තමන්ට පුද්ගලයෙක් පහර දුන් බව කියමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් අද (08) එරාවුර් රෝහලට ඇතුළත් වි තිබේ.
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආධාරකරුවෙක් යැයි හඳුනාගෙන ඇති පුද්ගලයෙක් විසින් මෙම පහදීම කළ බවත් පහර දීමට හේතුව දේශපාලන ප්‍රශ්නයක් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශකරයි.
මන්ත්‍රීවරයා මෙස්ද පැවසීය.
“මම උදේ කොළඹ ඉඳන් ඇවිත් රෝහලට යනකොට, වෙනත් පක්ෂයක ආධාරකරුවෙක් මාව රෝහලේ තියාගෙන මට අපහාසාත්මක වචන කතා කළා. මෙයින් පසු මම පොලිස් ස්ථානයට ගොස්, වාහනයෙන් බැස ඇතුළට යන විට, පිටුපසින් පැමිණි ඒ පුද්ගලයා ඔහුගේ යතුරුපැදියේ හිස්වැස්මෙන් මට පහර දී, පොලිස් ස්ථානය තුළදී ද මට පහර දීමට උත්සාහ කළා.” එහෙත් එරාවුර් පොලිසිය පවසන්නේ පොලිසිය තුළ සිද්ධියක් වාර්තා නොවුන බවය.
මෙම පුද්ගලයා විසින් අද උදෑසන 6:00ට පමණ මන්ත්‍රීවරයාගේ පියාට සහ සහෝදරයාට ද මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටදී පහර දී ඇති බව මන්ත්‍රීවරයා කියයි.
පොලිසිය විමර්ශන කටයුතු පවත්වයි.







