ජනාධිති ගෝඨාභය රාජපක්ෂගේ ජම්බුගස්මුල්ල නිවස වටලා අද මේ වනතුරු විරෝධතාවයේ යෙදුණු විශාල ජන පිරිසක් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරින්නට පොලිසිය කටයුතු කරමින් සිටී.
එල්ල කළ දැවැන්ත ජල සහ කඳුළුගෑස් ප්‍රහාර හමුවේ පලා යනු වෙනුවට කඳුළු ගෑස් යළි අහුලා පොලිසියට එල්ල කරමින් ප්‍රතිවිරෝධය දැක්වූ පිරිස අතර පැවති ආවේගය මැනවින් ප්‍රකට වූයේය.
මෑත ඉතිහාසයේ මෙවැනි අනපේක්ෂිත පුපුරා යෑමක් අපේ සමාජයේ අති වූයේ නැත.
මෙම විරෝධතාවය ආරම්භ වන්නේ නුගේගොඩ ජුබිලි කනුවෙනි. අද සවස ජුබිලිකණුවේ ප්‍රදේශවාසී ජන පිරිස් නිහඬ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණහ.
ජුබිලිකණුවේ නිහඬ විරෝධය ආරම්භ වූ අයුරු…
එම විරෝධය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පිරිස පා ගමනින් ජනාධිපතිවරයාගේ ජම්බුගස්මුල්ල නිවස අසලට පා ගමනින් පැමිණීමට කටයුතු කර තිබිණි. නිවසට ප්‍රවේශ වන්නේ පැඟිරිවත්ත මාර්ගයෙනි. පැඟිරිවත්ත පාරට ප්‍රවේශවන්නට සැරසෙත්ම පොලිසිය ක්‍රියාත්මක වී මාර්ග බාධක තුනක් යොදා පිරිස වැළැක්වීමට කටයුතු කළේය.
ඒ අවස්ථාවේ පුපුරා යන පීඩනයෙන් කටයුතු හැසිරුණු ජනතාව සහ පොලිසිය අතර දැඩි උණුසුම් වාතාවරණයක් ඇතිවෙමින් පැවතිනි. පොලිසිය දැඩි පරිශ්‍රමයක යෙදෙමින් ජනතාව පාලනය කිරීමේ කටයුත්තේ නිරත වූයේය. ඒ අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ එම ස්ථානය වෙත ත්‍රිවිධ හමුදාවම කැඳෙව්වේය. කැරළි මර්ධන ඒකක ගෙන්වූයේය.
රැස් වූ පිරිස් මහ හඬින් කෑ ගසමින් කියා සිටියේ තමන්ගේ ජීවිත දරිද්‍රතාවය ය. ඉන්ධන නොමැති වීම, ගෑස් නොමැති වීම, කිරිපිටි නොමැති වීම, විදුලි කප්පාදුව ගැන පිරිස් එක දිගට හඬ ගා කියමින් සිටියහ. පෝලිම්වල සිටියත් බඩු නැති බව ඔව්හු කියා සිටියහ. පිරිස අතේ නිහඬ විරෝධතාවය වෙනුවෙන් සකසක් කළ සටන් පාඨ තිබිණි.
මෙම පිරිස එක පැහැර කීවේ “ කඩිනමින් විසඳුම් දෙන්න. නැතිනම් ජනාධිපති ධුරයෙන් ඉවත්ව යන්න.“ යනුවෙනි.
අප කළ විමසුමක දී දැනගන්නට ලැබුණේ මේ විරෝධය ආරම්භයේ සිටියේ අවට ප්‍රදේශවාසීන් බහුතරයක් බවය. එහෙත් විරෝධතාවය පැතිරෙත්ම වෙනත් ප්‍රදේශවලින් පිරිස් එම ස්ථානයට පැමිණෙමින් සිටිය බව වාර්තා විය.
කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපතිවරයා සිටියේ නිවසින් බැහැරවය. ඔහු ශ්‍රැංගිලා හෝටලයේ උත්සවයකට සහභාගී වෙමින් සිටියේය.
විරෝධය පාලනය කරගත නොහැකි තැන දැවැන්ත ජල ප්‍රහාරයක් සමග කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට කැරළි මර්ධන නිලධාරීන් කටයුතු කළේය. එම ප්‍රහාරයත් සමග ජනතා කෝපයත් ඉහළ ගියේය. පිරිස් තමන් වෙත එල්ලවන කඳුළු ගෑස් මෙන්ම ගල් මුල් ප්‍රහාර ද පොලිසියට එල්ල කළේය.
තත්වය පාලනය වෙමින් ඇත.
Discussion about this post