දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳව එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් ඊයේ (11) කොළඹ නාගරික කාන්තාවන් හමුවී ඔවුන් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩා විඳි අකාරය පිළිබඳව සියැසින් දැක ගත්තාය.
ඔවුන් හමුවූ ඇය සඳහන් කළේ ශ්‍රි ලංකාවේ කාන්තාවන් ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි දුක් ගැහැට විඳින අතර ඔවුන්ට සිය ආහාර වේල සපයා ගැනීමට සහ දරුවන් පාසල් යැවීමට පවා අපහසු දැඩි අර්බුදයක පසුවන බවය.
“ මම කොළඹ සිටින නාගරික ගකාන්තාවන් හමුවුණා. ඔවුන් ජීවත් වීම වෙනුවෙන් දරන දුක් පීඩනය මම දුටුවා. මේ මව්වරුන් දවස් දෙක තුන තමන්ගේ නිවසට අවශ්‍ය ගෑස් සහ ඉන්ධන ගන්න පෝලිම්වල ඉන්න වෙලා. ඔවුන්ගේ දරුවන් ගෙවල්වල තනිවම. ඔවුන් රැක බලාගන්නවත් කෙනකු නැතිව දරුවන් තනිව සිටි තිබෙනවා. “
“සමහර ආහාර වේල් ඔවුන්ට මඟ හරින්නට සිදුව තිබෙනවා. තමන්ට අවශ්‍ය ආහාර ගන්නට ප්‍රමාණවත් මුදල් නැතිකම නිසා. දරුවන් ට පාසල් යන්නට සපත්තු දෙකක් ගන්නටවත් ඔවුන්ට අද නොහැකියි. සමහර පාසල් සපත්තු නැතිව දරුවන්ට පාසල් එන්නට අවසර දී තිබෙනවා. මේ ආර්ථික අර්බුදය රටේ සෑම පුද්ගලයකුට දරුණු ලෙසින් බලපාලා තිබෙනවා.
ඇය සිය ටිව්ටර් සමාජ ජාලයට වීඩියෝවක් එක් කරමින් ප්‍රකාශ කර තිබේ.
Sri Lanka’s economic crisis has posed formidable challenges to vulnerable female-headed households. Hear more: pic.twitter.com/Q5fyxYwBzl
— Samantha Power (@PowerUSAID) September 11, 2022
සමන්තා පවර් ඊයේ දිනය තුළ ජනාධිපතිවරයා හමුවූ අතර තවත් රාජ නිලධාරීන් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපකෂසයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් ගණනාවක්ද හමුවී රජය කටයුකු කරන ආකාරය පිළිබඳව අදහසක් හුවමාරු කර ගත්තාය.
මෙම අවස්ථාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික ජනබලවේ/යේ ආචාර්ය හරිනි අමරසූරිය, දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්තිරන්, රිෂාඩ් බදූර්දීන් , මනෝ ගනෙෂන් ඇතුළු මහජන නියෝජිතයන් කිහිප දෙනකුම එක් වි තිබේ.
සිය දෙදින නිල සංචාරය නිමා කල සමන්තා පවර් අද අලුයම දිවයිනෙන් නික්ම ගියාය.







