බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු අයිසීස් එකේ හොයන්න එපා… ඔහු ඉන්නේ අප අතර – ආචාර්ය දයාන් ජයතිල…

by editor
සැප්තැම්බර් 7, 2023
in පුවත්
Dayan-J
Share on FacebookShare on Twitter

ආචාර්ය දයාන් ජයතිලක අවස්ථානුරූපීව සිය දේශපාලන ස්ථාවරය වෙනස් කරමින් සංකීර්ණ හැසිරීමක් රූපණය කළ විද්වතෙකි. රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් බහුල වෘත්තිකයෙකි.  ඔහු සතු විශේෂ අත්දැකීම් සම්භාරය රාජ්‍ය තාන්ත්‍රික පරිචය,  සම්බන්ධතා මෙන්ම දේශපාන විචාරයට සෑම කලකම වටිනාකමක් තිබුණේය.

ඊයේ (06) දයාන් ජයතිලක හිරු ටීවි. රූපවාහිනයේ ඩිලාන් මායාදුන්නේ සමග අතිශයින්ම වැදගත්  විශේෂ සංවාදයකට එක් වෙමින් චැනල් ෆෝ නාලිකාවෙන් ප්‍රකාශිත වැඩසටන නිසා රට මුහුණ දී ඇති තත්වය පැහැදිලි කරමින්  විශේෂ කරුණු කීපයක් හෙළි දරව් කළේය. එහිදී ආචාර්ය දයාන් ජයතිලක වැදගත් කතාවක් කීවේය.

ඒ කතාව මෙසේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වනවිට මම මොස්කව් නුවර හිටියෙ.  ඒ වනවිට මම රුසියාවෙ  ශ්‍රී ලංකා තානාපති. එහිදී මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ  සංවාදයට ගෝචර සිද්ධි දෙකක් එතන සිද්ධ වුනා.

ඛන්නා අහපු ප්‍රශ්නය

පළවෙනි එක 2019 ජූනි මාසයේ. මම ඒ අයගේ ආරාධනාවෙන් සහභාගී වුනා ඌෆා කියන නගරයේ පැවැත්වූ  ජාත්‍යාන්තර ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන්ගේ සමුළුවකට.  ලංකාවෙන් ආවා අනුරාධ විජේරත්න කියලා ආරක්ෂක නියෝජ්‍ය ලේකම්වරයෙක්. ඒක කළේ රුසියානු ආරක්ෂක මණ්ඩලයේ සභාපති නිකුලස් පෙටෘෂෙක්.  ඒ අයගේ ඉල්ලීමට මට තමයි කිව්වේ සමුළුව අමතලා කතා කරන්න කියලා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ අවස්ථාවට රට රටවලින් ආවා. ඇමරිකාවෙනුත් ආවා. ඒක රටවල් 193කින් රටවල් සියයකට වඩා රටවල  ඉහළ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂක සමුළුවක් ඒක.

මේ සමුලුවට ආවා මෝදි අගමැතිවරයාගේ ජාතික ආරක්ෂක  නියෝජ්‍ය උපදේශක රාජින්ද ඛන්නා. මම එයාව දන්නේ මම පැරිසියේ තානාපති ලෙස වැඩ කරද්දි ඔහු ඉන්දියානු තානාපති කාර්යාලයේ දෙවැනියා ලෙස හිටියා නිසා.

එයයි මමයි දෙන්නම සමුළුවෙ කතා කළා.  එහිදී ඒ සියලුම ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන්ට ඇහෙන්න රාජින්ද  ඛන්නා ඔහුගේ කතාවේ කිව්වා අපි ලංකාවේ අදාල අංශවලට     දැනුම් දුන්නා පාස්කු ඉරුදින මේ ප්‍රහාරය සිද්ධ වෙන්න යනවා  කියලා. ඔහු ඇහුවා ඇයි ඒ ගොල්ල මුකුත් ඒ ගැන  නොකළේ කියලා. ඔහු ඒ ගැන මගෙන් පුද්ගලිකවත් ඇහුවා. ඒත් මම අතිශයින්ම කම්පා වුනා ලෝකය ඉන්න ඔක්කොටම ඇහෙන්න ඔහු එහෙම ඇහුවාම. ඒ ප්‍රශ්නයට තාම පිළිතුරක් ලැබිලා නෑ. ඒ ප්‍රශ්නයට ලැබෙන පිළිතුර අනුව තමයි අපිට මේ චැනල් ෆෝ ප්‍රශ්නයෙ ප්‍රතිචාරය සහ ප්‍රතිරාවය සීමා කරන්න පුලුවන්.”

