අධ්‍යාපනය පෞද්ගලීකරණය කරමින් නොනැවතී එය මිල්ටරීකරණය කරන කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව රට පුරා උද්ඝෝෂණය කළ ශිෂ්‍යයන්, දෙමව්පියන්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් ගණනාවක් සරත් වීරසේකරගේ පොලීසිය යොදවා අත්අඩංගුවට ගනිමින් රටේ පුරවැසි අයිතීන් උල්ලංඝණය කළේ මේ රට කරවන ඇමරිකානු ලාංකික දෙමුහුමක් ඇති බාග පුරවැසියන් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අද (09) ප්‍රකාශ කළේය.
මෙසේ තමන්ගේ මූලික අයිතිවාසිකම අනුව විරෝධය පළ කළ පිරිසක් ආණ්ඩුව විසින් අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමත් බලහත්හාරයෙන් නිරෝධායනයට යොමු කිරීමත් අර්ථ ගැන්වෙන්නෙ කුමණ නෛතික පදනමක් යටතේදැයි විමසූ ලේකම්වරයා කීවේ මෙය සරල කරුණක් ලෙස නොසලකන ලෙස නතාවගෙන් ඉල්ලා සිටින බවය.
ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙසේ ද පැවසීය.
“මෙවැනි තත්වයක් ඇතිවන්නේනම් මේ රටේ කිසිදු ජන කණ්ඩායමකට තමන්ගේ විරෝධය පළ කිරීමට නොහැකි වෙනවා. මෙවැනි තත්වයකින් ආරම්භ වෙන මර්දනකාරී තත්වය රට අතිශය බරපතළ තත්වයකට පත් කරනවා.
ආණ්ඩුව විසින් මේ උල්ලංඝනය කරමින් සිටින්නේ මේ රටේ ව්‍යවස්ථාව මගින් ජනතාවට ලබා දී ඇති මූලික අයිතිවාසිකමක්. ආණ්ඩුව එම මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීම සඳහා කොරෝනා නීතිය පාවිච්චි කරමින් සිටිනවා. ඒ සඳහා පොලීසිය ඉදිරිපත් කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රකාශයක් පදනම් කරගනිමින් පොලීසිය විසින් නිකුත් කරන ලද නිවේදනයකුයි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14වැනි වගන්තිය අනුව සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස, ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස හිමිවී තිබෙනවා. නමුත් ආණ්ඩුව විසින් කොරෝනා නීති පාවිච්චි කරමින් ආණ්ඩුවට එරෙහිව එල්ල වන විරෝධය මර්දනය කිරීමට උත්සාහ දරනවා.
මේ රටේ පුරවැසින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ රට පාලනය කරන බාග පුරවැසියනුයි. ඔවුන් මෙරට සහ ඇමරිකාවේ පුරවැසිභාවය තිබෙන දෙමුහුන් පුරවැසියනුයි. මේ අනීතික ක්‍රියාමාර්ගවලට එරෙහිව අපි අධිකරණයට යෑමට සූදානම්.