බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිච් එක මැද පැදුරක් දාගෙන බූරු ගැසීම මීට වඩා යහපත් බව අපට නොසිතේවා!

by editor
මැයි 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

පසුගිය වසරේ පැවති LPL තරගාවලියේ ‘දඹුල්ල අවුරා’ කණ්ඩායමේ හිමිකරු ලෙස කටයුතු කලේ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගලය. තාඹුගල මෙම වසරේදී එම කණ්ඩායමේ හිමිකාරිත්වයෙන් ඉවත් විය. ක්‍රිකට්වලට සම්බන්ධයක් නැතත්  මේ වනවිට මුල්‍ය වංචා චෝදනාවක් මත ඔහු ඉන්නේ හිරේය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙවර දඹුල්ල කණ්ඩායමේ නව හිමිකරුවන් ලෙස ඉම්පීරියල් ස්පෝර්ට්ස් ගෲප් සමාගම ගිවිසුම් ගතවිය. එම සමාගමේ සම හිමිකරුවන් වන්නේ බංගලාදේශ ජාතිකයින් වන තමීම් රෙහෙමාන් සහ ගලාම් රාකීබ්ය.

දඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය දරන බ්‍රිතාන්‍ය පුරවැසි භාවය ද සහිත තමීම් රෙහෙමාන් ද මේ වනවිට ඉන්නේ හිරේය.  දඹුල්ල කණ්ඩායමේ පෙර හිමිකරු සහ වත්මන් හමිකරු එකම දිනයක හිරේට යෑම එක අතකින් දෛවෝපගතය.

තමීම් රෙහෙමාන් හිරේ වැටීම

තම්මි රෙහෙමාන් මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින්…

පෙරේදා පැවති ක්‍රීඩක වෙන්දේසියට එක්වී මාධ්‍ය හමුවක්ද පවත්වා ඊයේ කටුනායක ගුවන්තොටුපලින් රටින් පිටවීමට ගිය අවස්ථාවේ දී  ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසින් තමීම් රෙහෙමාන්   අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් ලැබුවේය.

ඊයේ (22) අධිකරණය ඉදිරියේ පෙනී සිටිමින් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවේ කරුණු ඉදිරිපත් කරන්නේ කිසිවෙක්  අපේක්ෂා නොකළ ආකාරයේ කරුණු සමුදායකි.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

නීතිඥවරයා අධිකරණයට කීවේ   කණ්ඩායමට තමන්ට අවශ්‍ය ක්‍රිඩකයින් තෝරාගෙන දඹුල්ල කණ්ඩායම හරහා මහා පරිමාණ පාවාදීමක් කිරීමට චුදිත දඹුල්ල කණ්ඩායම් හිමිකරු සැලසුම් කර තිබුණු බවය.

අධිකරණයෙන් ඇසුන ඒ බිහිසුණු කතාව  බිබීසී ය  වාර්තා කර තිබුණේ මෙසේය.

” ස්වාමීනි…. ඉදිරියේදී පැවැත්වීමට නියමිත එල් පී එල් ක්‍රිකට් තරගාවලියේදී සිදුකිරීමට නියමිතව තිබූ මහා පරිමාණ තරග පාවාදීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා”

“මෙම සැකකරු මෙම සිද්ධියේ පැමිණිලිකරු සමග දීර්ඝ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. ”

“එසේම ඉකුත් අප්‍රේල් මස 22 වනදා මෙම සැකකරුගේ නියෝජිතයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැමිණිලිකරු හමු වී තිබෙනවා.”

“හමුවී තරග පාවාදීම සිදුකරන ආකාරය පිළිබඳව පැමිණිලිකරු සමග සාකච්ඡා කර තිබෙනවා. ඊට අදාළ සියලු හඬ පට ද විමර්ශකයින් සතුව පවතිනවා.”

“දඹුල්ල කණ්ඩායමට තමන්ට අවශ්‍ය ක්‍රීඩකයින් යොදාගෙන එල්. පී.එල් තරඟාවලියේදී තමන්ට අවශ්‍ය ආකාරයට තරග පාවාදීම් කටයුතු සිදු කිරීම මෙම සැකකරුගේ අරමුණ වී ඇති බව විමර්ශනවලදී පෙනී ගියා.”

“තමා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් රැගෙන ආ බවත් සැකකරු සඳහන් කර තිබෙනවා” රජයේ නීතිඥ උදාර කරුණාතිලක අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරණු ලැබිය.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතේ 05 සහ 06 යන වගන්තිය යටතේ මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් අතර සිද්ධියට අදාළ විමර්ශන අවසන් වී නොමැති නිසාත් තව දුරටත් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන නිසාත් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටින ලදී.

