ජාතික අභිමානය ලෝකයට රැගෙන ගිය කීර්තිමත් පිහිනුම් ශූරයක් මෙන්ම සමාජ ක්‍රියාධරයෙක් වන ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් අරගලයට අදාළ ප්‍රශ්න කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබ තිබේ.
ඒ අනුව ඔවුන්ට හෙට (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
එම ආරංචි මාර්ගවලට අනුව පසුගිය ජූලි මස 09 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙසේ ජුලියන් බෝලිං අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බව සඳහන් වේ.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට විදේශ ගමන් වළක්වමින් තහනමක් පනවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කිරිමට කටයුතු කළ පුද්ගලයන් අතරින් ජුලියන් බෝලි ද කෙනෙකි.