බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කාර්යාල කාර්ය සහායක කාන්තාවකට පැවරූ මොළය නැති කෙනා කවුද?…

රාජ්‍ය ඇමති ප්‍රශ්න කරයි.. කවුරු යට ගැහුවත් වහාම විනය පරීක්ෂණයක් තියන බව ඇමති කියයි...

by editor
සැප්තැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

උපාධි පිට උපාධි ගත් විද්වතුන් සිටින විද්වත් ආයතනයක් බවට අප දැන සිටි  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල යූ ටියුබ් අඩවිය කාර්යාල කාර්ය සහායක කාන්තාවකට බාර දී දෙපාර්තමේන්තුවට කිසිම සම්බන්ධයක් නැති ඇයගේ ඥාති සොයුරෙක් ලවා ගොඩනන්වාගෙන අන්තර්ගතයේ සියලුම දේ මකා දැමූ පසු කිසිවක් සිදු නොවූ සේ  නිලධාරීන් හැසිරෙන ආකාරය පිළිබඳව තමන් මවිත වන බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ලංකාසරට පැවසීය.

යම් යම් සම්බන්ධතා මත යට ගසන්නට උත්සාහ කරන මේ මුලුමනින්ම වැරදි සහගත ක්‍රියාවලිය සම්බන්ධව කවුරුන් නොකෙරුවත් තමන් මැදිහත් වී විනය පරීක්ෂණයක් පවත්වන බව ඇමතිවරයා අවධාරණයෙන් කීවේය.

රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක වැඩිදුරටත් මෙසේත් පැවසීය.

“ කාර්යාල කාර්ය සහාකයෙකුට දෙපාර්තමේන්තුවෙ නිල  වෙබ් අඩවිය හදන්න දීපු ඔළුව නැති කෙනා කවුද  කියන ප්‍රශ්නය මට තියනවා. හේතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි වගකිවයුතු ආයතනයක ඉන්නව කියන්නෙ උපාධි පිට උපාධි ලබපු  විද්වත් පිරිසක්. එවැනි විද්වත් ආයතනයක් ලෝකයට සිය දැවැන්ත අනන්‍යතාවය ප්‍රකට කරන   නිල වෙබ් අඩවිය   හදන්න මේ වගේ කෙනෙකුට දෙන්නෙ ඇයි?. හරි කමක් නෑ… අපි හිතමු  ඒ දුන්නේ ඒ තැනැත්තියට මේ සම්බන්ධව අනෙක් කිසිම කෙනෙකුට නැති තාක්ෂණික දැනුමක් තියනවා කියලා.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

එහෙනම් ඇය මේ බාරගත්තු වැඩේ කරන්න ඕන. ඒත් ඇය ඇයට බර ගත්තු වැඩේ ඇයගේ    ඥාති සහෝදරයෙකුට බාර දීලා. මට අහන්න තියෙන්නෙ මේ වැඩේ   කරනකම් පුරාවිද්‍යා දෙපාර්ත මේන්තුවෙ මිනිස්සු නිදාගෙන ද හිටියද?.

“වෙබ් අඩවියක් හදන්න යම් මූලික මුදලක් වැය වෙනවා. ඒ රජයේ මුදල්.  මේ මුදල කිසිම නිශ්චිත ක්‍රමවේදයක් නැතිව මේ තැනැත්තියගෙ සහෝදරයට දීලා වියදම් කරන්නෙ කොහොම ද, කොපමණ මුදලක් වියදම් කරලා තියනව ද කියලා මා වෙනම  වෙනම  හොයලා බලනවා. රාජ්‍ය මුදල් අවභාවිත කරන්න බෑ…“

අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව  අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ නව වෙබ් අඩවියක් හැදූ බවත් ඉහත කම්කරු කාන්තාව පවසන පරිදි ඇයගේ ඥාති සහෝදරයා විසින්   මකා දැමූ වීඩියෝ  124ක අන්තර්ගතය  එම අලුත් වෙබ් අඩවියට   ඇතුළු කර ඇති බවත්ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ මේ සිද්ධිය සම්බන්ධව දෙපාර්තමේන්තු මට්ටමින් අදාල කාන්තාවට එරෙහිව කිසිම විනය පරීක්ෂණයක් සිදු කර නැති බවය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස්නාහිර,  වයඹ 100%යි..  රටම කොවිඩ් ඩෙල්ටාවට ගොදුරු වී ඇති හැටි ආචාර්ය ජීවන්දර කියයි…

Next Post

හම්බන්තොටට ෆයිසර් දුන්නෙ ඇයි?… සෞඛ්‍ය බලධාරීන් බීබීසියට කියූ විහිළු කතා…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.