සුමිත් පොතුපිටිය –
පෙම් සම්බන්දයට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමේ පුවතක් සම්බන්දයෙන් ලද පැමිණිල්ලක් අනුව ආරක්ෂක හමුදාවකට සම්බන්ද තරුණියක ඇතුළු පිරිසක් සොයා අද (04) රාත්රි පරීක්ෂණ ආරම්භ කල බව පින්වත්ත පොලිසිය පවසයි .
පින්වත්ත ප්රදේශයේ පදිංචි පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ ඔහුගේ මව විසින් අද පස්වරුවේ කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ද්ආරම්භ කළ බව පින්වත්ත පොලීසිය පවසයි.
පැහැරගැනීමට ලක්වූ තරුණයා සහ පැහැර ගත් තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත්, තරුණිය විවාහ කර ගැනීම සඳහා තරුණයා අකමැත්ත පළ කිරීම හේතුවෙන් පැහැරගැනීම සිදුව ඇති බවත් පොලිසිය කීය.
පිංවත්ත ප්රදේශයේදී තවත් කිහිපදෙනෙක් සමග ත්රීරෝද රථයකින් පැමිණි තරුණිය, තරුණයා පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදා හැර ඇති බව මුදාහැර ඇති බවද පොලිසිය පවසයි.
පැහැර ගැනීම සිදුකළ බව කියන තරුණිය සහ ඇය සමග පැමිණි පුද්ගලයින් සොයා පරීක්ෂණ සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදුකරති







