fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරා දශක හතක් ළමා ලෝකය සැරසූ ආදරණීය ආත්තම්මා නික්ම ගියාය.

වසර 2ක් ago
in පුවත්
513 6
0
sibil-weththasinghe

සිබිල් වෙත්තසිංහ

Share on FacebookShare on Twitter

අපේ ළමා කාලය රමණීය එකක් කළ ආදරණීය ආත්තම්මා ඊයේ (30) අප අතරින් වෙන්වූවාය.  සිබිල් වෙත්තසිංහ නැමති යුගයක් නිර්මාණය කළ ඒ සුන්දර මාතාව පුරා දින හතරක් තිස්සේ  සිටියේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමිනි. ඊයේ වනවිට ඇය අනූ තුන් වන විය පසුකරමින් සිටියාය.

ඇය අප කාගෙත් සිබිල් නැන්දාය. සිබිල් නැන්දා මැවූ සිතුවම් නිර්මාණශීලී, මනුෂ්‍යත්වයෙන් පිරිණු, පරිකල්පනයෙන් ඉහළ සංවේදී ළමා පරපුරක් ගොඩනැගුවේය. ඒ ආකාරයෙන් බලන විට ඇය චිත්‍ර ශිල්පියෙකුට එපිට ගිය මුණිවර භූමිකාවක් මේ සමාජය තුළ රූපණය කර තිබුණු බව වැටහෙන්නේ ඇයගේ ජීවිත කාලය තුළ ඇය මේ රටට කළ නොගිනිය හැකි මෙහෙවරෙහි ප්‍රමාණය නිසාය.

ගාලූ පුරයේ උපත ලද සිබිල් වෙත්තසිංහ පළමුව අධ්‍යාපනය ලැබුවේ ගින්තොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. දෙවනුව බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි. එච්. ඩී. සුගතපාලගේ “නවමඟ” පස්‌ වන ප්‍රමාණයේ කියවීම් පොතට සිබිල් වයස අවුරුදු පහළොවේදී චිත්‍ර ඉදිරිපත් කළාය. වයස අවුරුදු දහනවයේදී චිත්‍ර ශිල්පිනියක වශයෙන් පුවත්පත් කලාවට පිවිසියාය. එදා සිට මිය යන මොහොත තෙක්  පුරා වසර හැත්තෑ හතරක කාලයක්‌ ළමයින් උදෙසා චිත්‍ර කතා නිර්මාණය කළාය.

ලංකාවේ ළමා කතාවේ පරිවර්තනීය වෙනස කරමින් ඇය  1956 එළි ඇක්වූ  “කුඩ හොරා” ය. එම කෘතිය කතාවත්, චිත්‍රත් එකට සංකලනය කරමින් සිංහල ළමා කතාව නව මානයකට යොමු කළේය. එතැන් පටන් ඈ විසින් නිර්මාණය කරන ලද ළමා හා යොවුන් කෘති වෙනුවෙන් ජාතික හා අන්තර්ජාතික වශයෙන් බොහෝ සම්මාන හිමි විය. 1965 දී ඇයගේ  “වෙසක්‌ පහන” කෘතියට මහා බ්‍රිතාන්‍යයේ  ඉසොබෙල් හටිං සම්මානය හිමිවීය.  1986 වසරේදී ජපානයේ පළවූ හොඳම විදේශීය ළමා කෘතිය වශයෙන් “කුඩ හොරා” පොත සම්මානයට භාජනය විය.  එම කෘතිය චීනය, කොරියාව, පිලිපීනය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඇමරිකා එක්සත් ජනපදය, ඇතුළු රටවල් 12ක ප්‍රකාශයට පත් වූයේය.    ටෝකියෝ නුවර ළමා පුස්‌තකාලය මගින් 1987 වසරේ ඉතාම ජනප්‍රිය ළමා පොත ලෙස එය තෝරා ගත්තේය.   හොඳම සැලසුම සහිත ළමා පොත සඳහා 2003 සාක්‌ සම්මානය ඇගේ “දුවන රැවුළ” පොතට හිමි විය.

සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් සිබිල් නැන්දා ලියු ළමා පොත් ප්‍රමාණය 250කට අධිකය.

ලෝක සම්භාවනාවට පාත්‍ර වූ, යුග ගණනාවක දරුවන්ගේ ආදරණීය මිත්තනිය අවසන් අවධියේ දී  ගිනස් වාර්තා පොතට ද එක් වූවාය. ඇය එසේ වාර්තාගත වන්නේ  දිවයින පුරා ළමුන් 20,000ක් සම්බන්ධ කරගනිමින් “පුදුම පළිඟුව” ළමා කෘතිය රචනා කරමින්ය. මෙහි මූලික අරමුණ වී තිබුණේ දරුවන්ගේ නිර්මාණ උපකල්පන ශක්තිය විදහා දැක්වීමට අවස්ථාවක් ලබාදීමයි. මෙම කෘතියේ විශේෂත්වය වන්නේ සිබිල් වෙත්තසිංහ  විසින් රචිත කතාවල අවසානය දරුවන් විසින් සම්පූර්ණ කිරීමට යොමු කිරීමය. ලෝකයේ දීර්ඝම අවසානය සහිත ළමා කෘතිය වූයේ එම කෘතියය.

මේ රටේ ළමා සාහිත්‍යය ලෝකයට රැගෙන ගිය මේ මුණිවර ශිල්පිනිය, දශක හතක් තිස්සේ ළමා පරපුර වෙනුවෙන් ජීවත්වුණු දයාබර මාතාව, අපේ ආදරණීය ආත්තම්මා පිළිබඳ මේ අවසන් සටහන තැබීමම වේදනාවකි. ඇය වැනි යුග නිර්මාපකයින් නැවතත් මේ රට තුළ බිහි වෙතැයි අප තුළ විශ්වාසයක් නූපදින බැවිනි.

ආදරණිය අත්තම්මේ… නිර්වාණයෙන් සැනසෙන්නට ඔබ කළ කුසලය ප්‍රමාණවත්ය.

 

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

කොවිඩ් නැති ශ්‍රි ලංකාව යුරෝපා ගමන් අවසර ලයිස්තුවේ නැත්තේ ඇයි?

Next Post

හෙට මඩු පූජාවට තුන්සීයයි… සහභාගී වීම මන්නාරමේ බැතිමතුන්ට පමණයි…

Related Posts

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

මැයි 28, 2022

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

මැයි 28, 2022

“සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

මැයි 28, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!
  • “අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…
  • අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    273 shares
    Share 109 Tweet 68
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    172 shares
    Share 69 Tweet 43
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    172 shares
    Share 69 Tweet 43
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

    209 shares
    Share 84 Tweet 52
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    172 shares
    Share 69 Tweet 43

Highlights

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ත්‍රී රෝද සහ යතුරුපැදිවලට ඔක්ටේන් 95 නෑ… ගහන්න පුලුවන් 92 විතරයි…

අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

දින 50යි…. ගෝඨාට ගෙදර යන්නම කියමින් අරලයේ පා ගමන ඇරඹෙයි…

අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

by editor
මැයි 28, 2022
0

අටළුගම ප්‍රදේශයේ අහිංසක දැරිය ඝාතනය කළ...

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

by editor
මැයි 28, 2022
0

තමන්  ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist