මෙරට පැතිර යන්නේ මාරක වැඩිදියුණු කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයක් දැයි සොයන පරීක්ෂණ වාර්තාව සතියකින් නිකුත් කරන බව මහාචාර්ය නීලිකා මලවිගේ සහ ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රමුඛ ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයීය පර්යේෂණ කණ්ඩායම මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.
කොළඹින් සියයට සීයක්ම කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වන ආකාරයත්, පිට පළාත් ආසාදනය කළ කොවිඩ් ඇල්ෆා ප්‍රභේදය දුර්වල කරමින් ඩෙල්ටා ප්‍රභේදය පැතිර යන බවත් එම පර්යේෂණ කණ්ඩාය අනාවරණය කර ඇත.
මේ වනවිට බ්‍රිතාන්‍ය කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඇල්ෆා ප්‍රභේදයට සාපේක්ෂව රෝගීන් රෝහල්ගත කිරීම දෙගුණයකින් වැඩිවන බවය.