බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පීසීආර් එනකොට වැඩේ ඉවරයි ! තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගන්න

by Lanka Sara Editor
මැයි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

PCR පරීක්ෂණවල වාර්තා ලැබීමේ ප්‍රමාදයක් පවතින බවත් දැනට ලැබී ඇති වාර්තා මීට දින 9-10කට ඉහත දී ලබාගත් ඒවා බැවින් ඉදිරි සත්වයෝ දැඩි අවදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ මහතා ලංකාසරට පැවසීය.

මේ වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇති සම්බන්ධය ගිලිහී ගොස් තිබෙන බව පෙන්වාදෙන උපුල් රෝහණ මහතා ඒ තත්ත්වය මත ජනතාව වහාම ස්වයං පාලනයකට යොමු විය යුතු බව පෙන්වා දුන්නේ ය.

PCR පරීක්ෂණ සහ අනෙකුත් පියවර කඩිනමින් ගන්නා ලෙස තම සංගමය රජයට දිගින් දිගටම කරුණු කීවද මේ වන තෙක් ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නැති බවට හෙතෙම චෝදනා කළේය.

කොරෝනා රෝගීන් සහ ඒ ආශ්‍රිතව පවතින තත්වය පාලකයින් දිගින් දිගටම වසන් කරමින් සිටින බවත් ඒ තත්ත්වය මත රට දිගින් දිගටම අගාධයට තල්ලු වීමේ බරපතළ අවදානමක් තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

මේ වන විට රෝහල් වල පවතින දැඩි සත්කාර ඒකක ඇඳන් හා අනෙකුත් පහසුකම් සියල්ල අවසන්ව තිබෙන බවත් ඒ තත්ත්වය උදාවූයේ මීට දින නමයකට දහයකට ඉහතදී බවත් සිදුකළ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව නම් වර්තමානය වනවිට සැබෑ තත්ත්වය රට හමුවේ තැබුවොත් එය දෙතුන් ගුණයකින් වැඩිවිය හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ඊයේ වන විට රෝගීන් 2600ක් හමුවූ බවට රජය ප්‍රචාරය කළත් එම රෝගීන් සහ මරණ සංඛ්‍යාව ලැබී ඇත්තේ මීට දින 10 කට පමණ ඉහත දී කරන ලද PCR පරීක්ෂණ වාර්තා අනුව බව පෙන්වා දෙන ඒ මහතා රජය මේ තත්ත්වය හමුවේ නිහඬව බලා නොසිට ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වහාම පියවර ගත යුතු බව පෙන්වා දුන්නේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට රාජකාරි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් දිගින් දිගටම කළ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් නොමැති වීම නිසා අද සිට බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්දින වර්ජනයක් ආරම්භ කර තිබෙන බව අනාවරණය කළේය.

මේ වර්ධනය ඉදිරියෙදී රට පුරා ක්‍රියාත්මක වීමේ අවදානමක් තිබෙන බැවින් සේවය කිරීමට අවශ්‍ය අවම පහසුකම් හෝ ලබාදෙන ලෙස රෝහණ මහතා ඉල්ලා සිටී.

බදුල්ල දිස්ත්‍රික්කයේ වර්ජනය ගැන සොයාබැලීමට තමන් අද එම දිස්ත්‍රික්කවලට ගොස් නිලධාරීන් සමඟ සාකච්ඡා කොට අදාල පියවර ගන්නා බවද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරට කොවිඩ් රෝහල් 07ක්

Next Post

කුවේටයේ දී   ගෙල කපා මරා දැමූ  ගෘහසේවිකාවකගේ මෘත ශරීරය මෙරටට

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.