සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාර නඩුවට අත් අඩංගුවට ගත් හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලෙයි කවුද?… ඔහුට ඇති චෝදනා මොනවා ද?

by editor
පෙබරවාරි 25, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

250කට අධික පිරිසකට ජීවිත අහිමි කරමින් 2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි අත්අඩංගුවට ගෙන තිබේ.

අද (25) උදෑසන පෑලියගොඩ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ   විශේෂ කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ කවුද?

ඉස්ලාමීය අන්තවාදීන් විසින් පල්ලි සහ සංචාරක හෝටල් ඉලක්ක කර එල්ල කළ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 දෙනෙකු මියගිය අතර සිය ගණනක් තුවාල ලැබූහ.  මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්  සුරේෂ් සලෙයිට එරෙහිව මීට පෙරද විවිධ චෝදනා එල්ල වී තිබුණි.  දැනට පවතින විමර්ශනවලට අනුව, බුද්ධි තොරතුරු හිතාමතා වසන් කිරීම හෝ ප්‍රහාරකයන්ට මඟ පෙන්වීම සම්බන්ධයෙන් ඔහු වෙත ප්‍රබල සැකයක් මතු වී ඇත.

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයිගේ වෘත්තීය ජීවිතය ප්‍රධාන වශයෙන් යුද හමුදා බුද්ධි අංශය වටා ගොඩනැගුණකි. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද බුද්ධි බලකායේ (Military Intelligence Corps) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කළ අතර, 2016 වසරේදී යුද බුද්ධි අංශයේ අධ්‍යක්ෂ (Director of Military Intelligence) ලෙස පත් විය. ඉන් අනතුරුව ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සහ පසුව ඉන්දියාවේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස රාජ්‍යතාන්ත්‍රික සේවයේ ද නිරත විය. පාස්කු ප්‍රහාරය සිද්ධ වන්නේ ඔහු රාජ්‍ය තාන්ත්‍රික සේවයේ යෙදී සිටි වකවානුවේදී ය.

ඔහුගේ වෘත්තීය ජීවිතයේ වඩාත්ම කැපී පෙනෙන සහ ආන්දෝලනාත්මක පත්වීම සිදු වූයේ 2019 ජනාධිපතිවරණයෙන් පසුවය. 2019 දෙසැම්බර් මාසයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විසින් ඔහුව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂවරයා ලෙස පත් කරන ලදී. සිවිල් නිලධාරියෙකු යටතේ පැවති මෙම ආයතනය මෙහෙයවීමට හමුදා නිලධාරියෙකු පත් කළ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක් විය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

විශේෂයෙන් සටහන් කළ යුතු වන්නේ ඔහුගේ  වෘත්තීය ජීවිතය ජාත්‍යන්තර මට්ටමේ දැඩි විවේචන සහ චෝදනා මධ්‍යයේ ගෙවී ගිය එකක් වීමය. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි ජාත්‍යන්තර ආයතන මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ බුද්ධි අංශ මගින් සිදු කළේ යැයි කියන අයුතු බලපෑම් සම්බන්ධයෙන් ඔහුගේ නම කිහිපවිටක්ම සඳහන් විය.

2022 වසරේදී එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය නිකුත් කළ වාර්තාවල පවා, මෙරට සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් නිරීක්ෂණය කිරීම හා ඔවුන්ට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ වගකීම ප්‍රශ්න කර තිබුණි.

මීට අමතරව, 2023 වසරේ චැනල් 4 නාලිකාව එල්ල කළ මාරාන්තික චෝදනාවලින් කියැවුණේ පාස්කු ප්‍රහාරය මෙහෙයවූවන් සමඟ ඔහු රහසිගත සබඳතා පැවැත්වූ බවයි. සලෙයි මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පවා උත්සාහ කළද, ජාත්‍යන්තර ක්ෂේත්‍රය තුළ ඔහු කෙරෙහි පැවති සැකය මුළුමනින්ම ඉවත් නොවීය.

විශේෂයෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ වින්දිතයන්ගේ පාර්ශවයන් දිගින් දිගටම පෙන්වා දුන්නේ, ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම පාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාධීන පරීක්ෂණ පැවැත්වීමට බාධාවක් බවයි. මේ හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සහ දේශීය සිවිල් සංවිධාන ඔහු ධුරයෙන් ඉවත් කර අපක්ෂපාතී විමර්ශනයක් පවත්වන ලෙස වසර ගණනාවක සිට බලපෑම් එල්ල කර තිබුණි.

මේ තත්ත්වය තුළ  ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රජය සුරේෂ් සලෙයිට සිය ධූරයෙන් ඉවත් වෙන ලෙස දැන්වූයේය. ඔහු එය ප්‍රතික්ෂේප කළ පසු    2024 ඔක්තෝබර් මාසයේදී සුරේෂ් සලෙයි සිය ධුරයෙන් ඉවත්  කිරිමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

මෙම අත්අඩංගුවට ගැනීම හරහා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාවලිය නව වේගයකින් ඉදිරියට යනු ඇතැයි විචාරකයෝ විශ්වාස කරති.   ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී ප්‍රහාරයේ තිරය පිටුපස වූ තවත් රහස් රැසක් හෙළිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

යුක්තිය අපේක්ෂාවෙන්

අත්අඩංගුවට ගැනීමට අදාළ නිශ්චිත චෝදනා හෝ ඉදිරිපත් වී ඇති සාක්ෂි පිළිබඳව බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. කෙසේ වෙතත්, වින්දිතයන්ගේ පවුල් සහ සිවිල් සංවිධාන දිගු කලක සිට ඉල්ලා සිටින සාධාරණත්වය ඉටු කිරීම සඳහා වත්මන් පරිපාලනය ගෙන යන පුළුල් වැඩපිළිවෙළෙහි කොටසක් ලෙස මෙය සැලකේ.

විවිධ විමර්ශන කොමිෂන් සභා සහ ජාත්‍යන්තර පරීක්ෂණ මධ්‍යයේ ඇදී ගිය මෙම නඩුකරය, සුරේෂ් සලෙයිගේ අත්අඩංගුවට ගැනීමත් සමඟ නව මුහුණුවරක් ගනු ඇතැයි විශ්වාස කෙරේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සමුගත්තේ මිනිසෙක් නොව යුගයක්…

Next Post

වහාම එක් විය යුතුයි… විපක්ෂ දේශපාලන පක්ෂ රනිල්ව හමුවෙයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.