පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ අනාවරණයවන කරුණු මත ජාත්‍යාන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි
“ චැනල් ෆෝ වලින් කියපු දේ එකපාරටම අහක දාන්නත් බෑ. ඒක සීයට සීයක් හරිද කියලා දැනට කියන්නත් බෑ. නමුත් චැනල් ෆෝ වලින් හෙළිකරපු දේ පිළිබඳව ජාත්‍යාන්තර පරීක්ෂණයක් කරනවා නම් තමයි හොඳ.
“ මොකද මෙහේ කාටවත් ඔය ගැන පරීක්ෂණ බාර දිලා හරියන්නේ නෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ප්‍රකාශයක් කරලා තියනවා චැනල් ෆෝ හෙළිදරව්ව පිළිබඳ පරීක්ෂණයක් කළ යුතුයි කියලා.
“ ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයත් කියන ආකාරයට ජාත්‍යාන්තර හෙළි දරව්වක් කිරීම හොඳයි කියන එකයි මගේ අදහස.””
හිටපු ජනාධිපතිවරයා කීවේය.
පාස්කු ප්‍රහාරය ගැන ලංකාවේ මෙතෙක් කළ පරීක්ෂණ පැහැදිලිවම සාර්ථක නැති බවත් ඔහු සහතික කළේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව අධිකරණයෙන් දණ්ඩනයට ලක් වූ පුද්ගලයෙකි.