ලංකාවෙ කතෝලික පල්ලිය කියන්නෙ ලෝකයේ පුරණම සහ විශාලම ජාත්‍යාන්තර සංවිධානයේ ලාංකික ඛාණ්ඩය. වතිකානුව සහ කතෝලික පල්ලිය තමුන්ගේ ජනතාව වෙනුවෙන් කරන්න පුලුවන් හැම දෙයක්ම කරයි. ඒකට මුහුණ නොදී මේ ප්‍රශ්නය විසඳා ගන්න ඕනනම් ඉන්දියාවේ රාජින්ද ඛන්නා අහපු ප්‍රශ්නයට අපි උත්තර දෙන්න ඕන.

දැන් ලංකාවෙ කොමිෂන් සභාවෙ  වාර්තාව අනුව නම් කරලා තියනවා නිලධාරීන් පස් දෙනෙක්. එක්කෙනෙක් නෙමෙයි. පස් දෙනෙක් මේක ගැන දැනගෙන හිටියා කියලා. දරුණු වැස්සක් වෙන්න ගියත්, වතුර කැපුවත් අපි අපේ දන්න කියන අයව ඒ ගැන දැනුම්වත් කරනවා.

මේ මිනිස්සුන්ගේ රස්සාව ඕක. ඒ කියන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිද්ධ වෙන්න යනවා නම් හැමෝටම ඒක කියන එක.  පස් දෙනෙක් මේක වාර්තා කළේ නෑ. එක්කෙනෙක් නම් හිතන්න පුලුවන් එයා නිදාගෙන හිටියා කියලා. ඒත් පස් දෙනෙක්… එකම රස්සාව කරන කට්ටිය. ශ්‍රි ලංකා ආරක්ෂක ක්ෂේත්‍රයේ එක්තරා මට්ටමක ආරක්ෂක/ බුද්ධි සේවයෙ පස් දෙනෙක්.

පස් දෙනෙක්ම මේවගේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන තොරතුරක් ඉන්දියාවෙන් සැලවුනාම ඕක ගැන ඝණ්ටාරය ගහන්න ඕන නේද.  ඒ ගැන ඇහුවාම එක එක දේවල් කියනවා.

මෙතන නේ ප්‍රශ්නය. පිටරකින් තොරතුරක් දුන්නට පස්සේ එකම රස්සාව කරන  පස් දෙනෙක් මේක හරි තැන්වලට දැනුම් දුන්නේ නැතිනම්, මුකුත් කළේ නැතිනම් වෙන්න ඉඩ දුන්නා නම් ඒකට හේතුව මොකක් ද?, ඒකට ලැබෙන යුක්තිය මොකක් ද?

අයිසීල් නෙමෙයි

ඌෆාවලදි මහා ආරක්ෂක මණ්ඩලයක් ඉදිරිපිට මේ ප්‍රශ්නය ඇහුවාම නිරුත්තර වෙලා හිටිය මම ඊලඟට දෙයක් කළා. ඇමරිකාව කිව්වට අයිසිල් එක එක්ක ගහගත්තා කියලා ඔවුන්ව සිරියාවෙදි පැරැද්දුවෙ රුසියාව. ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අයිසිල් එකට විරුද්ධව රුසියානු මුළු රාජ්‍යයම ඉහළම වගකීම දරන්නේ හමුදාව නෙමෙයි. විදේශ අමාත්‍යාංශය.

රැසියානු විදේශ අමාත්‍යාංශයත් එක්ක මගේ ඉතාම හොඳ සම්බන්ධකම් තියනවා.   සරි මොරටොග් කියලා විශිෂ්ට ප්‍රධානියෙක් හිටියා විදේශ අමාත්‍යාංශයෙ ඇන්ටි ටෙරරිසම් එකේ ලොක්කා විදිහට. එයා ඉස්සර රුසියානු හමුදාවේ වඩාත් විශිෂ්ට ප්‍රතිත්‍රස්තවාදී  ඒකකයවන ඇල්ෆා කණ්ඩායමට අණ දුන්න නිලධාරියා.  මම එයාව ගිහින් හම්වුනා.

හම්බවෙලා කිව්වා දන්නවනෙ අපේ රටේ වෙලා තියන දේ. දන්න දෙයක් තියනවා නම් මට කියන්න. මම දන්නවා ඔයගොල්ල තමයි අයිසිල් එකට එරෙහිව ලෝකයෙ ඉන්න විශේෂඥයො. කියලා

එයා මට මෙහෙම දෙයක් කිව්වා. සමහර රටවල දේශීය කණ්ඩායම් ඉන්නවා ඇති අයිසිල් එකට වන්දනාමාන කරන, ඒ ගොල්ලන්ට අත වනන කට්ටිය ඉන්නාව ඇති.

