පානදුර පිංවත්තේ දී නාඳුනන ඝාතකයෙකුගේ වෙඩි පහරින් මිය ගිය කෝටිපති ව්‍යාපාරික අනුරාධ සම්පත් කුඩාගොඩ (57) ගේ ඝාතන සිද්ධිය සම්බන්ධ මූලික විමර්ශනවලදී ඔහුට ඉතාම සමීප පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් ඇතැයි විමර්ශන අංශ පවසයි.
කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති මෙම ඝාතනයට පුද්ගලික ජීවිතයේ ආරවුරලක් මුල් වී ද යන්න සම්බන්ධව විමර්ශන අංශවල අවධානය යොමු වී ඇත.
මෙම ව්‍යාපාරිකයා විවාහ කීපයක් සිදුකරගෙන ඇති අයෙක් බවත් පානදුර පිංවත්තේ ඔහු විසින් ඉදිකරමින් ඇති විශාල නිවස ඔහුගේ එක් එක් බිරියක් වෙනුවෙන් ඉදිකරන්නක් බවත් හෙළි වී තිබේ.
මේ නිවාසය ඉදිකිරීම සම්බන්ධව ද ආරවුලක් තිබී ඇති බව මූලික විමර්ශනවල දී හෙළි වී ඇත.
පැති කීපයක් ඔස්සේ විමර්ශන කණ්ඩායම් කීපයක් විමර්ශන කටයුතු මෙහෙයවමින් ඇත.