රජයේ නීතිඥවරයා තවත් ඉල්ලීමක් අධිකරණයට ඉදිරිපත් කරමින් අයැද සිටියේ මෙම නඩුකරයේ පැමිණිලිකරුගේ අනන්‍යතාවය සහ ඊට අදාළ ලේඛන සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ රහසිගත ලෙස අධිකරණය භාරයේ තාවකාලිකව රඳවා ගන්නා ලෙසය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාල ලේඛන මීළඟ නඩු දිනය දක්වා අධිකරණයේ ආරක්ෂිත සේප්පුවේ රඳවා තැබීමට ද නියෝග කරන ලදී.

අරුම පුදුම ක්‍රීඩක වෙන්දේසි

මෙම ක්‍රීඩක වෙන්දේසිය සම්බන්ධව බීබීසි ය විශේෂ හෙළිදරව්වක් කර තිබිණි.  ඒ හෙළිදරව්ව මුලින්ම සිදුකළේ ලංකාසර විසිනි.

මෙවර LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී තිබුණේ නැත.

එමෙන්ම බංගලාදේශ කණ්ඩායම නියෝජනය කරන මුෂ්ෆිකර් රහීම්, තමීම් ඉක්බාල්, තව්හිඩ් හිර්දොයි, නජ්මුල් හුසේන් ෂන්ටෝ, රිෂාඩ් හුසේන් ද ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි නොවිය.

පකිස්ථාන ක්‍රීඩක ෂොයිබ් මලික් සහ ෂෆ්රාස් ඛාන් ද ක්‍රීඩක වෙන්දේසියේ දී  අලෙවි වී නොතිබිණි.

නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් වැනි ක්‍රීඩකයින් ද ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි නොවු ක්‍රීඩකයින් අතර සිටියි.  වෙන්දේසියේ මුල් වටයේ දී ශ්‍රී ලංකා සුපරි ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ද ලන්සුවක් නොවීය.  මේ වනවිට විශ්‍රාමික ක්‍රීඩකයන්ගේ  කණ්ඩායම් සමග “ලෙජන්ඩ්” ලාගේ තරගවලට සහභාගීවන ඉසුරු උදාන ඩොලර් ලක්ෂයකට අලෙවි වීම පිළිබඳව ක්‍රීඩා ලෝලීන් මවිත වන්නේ මේ පසුබිමේ දී ය. මුන් මේ ක්‍රිඩකයින් තෝරන්නේ ක්‍රිකට් ගහන්නට බේබි කපන්නට දැයි   ක්‍රීඩා ලෝලී අපට හිතෙන්නේ මේවා දකින විටය.

ක්‍රීඩක වෙන්දේසිය පසුපස සිටින පුද්ගලික පුහුණුකරුවන් කීප දෙනෙක් ක්‍රීඩකයින්ගේ අල්ලස් ලබාගෙන ඔවුන්ව  වෙන්දේසියේ දී මිලදී ගැනීමට පොළඹවන ආකාරය ගැන කියැවිනි.  ගෙඩි පිටින් තරගය පාවාදෙන්නට ගොස් දඹුල්ල තන්ඩර්ස් හිමිකරු අත් අඩංගුවට පත් වන්නේ ඒ අතරය.

දඹුල්ල තන්ඩර්ස්හි  හිමිකාරිත්වය වෙනස් කිරීම

තරග පාවාදීමට සැලසුම් කළ හිමිකරු හිරේ ගිය විට දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන ඉම්පීරියල් ස්පෝර්ට්ස් ගෘෘප් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදී ඉන් ඉවත් කිරීමට දැන් තරග සංවිධායකවරුන් විසින් තීරණය කර ඇත.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංවිධායකත්වය මෙන්ම සන්නාම හිමිකාරිත්වය දරනු ලබන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් FZE හෙවත් IPG සමාගම නිවේදනයක් නිකුත් කරමින් අද උදේ  මේ බව නිවේදනය කලේය.

LPL තරගාවලියේ 05 වන අදියර පෙර සැලසුම් කළ පරිදි ඉදිරියේ දී පැවැත්වෙන බවත් දඹුල්ල කණ්ඩායම සඳහා වූ නව හිමිකරුවන් පිලිබඳව ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේය.

තරගාවලිය තව තිබෙන්නේ ආරම්භක අවස්ථාවේය. තවත් බොහෝ හෙළිදරව්වීම් ඉදිරියේ දී සිදුවනු ඇති බවට ඉඟි පලවෙමින් තිබේ. ක්‍රීඩා ලෝලීන් ලෙස අපට ඇත්තේ එකම ප්‍රාර්ථනාවක්ය.

පිච් එක මැද පැදුරක් දාගෙන බූරු ගැසීම මීට වඩා යහපත් බව අපට නොසිතේවා!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි ජනකයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පියා සහ පුතු නිදි යහනේදීම මරුට…

Next Post

ඉදිරි පැය 36 තුළ තද වැසි… කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව නිවේදනය කරයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.