බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පීඩනය පුපුරා යයි… කෝප වූ මිනිස්සු  ජනපති නිවස වටලති…

by editor
මාර්තු 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිති ගෝඨාභය රාජපක්ෂගේ ජම්බුගස්මුල්ල නිවස වටලා අද මේ වනතුරු විරෝධතාවයේ යෙදුණු  විශාල ජන පිරිසක් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරින්නට පොලිසිය කටයුතු කරමින් සිටී.

එල්ල කළ දැවැන්ත ජල සහ කඳුළුගෑස් ප්‍රහාර හමුවේ පලා යනු වෙනුවට කඳුළු ගෑස් යළි අහුලා පොලිසියට එල්ල කරමින් ප්‍රතිවිරෝධය දැක්වූ පිරිස අතර පැවති  ආවේගය  මැනවින් ප්‍රකට වූයේය.

මෑත ඉතිහාසයේ මෙවැනි අනපේක්ෂිත පුපුරා යෑමක් අපේ සමාජයේ අති වූයේ නැත.

මෙම විරෝධතාවය ආරම්භ වන්නේ නුගේගොඩ ජුබිලි කනුවෙනි.  අද සවස ජුබිලිකණුවේ ප්‍රදේශවාසී ජන පිරිස් නිහඬ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණහ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

 

ජුබිලිකණුවේ නිහඬ විරෝධය ආරම්භ වූ අයුරු…

එම විරෝධය ප්‍රකාශ කිරීමෙන්   අනතුරුව  පිරිස පා ගමනින් ජනාධිපතිවරයාගේ ජම්බුගස්මුල්ල නිවස  අසලට පා ගමනින් පැමිණීමට කටයුතු කර තිබිණි. නිවසට ප්‍රවේශ වන්නේ පැඟිරිවත්ත මාර්ගයෙනි. පැඟිරිවත්ත පාරට ප්‍රවේශවන්නට සැරසෙත්ම පොලිසිය ක්‍රියාත්මක වී මාර්ග බාධක තුනක්  යොදා පිරිස වැළැක්වීමට කටයුතු කළේය.

ඒ අවස්ථාවේ පුපුරා යන පීඩනයෙන් කටයුතු හැසිරුණු ජනතාව සහ පොලිසිය අතර දැඩි උණුසුම් වාතාවරණයක් ඇතිවෙමින් පැවතිනි. පොලිසිය දැඩි පරිශ්‍රමයක යෙදෙමින් ජනතාව පාලනය කිරීමේ කටයුත්තේ නිරත වූයේය.  ඒ අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ එම ස්ථානය වෙත ත්‍රිවිධ හමුදාවම කැඳෙව්වේය. කැරළි මර්ධන ඒකක ගෙන්වූයේය.

රැස් වූ පිරිස් මහ හඬින් කෑ ගසමින් කියා සිටියේ තමන්ගේ ජීවිත දරිද්‍රතාවය ය.  ඉන්ධන නොමැති වීම, ගෑස් නොමැති වීම, කිරිපිටි නොමැති වීම, විදුලි කප්පාදුව ගැන පිරිස් එක දිගට හඬ ගා කියමින් සිටියහ. පෝලිම්වල සිටියත් බඩු නැති බව ඔව්හු කියා සිටියහ.  පිරිස අතේ නිහඬ විරෝධතාවය වෙනුවෙන් සකසක් කළ    සටන් පාඨ  තිබිණි.

මෙම පිරිස එක පැහැර කීවේ  “ කඩිනමින් විසඳුම් දෙන්න. නැතිනම් ජනාධිපති ධුරයෙන් ඉවත්ව යන්න.“ යනුවෙනි.

අප කළ විමසුමක දී දැනගන්නට ලැබුණේ මේ විරෝධය ආරම්භයේ සිටියේ අවට ප්‍රදේශවාසීන් බහුතරයක් බවය. එහෙත් විරෝධතාවය පැතිරෙත්ම වෙනත් ප්‍රදේශවලින් පිරිස් එම ස්ථානයට පැමිණෙමින් සිටිය බව වාර්තා විය.

කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරයා සිටියේ නිවසින් බැහැරවය. ඔහු ශ්‍රැංගිලා හෝටලයේ උත්සවයකට සහභාගී වෙමින් සිටියේය.

විරෝධය පාලනය කරගත නොහැකි තැන දැවැන්ත ජල ප්‍රහාරයක් සමග කඳුළුගෑස් ප්‍රහාරයක්  එල්ල කිරීමට කැරළි මර්ධන නිලධාරීන් කටයුතු කළේය. එම ප්‍රහාරයත් සමග ජනතා කෝපයත් ඉහළ ගියේය. පිරිස් තමන් වෙත එල්ලවන කඳුළු ගෑස් මෙන්ම ගල් මුල් ප්‍රහාර ද පොලිසියට එල්ල කළේය.

තත්වය පාලනය වෙමින් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමරිකානු එම්සීසී ආධාරය ගැනීම ගැන චීනයෙන් නේපාලයට සද්දයක්

Next Post

ශ්‍රි ලංකාව නිසා “ඕවර් ටයිම් දාපු“ ජයශංකර්ලා !

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.