බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

රාජ්‍ය බුද්ධි සේවා ලොක්කාගෙන් ආරක්ෂක මණ්ඩලේ හිටපු ලොක්කන්ට අභියෝගයක්

by Lanka Sara Editor
අගෝස්තු 19, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු නොදුන්නා කියනවා නම් තාක්සණික සාක්ෂි දෙන්නම්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර අප්‍රේල් මස 09 දින පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී රාජ්‍ය බුද්ධි සේවය මේ ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශීය බුද්ධි අංශ හරහා ලද තොරතුරු ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් නොකළ බව කවුරුන් හෝ කියන්නේ නම් එය ඉදිරිපත් කළ තහවුරු කිරීමේ තාක්ෂණික සාධක තමන් සතු බව රාජ්‍ය බුදධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමසන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපති කොමිසම හමුවේ ඊයේ 13 වන දිනටත් සාක්ෂි ලබා දුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේ අප්‍රේල් 09 දින පැවති බුද්ධි සමාලෝචන රැස්වීම අවසානයේ යොමු කළ සුළු අවධානයක් හැරුණු කොට තමන් ලබා දුන් වැදගත් බුද්ධි තොරතුර විදේශ බුද්ධි තොරතුර කෙරෙහි විශේෂ අවධානයක් අදාළ රැස්වීමේදි සිදු නොවු බවයි.

කොමිසමේ සාක්ෂි මෙහෙයවූ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් 9 වන දින පැවති බුද්ධි සමාලෝචන රැස්වීමට නිලන්ත ජයවර්ධන මහතා සහභාගී වූයේද යන්නය.

තමන් එයට සහභාගී වූ බවත් එය එදින පෙරවරු 10ට ආරම්භ වූ අතර එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂක ඇතුළු අධ්‍යක්ෂකවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරු අදාළ රැස්වීමට සහභාගි වූ බව නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

විදේශ බුද්ධි අංශයකින් අප්‍රේල් 04 වෙනි දින රාජ්‍ය බුද්ධි සේවයට ලබා දී තිබු පාස්කු ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීමේ පළමු බුද්ධි තොරතුර පිළිබද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු දැන සිටියේද යනන පිළිබඳව ඔහුගෙන් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළ විට නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ තමන් අප්‍රියෙල් මස 7 වෙනිදා දුරකතන ඇමතුමක් මගින් අදාළ බුද්ධි තොරතුර පිළිබද ආරක්ෂක ලේකම්වරයා දැනුම්වත් කර තිබු බැවින් රැස්වීම ආරම්භ වන මොහොත වනවිට හිටපු ආරක්ෂක ලේකම්වරයා ඒ පිළිබද දැනුවත්ව සිටි බවයි.

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ බුද්ධි සමාලෝචන රැස්වීමේදි රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ලෙස ඔබට ලැබුණු අවස්ථාවේදි ඔබ අදාළ විදෙස් බුද්ධි තොරතුර රැස්වීමේ අවධානයට යොමුකරමින් කතාබහට බදුන් කළේද යන්නය.

නැහැ යයි ඊට කෙටි පිළිතුරක් ලබාදුන් නිලන්ත ජයවර්ධන මහතා කතා නොකිරීමට හේතුව ‍මෙසේ පැහැදිළි කළේය. ” රැස්වීම පටන් ගන්න කලින් මම ජාතික බුද්ධි ප්‍රධානීතුමාගෙන් ඇහුවා ‘ සර්.. ඇයි ඕක තාම අතේ තියාගෙන ඉන්නේ? ඕක දාන්නේ නැද්ද? ඕකට ඇක්ෂන් එකක් ගන්නේ නැද්ද, ඕක ලෙඩක්නේ ”
යනුවෙන් තමන් සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසු බවයි.
රැස්වීමේ අවසානය වෙනතෙක්ම කිසිවෙකු විදෙස් බුද්ධි තොරතුර සාකච්ඡාවට බදුන් කිරීමට උත්සහ නොගත් බව කී නිලන්ත ජයවර්ධන මහතා රැස්වීමේ අවසානය එළඹෙන විට ‘ සර් නිලන්තගේ කොලේ..’ යනුවෙන් ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට විදෙස් බුද්ධි තොරතුර පිළිබදව මතක් කළ බව කීවේය.

එවිට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිලන්ත අර තොරතුරට මොකද කළේ? ‘ යැයි තමාගෙන් විමසු බවත්,
” සර් මම මේ ගැන හොයන්න නැගෙනහිරට යවපු කණ්ඩායම ඊයේ රෑ ආවා. අපි විශේෂ වාර්තාවක් හදමින් ඉන්නෙ. මම ඒක අද පොලිස්පතිට යවනවා. ” යනුවෙන් තමන් ආරක්ෂක ලේකම්වරයාට පිළිතුරු ලබාදුන් බවත් ජයවර්ධන මහතා වැඩිදුරටත් සිය සාක්ෂියේදී සඳහන් කළේය. ඒ අනුව බුද්ධි සමාලෝචන රැස්වීම අවසන් වූ පසු දවල් 1ට පමණ පුර්ව දැනුවත් කිරීමේ විදෙස් බුද්ධි තොරතුරට අදාළව තමන් සැකසු විශේෂ වාර්තාවක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත යොමු කළ බව වද ඔහු කොමිසම හමුවේ කියා සිටියේය.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ” යම් හෙයකින්
ආරක්ෂක ලේකම්වරයා කියනවානම් නිලන්ත ජයවර්ධන 9 වෙනිදා රැස්වීමෙදි මේ ගැන කතාකළේ නැහැ කියල, එය නිවැරදි ද ?