නමුත් අපි බැලුවා…  නිල අයිසිල් සංවිධානයෙන් හෝ රටරටවල නිල අයිසිල් සෛලවලින් ලංකාවෙ පල්ලිවලට ගහන්න කියලා මෙහෙම ඕඩරයක් නම් එනවා අපට අහු වුනේ නෑ.  අපි දන්න සැබෑ අයිසිල් සෛලයිකින් හෝ මෙම ඕඩරය ගියෙ නෑ. අයිසිල් එකට මොනව හරි හිතවත්කමක් තියන මොනවා හෝ කණ්ඩායමක් ඕක කළා වෙන්න ඇති.  නමුත් ඒක අයිසිල් නෙමෙයි.

ඒ නිසා අපටත් මෙහෙම ප්‍රශ්නයක් තියනවා. අපි දන්නවා ලංකාවේ සිංහල බෞද්ධ යම් යම් කොටස් හා මුස්ලිම් කොටස් සමග ප්‍රශ්න ඇති වුනා. නමුත් කවදාවත් ලංකාවේ ක්‍රිස්තියානි පල්ලිය හා මුස්ලිම් ජන කොටස් අතර ප්‍රශ්නයක් ඇතිවුනේ නෑ. ඒ හින්දා අපටත් මේක ප්‍රශ්නයක්.

ඒ කියන්නේ ඒ අයටත් ප්‍රශ්නයක් තියනවා. මෙතන සිද්ධ වුන ගුප්ත දෙයක් ගැන ගැටලුවක් තියනවා.

ඒ වගේම මේ ප්‍රශ්නය සාධාරණීකරණය කරන්න පාවිච්චි කරන වීඩියෝ එකක් තියනවා. ඒ වීඩියෝ එකේ අන්තිමට ලෝකයේ අයිසිල් ලොක්කගේ කටහඬින් කියනවා ලංකාවෙත් මෙහෙම දෙයක් අපේ කට්ටියක් කළා කියලා.

මෙයා මට කිව්වා ඒ කටහඬ එනකොට ඔයා හොඳට ඇහුවද එතන පොඩි ගැප් එකක් තියනවා නේද කියලා. මම කිව්වා ඔව් කියලා. අර අයිසිල් ලොක්කගේ මූණ පේන්නෙ නෑ නේද ඕකේ… පේන්නෙ ඔයගොල්ලන්ගෙ කට්ටියගේ.

මම කිව්වා ඔව් කියලා

ඉතින් සමහරවිට ඕක අන්තිම මොහොතෙ එයාගෙ මූණත් පෙන්නන්නෙ නැතිව එයාගෙන් අරගෙන දාගත්තු කෑල්ලක් වෙන්නත් පුලුවන් කියලා.

දැන්  මෙතනදි  චැනල් ෆෝ එකේ වීඩියෝ එකට වඩා   අපේ පැත්තට ඒ පහන හරවා ගන්න ඕන.

මහමොළකරු විදේශිකයෙක් නෙමෙයි. අයිසිල් එක නෙමෙයි මහමොළකරු. එහෙමනම් ඒ මහ මොළකරු හොයන්න වෙන්නේ දේශීය ක්ෂේත්‍රය තුළ.

චැනල් ෆෝ වැඩසටහන හරහා යම්කිසි  උපකල්පනයක් ඉදිරිපත් කරලා තියනවා.  ඒ උපකල්පනය තමයි අහවල් පුද්ගලයා බලයට ගෙනඒම සඳහා කාලයක් තිස්සේ පැවති සම්බන්ධකමක් පාවිච්චි කරනු ලැබුවා.

ඒ උපකල්පනය ගැන මට කියන්න පුලුවන් මෙහෙම දෙයක්. නීතිය සංකල්පයක් තියනවා සාධාරණ සැකය ගැන. චැනල් ෆෝ චිත්‍රපටයෙන් යම් කිසි සාධාරණ සැකයක් ලෝකවාසී ජනතාවගේ විඥානය තුළ රෝපණය කරන්න හැකි වෙලා තියනවා. ඒක අවඥාවට ලක්කරන්න බෑ. එහෙම කළොත් අපි ලොකු ප්‍රශ්නයකට යනවා.”

ආචාර්ය දයාන් ජයතිලක සමග සිදුකළ එම සම්පූර්ණ සාකච්ඡාව පහත දැක්වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඝාතනයක සැකකරුගේ මව ගමන් ගත් බස් රථය හරස්කර නවත්වා වෙඩි තියයි!

Next Post

ඩයනාට එරෙහිව ඕෂල සහ මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ මෝසම විසිවෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.