අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

සියෝන් පල්ලියේ දේවගැතිත් නෑ ලක්ෂ 50ත් නෑ

පාස්කු කොමිසමේදී අනාවරණය වෙයි

by Lanka Sara Editor
ජූනි 26, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයෙන් හානියට පත් මඩකලපුවේ සියෝන් දේවස්ථානයේ ප්‍රධාන දේවගැතිවරයාට රුපියල් ලක්ෂ පනහක මුදලක් අතටම භාරදුන් බවත් මෙම මුදල භාරගත් බවට ලිඛිතව ඉල්ලුවද මෙතෙක් එවැනි ලිඛිත වාර්තාවක් ලැබී නැති අතර රොෂාන් නැමති මෙම ‍දේවගැතිවරයා මේ වනවිට තම බිරිඳ සමඟ කැනඩාවේ පදිංචිව සිටින බව ඊයේ (25) පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය විය.

ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙය් ස්ථාපිත මෙම කොමිසම හමුවේ දීර්ඝ සාක්ෂියක් ලබා දුන් අගරදගුරු පදවියේ සමාජ සුභසාධන ආයතනයක් වන සෙත්සරණ නම් වූ ආයතනයේ අධ්‍යක්ෂ දොන් නිශාන්ත ලෝරන්ස් රාමනායක පියතුමා මේ බව අනාවරණය කළේය.

2019 වසරේ ජුනි මාසයේ දිනක සියෝන් දේවස්ථානය නිරීක්ෂණයට ගිය අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම මුදල් රොෂාන් දේවගැතිවරයා අතට බාර දුන් බවත් අගරදගුරුතුමාගේ අතින්ම එය භාරදුන් නිසා ඒ අවස්ථාවේ දේවගැතිවරයාගෙන් අත්සනක් ලබානොගත්තද පසුව එය ලබාදෙන ලෙස තමන් ඔහුට දැන්වූ බවද පැවසීය.

“එම මුදල් ලබාදුන්නේ කෑෂ් චෙක් එකකින්. පසුව රොෂාන් දේවගැතිවරයාට අපි දැනුම් දුන්නා චෙක්පත ලැබුණු බවට දැනුම් දීමක් අපිට කරන්න කියල.ඒත් එම දැනුම් දීම සිදුවුණේ නැහැ. එම දේවගැතිවරයා සිය භාර්යාවත් සමග දැන් ඉන්නේ කැනඩාවේ. ඔහු වෙනුවට දැන් දේවස්ථානයේ ඉන්න දේවගැතිවරයා කොමිසම හමුවේ මෙයට පෙර පෙනී සිට සඳහන් කර තිබෙනවා, මුදල් ලැබුණේ නැහැ කියල.පසුව අප කැනඩාවේ ඉන්න දේවගැතිවරයා ඇමතුවා ඔහු කීවේ ලංකාවට ආවම මේ ගැන විස්තර දෙන්නම් කියලයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“කෙසේ වුවද ඊට පෙර 2019 මැයි මාසයේදී අගරදගුරුතුමාගේ උපදෙස් මත මාත් තවත් පියතුමන්ලා කිහිපදෙනෙකුත් ස්වාමීන් වහන්සේලා දෙනමකුත් එක්ක සියෝන් දේවස්ථානයට ගියා. ඒ ගිහින් අපි සෙත්සරණ මෙන් එම ප්‍රදේශයේ ඇති එහෙඩ් නැමැති සංවිධානයට ලක්ෂ 50ක මුදලක් ගිණුම්ගත කළා. ඒ අගරදගුරු හිමිපාණන්ගේ උපදෙස් මත. ඒ අයට අපි දැනුම් දුන්නා ප්‍රහාරයෙන් හානිවෙලා තිබෙන දැඩි අවශ්‍යතා බලා ඒ මුදල් බෙදාදෙන්න කියල. රොෂාන් දේවගැතිවරයා අපිට 2019 මැයි 29 වෙනිදා ආරාධනා කළා අපි ලබාදුන් මුදල් හානියට පත්වූ ජනතාවට බෙදන්න එන්න කියල. ආරක්ෂක හේතූන් මත එම ප්‍රදේශයට අගරදගරුතුමාට යන්න දුන්නේ නැහැ. ඒ නිසා මමයි ස්වාමීන්වහන්සේ නමකුයි ගිහින් එම මුදල් හානියට පත්වූ පවුල් වෙත බෙදාදුන්නා. යයිද ඔහු මෙහිදී අනාවරණය කළේය.

Tags: නවතම
Share70Tweet43
Previous Post

අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරමෙක් බවට සැක පිට අරාබි ජාතිකයෙක් අත්අඩංගුවට…

Next Post

හිටපු ජනපතිට මුස්ලිම් සංවිධානයක් දුන් ඩොලර් මිලියන 5 ගැන තොරතුරු නෑ…

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.