ලලිත් චාමින්ද –
පළාත් පාලනය වැඩිදියුණු කිරිමේ ආංශික ව්‍යාපෘතිය ( පුරනැගුම) යටතේ රුපියල් මිලියන 3809ක මුදලක් වැයකර ආරම්භකොට තිබු ව්‍යාපෘති 33ක් විවිධ හේතු නිසා අතරමග නවතා දමා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ජලසම්පාදන පහසුකම් නොමැතිවිම, ප්‍රවේශමාර්ග නොමැතිවිම, ගොඩනැගිලි සැලසුම්වලට අනුකුල නොවිම, ආදාහනාගාර සඳහා මහජන ඉල්ලුමක් නොමැතිවිම, ශක්‍යතා අධ්‍යයනයක් සිදුනොකිරිම, ආදි හේතු නිසා මෙකි ව්‍යාපෘති අතරමග නවතා දැමිමට සිදුවි ඇත.
එමෙන්ම ජල ටැංකි ඉදිකිරිමේ දි බිම් මට්ටම සැලකිල්ලට නොගැනිම, කොවිඩි වසංගතයේ බලපැම, ජලපිරිපහදු යන්ත්‍රවල ප්‍රමාණවත් ධාරිතාවයක් නොමැතිවිම, ශ්‍රවනාගාර ප්‍රජාශාලා ප්‍රයෝජනයට ගැනීම සදහා නිසි සැලැස්මක් නොමැතිවිම නිසා මෙම ව්‍යාපෘති අතරමග නවතා දැමිමට සිදුවි ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ ලැබෙන පරිදි ව්‍යාපෘති අවසන් කළයුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත.
මෙම ව්‍යාපෘතියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ විවිධ හේතු නිසා ව්‍යාපෘති අවසන් කිරිමට නොහැකිවි ඇති බවය.
.







