අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.
- ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් රුපියල් 05කින් ඉහළ පැවති මිල රුපියල් 366කි. නව මිල රුපියල් 371කි.
- ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 05කින් ඉහළ දමා තිබේ. පැවති මිල රුපියල් 358කි. නව මිල රුපියල් 363කි.
- ලංකා භූමිතෙල් මිල ද රුපියල් 26කින් ඉහළ දමා තිබේ. පැවති මිල රුපියල් 236කි. නව මිල 262කි.
- ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 පැවති මිල 464කි. ලීටරයක් රු. 8 කින් අඩු කර තිබේ. එහි නව සිල්ලර මිල රු. 456කි.
- ලංකා සුපර් ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 පැවති මිල රුපියල් 475කි. ලීටරයක් රුපියල් 7කින් අඩු වී තිබේ. නව සිල්ලර මිල රු. 468.







