බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු වන්දි නඩුව ඉවත් කරන්නැයි හිටපු ජනපති මෛත්‍රීගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි…

by editor
ජනවාරි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් තමන්ට වන්දි අයකර දෙන ඉල්ලා ගොනු කර ඇති නඩුව විභාගයට නොගෙන නිශ්ප්‍රභ කර  තමන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද ( 07) නියෝග කළේය.

මෙම නියෝගය ලබා දුන්නේ කොළඹ අතිරේක දිසා විනිසුරු චතුරිකා ද සිල්වා විසිනි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   ඇතුළු වගඋත්තරකරුවන් 05 දෙනෙකුගෙන් රුපියල් මිලියන 900ක  වන්දි මුදලක්  ඉල්ලා  කොළඹ දිසා අධිකරණයේ  නඩු 102 ක් ගොනු කර තිබිණි.

එහි පළමු විත්තිකරු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කර තිබූ අතර සෙසු විත්තිකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන නම් කර තිබිණි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

අවසන් වරට මෙම  නඩුව කැඳවනු ලැබුවේ පසුගිය නොවැබර් 29 දාය.   එදින නඩුව කැඳවනු ලැබුවේ   පළමු විත්තිකරු වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නීතිඥයින් විසින් ගොනු කරනු ලැබු මෝසමකට අනුවයි.

එහිදි කරුණු දක්වමින් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා   කියා සිටියේ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට කොළඹ දිසා අධිකරණයට අධිකරණමය බලයක් නොමැති බවයි.

එසේම මෙම පැමිණිල්ල තුළ සිවිල් නඩු විධාන සංග්‍රාහයේ ප්‍රතිපාදනවලට අනුකූල නඩු නිමිත්තක් හෙළිදරව් කර නොමැති බැවින් මෙම පැමිණිල්ල මුල් අවස්ථාවේදීම සලකා බැලීමකින් තොරව නිශ්ප්‍රභ කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

අනතුරුව එම ඉල්ලීමට සිය විරෝධය පල කරමින් වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා   කියා සිටියේ සිවිල් නඩු විධාන සංග්‍රාහයට අනුව මුල් අවස්ථාවේදීම පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටීමට විත්තිකරුවෙකුට ප්‍රතිපාදන නොමැති බවයි.

නඩුව පවරා ඇති ආකාරය පිළිබද දෝශ සහගත තත්ත්වයක් වේ නම් ඒ පිළිබද පුර්ව නඩු විභාග අදියරේදි සලකා බැලීමට හැකි වන සේ ලිඛිත දේශන යොමු කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

ඒ අනුව වින්දිතයන්ගේ පැමිණිලි මුල් අවස්ථාවේදිම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රතිපාදන නොමැති බැවින් පුර්ව විභාග අවධියේදි විත්තියේ කරුණු සලකා බලන ලෙස ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා  ඉල්ලා සිටියේය.

කරුණු සලකා බැලු අතිරේක දිසා විනිසුරු අද ( 07)   මේ සම්බන්ධයෙන් වූ නියෝගය ලබාදෙන බව නඩුවේ පාර්ශවකරුවන්ට දැනුම් දුන්නේය.

එම නියෝගය නිකුත් කරමින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් තමන්ට වන්දි අයකර දෙන ඉල්ලා ගොනු කර ඇති නඩුව විභාගයට නොගෙන නිශ්ප්‍රභ කර  තමන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද ( 07) නියෝග කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෝලිමේ සිට හෝ පාන් ගෙඩියක් ගන්න බැරිවේවි! බේකරි හිමියන්ගේ අනතුරු ඇඟවීම….

Next Post

චීන කුණු පොහොර ටිකට ඩොලර් වන්දිය ගෙවයි!.. වන්දිය ඩොලර් හැට හත් ලක්ෂ අනූ දාහයි…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.