එයට පිළිතුරු ලෙස නිලන්ත ජයවර්ධන මහත කියා සිටියේ,
” නැහැ ස්වාමිනී. ඒ ගැන තහවුරු කරන්න මං ළඟ තාක්ෂණික සාක්ෂියක් තිබෙනවා. අපි බොහොම විශ්වාසවන්ත ලෙස ළඟින්ම රාජකාරී කළ නිලදාරීන්. නමුත් යම් තැනකදී මාගේ ස්ථාවරය සම්බන්ධයෙන් ගැටලුවක් වුනොත් මන් එම තාක්ෂණික සාක්ෂිය ඉදිරිපත් කරන්නම්. ”

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා නිලන්ත ජයවර්ධන මහතාට නියෝග කරමින් කියා සිටියේ ” කොමිසම ඔබට නියෝග කරනවා එම තාක්ෂණික සාක්ෂිය තුළින් විදෙස් බුද්ධි තොරතුර අදාළ රැස්වීමෙදි සාකච්ඡා වුණාද යන්න ඔප්පු කරන්න කියල. ”

කෙසේ වෙතත් කොමිසමේ සභාපතිවරයාගේ එම නියෝගයට පිළිතුරු ලෙස ජයවර්ධන මහතා කියා සිටියේ ” ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා මේ කොමිසමට සාක්ෂි දුන් පසු මගෙන් එය ලබා ගන්න.” යනුවෙන්.
එම පිළිතුරත් සමග ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා දැඩි ස්වරයෙන් කියා සිටියේ,
” නිලන්ත ජයවර්ධන මහත්තයා.. ඔබට බැහැ කොමිසමට කොන්දේසි දාන්න. කොමිසම මෙහෙයවන ආකාරය තීරණය කරන්නේ කොමිසමට ඕනෙ විදියට. ඒ නිසා ඒ සාක්ෂිය ඉදිරිපත් කරන්න. ”
මෙම අවස්ථාවේදී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටින පෞද්ගලික නීතීඥවරිය නැඟී සිට කොමිසමේ සාමාජිකයන් සමඟ පෞද්ගලික ව කතා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටි අතර සභාපති විනිසුරුතුමන් එම සාකච්ඡාවට රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියටද සහභාගී වන ලෙස දැනුම් දුන්නේය.

ඒ අනුව පිරිස කෙටි වේලාවක් සාකච්ඡාවක නිරත වීමෙන් අනතුරුව කොමිසමේ සභාපති විනිසුරුවරයා පැවසුවේ, අදාළ තාක්ෂණික සාක්ෂිය සාක්ෂිකරුට අවශ්‍ය නම් පමණක් ඉදිරිපත් කරන ලෙසය.

එහිදී නිලන්ත ජයවර්ධන මහතාගේ නීතීඥවරිය සඳහන් කළේ, තම සේවාදායකයා මේ අවස්ථාවේදී එම තාක්ෂණික සාක්ෂිය ඉදිරිපත් නොකරන අතර රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ ප්‍රශ්න කිරීම අවසානයේ එය ඉදිරිපත් කරනවාද නැද්ද යන්න නිලන්ත ජයවර්ධන මහතා විසින් තීරණය කරනු ඇති බවයි.

කෙසේ වෙතත් මෙම අවස්ථාව වන විට කොමිසම හමුවේ පෙනි සිටින ලෙස නොතීසි නිකුත් කර ඇති ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාද කොමිසම් ශාලාවේ අසුන්ගෙන සිටියේය.
ඉන් අනතුරුව ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා යළි සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් විමසුවේ බුද්ධි සමාලෝචන රැස්වීමේ ඔබේ වාරයේදී ඇයි ඔබ විදෙස් බුද්ධි තොරතුර ගැන මේ කතා නොකළේ යනුවෙන්.
එයට පිළිතුරු ලෙස නිලන්ත ජයවර්ධන මහතා පැවසුවේ ” විශේෂ වාර්තාව අවසන් කර නොතිබු හෙයින් තමන් ඒ පිළිබද සාකච්ඡා නොකළ බවයි.

එහිදි නැවතත් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසුවේ

” ඔබලා හතරදෙනා පමණක් නෙවෙයි. ඔය රැස්වීමට එක්වුණු අනිකුත් අයත් මේ මුල් බුද්ධි තොරතුර ගැන දැනුවත් කිරීම වැදගත් කියල හිතුවෙ නැත්තෙ ඇයි ?” යන්නයි.

එයට පිළිතුරු ලෙස ජයවර්ධන මහතා කියා සිටියේ,
මං ඒකට තමයි මේ ගැන ජාතික බුද්ධි ප්‍රධානියාව දැනුවත් කර තිබුනේ ස්වාමිනි යනුවෙන්.නිලන්ත ජයවර්ධන මහතා පිළිතුරු දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වවුනියාවේ පෞරාණික ශෛලමය බුදු පිළිම දෙකක් කුඩුකරලා

Next Post

සිංහරාජය මැදින් යන පාර ගැන මහාමාර්ග ලේකම් මෙසේ කියයි

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.