බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිටසක්වල ජීවීන් අප අතරම සිටින බව හාවඩ් පර්යේෂකයන් කියයි !

by lankasara-editor
ජූනි 14, 2024 - Updated on ජූනි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

හාවඩ් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පර්යේෂකයන් පිරිසක් සිදුකළ නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ පිටසක්වල ජීවීන් අප අතරම, බොහෝ විට පොළොව යට හෝ සඳ මත ජීවත් වීමට හැකියාව තිබෙන බවයි.

තවම සම-සමාලෝචනය කර නොමැති එම පර්යේෂණ වාර්තාවේ සඳහන් වන්නේ හඳුනා නොගත් පියාසර වස්තූන් (UFOs) ලෙස ඇතැම් අවස්ථාවල ඇස ගැටුනු යානා පිටසක්වල ජීවීන් විසින් පෘථිවියේ වෙසෙන ඔවුන්ගේ පිටසක්වල මිතුරන් හමුවීමට පැමිණෙන පිටසක්වල යානා විය හැකි බවයි.

එසේම එම හඳුනා නොගත් පියාසර වස්තූන් සහ පිටසක්වල ජීවීන් ලෙස හඳුන්වන, හඳුනා නොගත් විෂම සංසිද්ධි (UAP) වෙත මිනිසුන් අතර ඇවිදීමට පවා හැකියාව පවතින බව සඳහන්.

පසුගිය දශකයටත් වැඩි කාලයක් පුරා විවිධ අවස්ථාවල දී ලොව බොහෝ රටවල සේවයේ නියුතු හමුදා නිලධාරීන් හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳව සහ ඒවාගේ පැහැදිලි කළ නොහැකි දර්ශන පිලිබඳව වාර්තා කර තිබෙනවා.

විවිධ අවස්ථාවල හමුවූ හඳුනා නොගත් පියාසර වස්තූන්

ඒ අනුව ඒවා කුඩා කක්ෂවල සිට විශාල යාත්‍රා දක්වා ප්‍රමාණයෙන් ගෝල, තැටි, ත්‍රිකෝණ සහ වෙනත් හැඩ ඇතුළු විවිධ ආකාරවලින් වාර්තා වී තිබෙනවා. දිශාවේ හදිසි වෙනස්වීම්, අධික වේගය සහ පෙනෙන ප්‍රචාලන පද්ධති නොමැතිව සැරිසැරීමට ඇති හැකියාව එහි විශේෂත්වය වනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පර්යේෂකයන් මෙම පර්යේෂණයට අදාළ වාර්තාවේ පිටසක්වල ජීවීන් අප සමඟ, එනම් මිනිසුන් සමග ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව න්‍යායන් හතරක් ඉදිරිපත් කර තිබෙනවා. ඉන් පළමුවැන්න  මානව ගුප්ත භූගෝලීය න්‍යායයි. එනම් කෙසේ හෝ රහසිගතව දිවි ගලවා ගත් අපට වඩා තාක්‍ෂණිකව දියුණු පැරණි මානව ශිෂ්ටාචාරයක් තිබිය හැකි බවයි. දෙවන න්‍යාය නම් පෘථිවියේ රහසිගතව පරිණාමය වූ තාක්‍ෂණිකව දියුණු, මානව නොවන ශිෂ්ටාචාරයක් පවතින බවයි. තුන්වැන්නෙන් ඔවුන් සඳහන් කරන්නේ අනාගතයේ සිට පැමිණ පෘථිවියේ රහසිගතව ජීවත් වන පිටසක්වල ජීවීන් හෝ මිනිසුන් සිටින බවයි.

හතරවන න්‍යායෙන් පර්යේෂකයන් යෝජනා කරන්නේ  සුරංගනාවන්, ජර්මානු ජනප්‍රවාදවල සඳහන් මානවරූපී අද්භූත ජීවි විශේෂයක් වන එල්ව්ස්, ග්‍රීක මිථ්‍යාවන්හි සඳහන් වන සාමාන්‍යයෙන් ගස් වැනි සාරවත්, වැඩෙන දෑ සමඟ හෝ ජලය සමඟ සම්බන්ධ වන නිම්ෆ් වැනි හෝ ඊට සමාන ජීවීන් සිටින බවයි.

කෙසේ වෙතත් මෙම අවසාන න්‍යාය පිලිබඳව බොහෝ විද්‍යාඥයින් විවිධ මත පලකර තිබෙනවා. පිටසක්වල ජීවීන් පිළිබඳ විශ්වාසය තහවුරු කළ හැකි නමුත් සුරඟනන් පිළිබඳ වන අදහස සැක සහිත බවත් ඔවුන් දක්වා තිබෙනවා.

බොස්ටන් විශ්ව විද්‍යාලයේ විදුලි හා පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය සහ අභ්‍යවකාශ භෞතික විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝෂුවා සෙමීටර් මේ සම්බන්ධව අදහස් දක්වා තිබෙන අතර ඔහු සඳහන් කර ඇත්තේ තාක්ෂණ විද්‍යාඥයෙකු වශයෙන් ඔහුගේ අනුමානය, යම් ආකාරයක දියුණු තාක්‍ෂණයක් ක්‍රියාත්මක විය හැකි බව නමුත් එය මානව තාක්‍ෂණය බව ඔහුගේ විශ්වාසය බවයි. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැනි අභිරහසක් විසඳන විට විවෘත මනසක් තබා ගැනීම වැදගත් බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වාහන ආනයනයට රජය IMF අනුමැතිය ඉල්ලයි!

Next Post

කොමිෂන් සභා 03ක නිර්දේශ ක්‍රියාත්මක නොකර ජනාධිපති පාස්කු ප්‍රහාර විමර්ශනයට තවත් කමිටුවක් පත් කරන කරන්නේ දේශපාලන විහිලුවක්… කතෝලික සභාව දන්වයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.