බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

“යලට මහට“ රැස්වූ ආරක්ෂක මණ්ඩලය ප්‍රහාරයෙන් පසු හැමදාම රැස්වුණා

by Lanka Sara Editor
අගෝස්තු 24, 2020 - Updated on අගෝස්තු 25, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 2018 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු ආරක්ෂක මණ්ඩලයට සහභාගී වුයේ පාස්කු ඉරුදින ත්‍රස්ත පසු දින පැවති ආරක්ෂක කවුන්සලයට බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ අද සඳහන් කළේය.

රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා අද කොමිසම හමුවේ සාක්සි ලබා දුන්නේ 17 දිනටය. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ප්‍රහාරයට පෙර විධිමත් ව ජාතික ආරක්ෂක කවුන්සලය රැස් නොවුවද, ප්‍රහාරයෙන් පසු එය දිනපතා ව රැස්වන තත්ත්වයකට පැමිණි බවයි.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්සිකරුගෙන් විමසා සිටියේ ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සලය පළමුවරට රැස්වුයේ කවදාද යන්නයි.

එයට පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන මහතා ප්‍රහාරයට පසුදින එනම් 2019 අප්‍රේල් මස 22 වන දින පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ බවයි.

එම රැස්වීම සදහා ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයා, යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා, ත්‍රිවිඩ හමුදා ප්‍රධානින් පැමිණ සිටි බව ද ඔහු සදහන් කළේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පසුව ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විසින් නගන ලද පැනයකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට පෙර විධිමත් ලෙස ජාතික ආරක්ෂක කවුන්සලය රැස් නොවුණද, ප්‍රහාරයට පසු එය දෛනිකව රැස්වන තත්ත්වයකට පැමිණි බවය.

ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔබට යම්කිසි අයෙකුගෙන් දෝෂාරෝපණයක් එල්ල වුයේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ පුර්ව දැනුවත් කිරීමේ තොරතුරේ වරදක් ඇති බව පවසමින් තවමත් ඇතැමුන් තමන්ට දෝශාරෝපනය කරන බවයි.

එහිදි ප්‍රහාරයට පසුදින පැවති ජාතික ආරක්ෂක කවුන්සලයේදි එහි සිටි කිසිවෙකු හෝ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔබට දෝශාරෝපනය කළේද යන්න පිළිබඳව විමසූ අවසථාවේ ඊට පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන මහතා ” නිදහසට හේතු විමසනකං මම හිටියේ නැහැ. ඊට කළින් මම ඉදිරිපත් කිරීමක් කළා. 2018 සිට පාස්කු ප්‍රහාරය වෙනකං අපි වාර්තා කළ සියළු දේ මම ජාතික ආරක්ෂක කවුන්සලයට කිව්වා. මට කවුරුත් එහිදි දෝශාරෝපණය කළේ නැහැ.

කොමිසමේ සමාජික විනිසුරුවරයා යළි විමසුවේ ජනාධිපති තුමා දෝෂාරෝපණය කළේ ද යන්න විමසූ අවස්ථාවේ තමන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෝශාරෝපණයක් නොකළ බවත් ” ඔයා දැනගෙන සිටියේ නැද්ද යනුවෙන් පමණක් විමසු බවත් ජයවර්ධන මහතා පැවසීය.

” මම ඔබතුමාට කතාකරන්න උත්සහ කළා “යනුවෙන් තමන් ජනාධිපතිවයාට පිළිතුරු දුන් බව නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ සදහන් කළේය.
මෙහිදි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 25 වන දින රාජ්‍ය බුද්ධි සේවය විසින් පාස්කු ප්‍රහාරය සිදුකළේ අයි.එස් අනුගාමිකයන් බවත්, දෙවන ප්‍රහාරයකට ඔවුන් සුදනම් වෙමින් සිටින බවත් දන්වමින් ලිපියක් ආරක්ෂක ලේකම්වරයාට, ජාතික බුද්ධි ප්‍රධානියාට සහ පොලිස්පතිවරයාට යොමු කළේද යන්නය.

ප්‍රහාරයෙන් පසු සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු වූ මාතලේ සිටි සහරාන් ෆස්තුල් රහුමාන් නැමැත්තා අයි.එස් හිතවාදි අමාක් පුවත් සේවයට සහරාන් හෂීම් ප්‍රමුඛ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයින් අයි.එස් හිතවාදින් ලෙස දිවුරුම් දීමේ විඩියෝවක් සහ ලිපියක් යොමුකර ඇති බවත් ඒ අනුව අයි.එස් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවත් එම ලිපියේ සහාරාන් හෂිම් සහ මරාගෙන මැරෙන ත්‍රස්තවාදින්ගේ හිතවාදින් ඉදිරියේදි දෙවන ප්‍රහාරයක් එල්ල කරන බවත්, ජල් අල් කිතාල් නොහොත් සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් එම ප්‍රහාරය මෙහෙයවන බවත් තමන් දැනුම්දුන් බව ජයවර්ධන මහතා පැවසීය.

එසේම රෝහල්, සාප්පු සංකීර්ණ, සුපිරි වෙළදසැල් එහි ඉලක්ක බවට පත්විය හැකි බව, පළමු තොරතුරෙන්ද, දෙවන තොරතුරෙන් පොලිස් ස්ථාන සහ ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය ඉලක්ක විය හැකි බව දෙවන තොරතුරෙන්ද දැනුවත් කළ බව ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේ ජනබල මන්ත්‍රී නිසා මැතිවරණ කොමිසමෙත් බෙදීමක්

Next Post

පැරිසියේ චැම්පියන් ලීග් අවසන් මහා තරගය ගුටි කෙළියකින් නිම වේ…

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.