහල් ගත කළ සිරිපාල මහත්තයාට කොවිඩ් වැලඳිලා කියලා රෝහලෙන් කීවේ ඇතුළත් කරගෙන පරික්ෂණය පැවැත්තුවාට පස්සේ.

සිරිපාල මහත්තයා ගෙදරට කතා කරලා දුරකතනයෙන් කියා තිබුණේ මටත් වැඩේ හරි කියලා විතරයි. ඒ අන්තිමට ගණුදෙනු කරපු වචන ටික විතරක් වේවි කියලා පවුලේ කවුරුත් නොහිතුවාට ජූනි දෙවැනිදා උදේපාන්දර රෝහලෙන් ඊලඟ දුරකතන ඇමතුම ආවේ සිරිපාල මහත්තයා මේ ලෝකේ හැර ගියා කියලායි.

දහසක් උගතුන් බුද්ධිමතුන් බලධාරින් නිළධාරින් සාමාන්‍ය වැසියන් දස දහස් ගණනකගේ වාහනවල ඇත්ත තත්ත්වය දැන සියල්ලෝ සමගම ඉතා කුළුපගව සිටි සිරිපාල මහත්තයාගේ කය කාත් කවුරුවත් නැතිව පේරාදෙණිය රෝහලෙන් ගිලන්රථයේ දමා ගොස් මහයියාවේදි අළු ගොඩක්බවට පත්වුණේ කොවිඩ් මරණ සංඛ්‍යාවට තවත් සංඛ්‍යාත්මක අගයක් පමණක් එක්කරමින්.

මේ වන විට නිවසේ සෙසු සාමාජිකයන් පස්දෙනාටත් කොවිඩ් 19 ආසාදනයවී ඇති බවට තහවුරුව තිබුණා. ඒ වන විට සිරිපාල මහත්තයා ගේ බිරිය හෘද සැත්කමකට භාජනය කරලා වසර එකහමාරක් තිස්සේ තදබල ලෙස ප්‍රතිකාර වෙත යොමු වෙමින් සිටියේ. ඒ නිසාම ඇයත් පුත් ධම්මිකත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කොට ඉතා හොදින් ප්‍රතිකාර ලබා දුන්නා.

Dhammika
ධම්මික බිරිය හා දරුවන් දෙදෙනා…

ධම්මිකගේ බිරිද සහ දරුවන් දෙදෙනා පැණිදෙණිය අතරමැදි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කලා. මේ සිරිපාල මහත්තයාගේ දියණිය සුජීවා රාජපක්ෂ . ඇය පේරාදෙණියේ තමන්ගේ ස්වාමියා සහ දරුවන් දෙදෙනා සමග ජීවත් වෙනවා. තමන්ගේ මහගෙදරට අත්වූ ඉරණම ගැන ශෝකයෙන් කාලය ගත කල ඇය අම්මා තාත්තා හෝ සහෝදරයාගෙන් කිසිවෙක් රෝහලේදි හෝ දැකගත නොහැකි වූ වේදනාව දරාගෙන හිටියෙ ඉතා අමාරුවෙන්.

ජූනි දහහත් වැනිදින සිරිපාල මහත්තයගෙ බිරිය චන්ද්‍රා, සිරිපාල මහත්තයා හොයාගෙන පවුලෙන් සමුගෙන ගියා. ඇයත් දුව පුතා හෝ පවුලේ කිසිදු සහභාගිත්වයක් නැති නොදන්නා මහයියාව ආදාහනාගාරයේදි ජීවන ගමන අවසන් කලා. රෝහල් කාර්යයමණ්ඩල විසින් මවගේ කය ගෙන ගොස් දවාලු බවත් එය තවත් කොවිඩ් මරණයක් ලෙස ලේඛන ගත වූ බවත් දරුවන් දෙදෙනාට දැනගන්න ලැබුණා.

ගතවන්නට ඉඩ ලැබුණේ තවත් දින පහක් පමණයි. කිසිදු රෝගයක් නොතිබුණු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ ධම්මික දහඅටවැනිදා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කලේ අසාමාන්‍ය ලෙස ඔක්සිජන් හීනවන බවට වෛද්‍යවාර්තා සනාථ කල නිසයි. ඉහළම ප්‍රතිකාර උසස් මට්ටමෙන්ම ලබා දුන් හදිසි ප්‍රතිකාර ඒකකයේ සියළු වෑයම් ව්‍යර්ථ කරමින් ධම්මික පොසොන් පෝයට පෙරදා දෑස් වසාගත්තා. පවුලේ වූ එකම හයිය… එකම පිරිමියා මවත් පියාත් ගිය ගමනේ හවුල් කරුවකු වූයේ , තම බිරියත් දියණියත් පුතුත් මෙලොවෙහි තනිකර දමමින්.

මේ තිදෙනා එක්ව ගොඩනැගු ජීවිතය , ගේදොර යාන වාහන සියල්ල මුරුතලාව සිය නිවස තුළම දමා තිදෙනාම දැන් යන්න ගිහින්. රෝගීව සියල්ලෝ ඒ සියල්ල හැර ආ සෙයින්ම මෙලොවම අතහැර යන්නට වේයැයි කිසි විටෙක සිතන්නට නෑ. බිරියත් දරුවනුත් අද තනිව ඇත්තේ, හිතෛෂීන් අතහැර යාමෙන් පමණක් නොවෙයි. නිවසට තිබූ එකම ආදායම , නිවසේ තිබූ ලොකුම හයිය.., මේ සියල්ලද හැර යාමත් සමගයි.

ධම්මිකගේ සහෝදරිය සුජීවා දුරින් සිට හයියක් වුවත් ධම්මිකගේ බිරිය අද අහස පොළොව නුහුලන තරමේ දුකක් සමග තනිවී සිටිනවා. ජූනි මාසය ඇයගේ ජීවිතයම අඳුරට ඇදගෙන වැටුණේ නොසිතුව ලෙසටයි. නමුත් දරුවන් ජීවත් කළ යුතුමයි.

මෙහි කිවයුතු තවත් වැදගත් කතාවක් තියනවා. කොවිඩ් 19 වෛරසය පාලනය සදහා රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන කවුරු කෙලෙසක පුරසාරම් දෙඩුවත් තිදෙනකු මිය ගිය මුරුතලාවේ ඔවුන්ගේ නිවස අවට කිසිවකු මේ වන තෙක් නිරෝධායනට හෝ වෛරසය ආසාදනය වී ඇත්දැයි පරික්ෂණයක් කිරිමට කිසිදු සෞඛ්‍ය නිළධාරියකු හෝ බළධාරියකු පැමිණ නෑ..

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉදින් කෙසේද කොවිඩ් පැතිරිම වලක්වාලන්නේ.

මරණයේ මතක පමණක් ඉතිරිකර නිහඬව සිටින ආරුක්කු බෝක්කුව…

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තේ ෆැක්ටරි කාරයෝ කාසල්රී ජලාශයත් විනාශ කරමින් කෙසෙල්ගමු ඔය වනසති…

Next Post

පිට පිට තුන් වතාවක් වටලාත් මට්ටු නොවූ රාජගිරියේ ගණිකා නිවාසය සිවුවන වරටත් වටලයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.