බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

“පාස්කු ප්‍රහාරයට විනාඩි කිහිපයක් තිබියදීවත් තොරතුර දැනුම් දෙන්න ජනාධිපති සම්බන්ධ කරගන්න බැරිවුණා”

by Lanka Sara Editor
අගෝස්තු 22, 2020
in පාස්කු කොමිසම
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයට පෙර දිනයේ මෙන්ම එම ප්‍රහාරය එල්ල වීමට මිනිත්තු කිහිපයකට පෙර පවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එය දැනුම් දීමට තමන් උත්සහ කළද ඒ වන විට පෞද්ගලික විදෙස් සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පැවසීය.

16 වන දිනටත් ජනපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාහ කළේය.
කොමිසම විසින් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සංවේදී වූ ඔහු හඬා වැටෙන්නට ද විය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් සාකෂි මෙහෙයවන ලද අතර පසු දිනයේ ප්‍රහාරයක් එල්ල වන බවට විදෙස් කෙතාරතුරුකරුවකුගෙන් නිලන්ත ජයවර්ධන මහතාට බුද්ධි තොරතුර ජනාධිපතිවරයාට දැනුම් නොදුන්නේදැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසුවාය.
ඊට පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන මහතා ” මම උත්සාහ කළා. ජනාධිපති ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වාට ඇමතුමක් අරගෙන මං ඇහුවා රොහාන් කොහෙද ඉන්නේ.. මට ජනාධිපතිතුමාව සම්බන්ධ කරගන්න ඕනෙ.. කියල. ජනාධිපතිතුමා පෞද්ගලික විදෙස් සංචාරයක් ගියා කියල ඔහු මට දැනුම් දුන්නා. මං දැක්කා ජනාධිපතිතුමා පිටරට සංචාරයක ගිහින් කියල පත්තරේ දාලා තියෙනවා. ”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

” රාජ්ය බුද්ධි අධ්යක්ෂවරයා දැනගෙන සිටියේ නැද්ද ජනාධිපතිවරයා රටින් පිට වෙන බව ? ”

නිලන්ත ජයවර්ධන –

“දැනුවත් වුණේ නැහැ. නමුත් ගුවන්තොටුපොලේ නිලධාරීන් දැනුවත් කළාම දැනගත්තා. ”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

” දැන් ඔබ කලින් කිව්වේ පත්තරෙන් දැක්කා කියල නේද ?”

නිලන්ත ජයවර්ධන –

” නෑ ස්වාමිනී… එය වැරදීමක්.. ”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය –

” 20 වෙනිදා ඔබ ජනාධිපති ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කතාකරල වෙන මොනවද කිව්වේ ? ”

නිලන්ත ජයවර්ධන –

” මං ඇහුවා ඔබ ජනාධිපතිතුමා එක්ක ගියේ නැත්ද කියල. ඔහු ගියේ නැති බව කිව්වා. ඒවගේම ජනාධිපතිතුමාගේ පැජට් පාරේ නිල නිවසේ තිබෙන දුරකතනය හරහා ජනාධිපතිතුමාගේ පෞද්ගලික ආරක්ෂකට කළ හැකි බවත් ජනාධිපතිවරයා ළඟ ජංගම දුරකතනයක් නැති බවත් කිව්වා. ”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය –

” ඒ අනුව ඔබ මේ තොරතුර ලබාදෙන්න හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඇමතුමක් ගත්තාද ? ”

නිලන්ත ජයවර්ධන –

” ඔව්. මම හවස 6.18 ට පැජට් පාරේ දුරකතනයට අරගෙන කිව්වා මට ජනාධිපතිතුමාව සම්බන්ධ කරන්න කියල. ඔවුන් ඊට උත්සහ කරන්න කිව්වා. නමුත් ස්වාමිනී පාස්කු ප්රහාරයට කලින් දවසේ ඒ කියන්නේ අප්රේල් 20 වෙනිදා දවස තුළ ජනාධිපතිතුමාව සම්බන්ධ කරගන්න නොහැකි වුණා. ”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය –

” ඔබ පසුව යළි උත්සහ කළේ නැද්ද ?”

නිලන්ත ජයවර්ධන –

” නැහැ. මට මේ තොරතුරු ලැබුණු අප්‍රියෙල් 04 ත් ජනාධිපතිව දැනුවත් කරන්න තිබුණා. නමුත් මං එහෙම කළේ නැහැ. මගේ රාජකාරීමය වගකීම තිබුනේ ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානී සහ පොලිස්පති දැනුවත් කිරීම. මට කරන්න පුළුවන් උපරිමය ඉෂ්ඨ කළා. මම ජනාධිපතිට කියන්න හිතුවේ.. පස්සේ කියයි ඔයාලා කිව්වේ නැ.. කියල. මට මේ ලැබෙන සියලු තොරතුරු ජනාධිපතිවරයා දෑනුවත් කළ යුතුයි කියල කොහේවත් ලිඛිතව හෝ වාචිකව උපදෙසක් නැහැ. ඒත් මං මේ පණිවුඩය කියන්න ගත්තම ජනාධිපති කාර්යබහුලයි. මං සාමාන්‍යයෙන් නිතරම එතුමට කතාකරන්නෙත් නැති නිසා ඒඅය හිතන්න ඕනේ මට කොහොමහරි එතුමව සම්බන්ධ කරල දෙන්න. ”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු –

” ඔබට දැන් හිතෙන්නෙ නැද්ද ජනාධිපතිවරයා දැනුවත් කළානම් මිනිස්සු බේගන්න තිබුණා කියල ”

නිලන්ත ජයවර්ධන –

” මට තාමත් එහෙම හිතෙන්නෙ නැහැ. ”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු –

” ඇයි ඔබට හිතුනේ නැත්තේ ජනාධිපතිවරයාට කිව්වානම්, ඇඳිරි නීතිය දලා..හමුදාව කැඳවලා.. අවශ්‍ය කරුණු කරලා.. මිනිස්සු මැරෙන එක නවත්තන්න තිබුණා කියල..? ”

නිලන්ත ජයවර්ධන –

” සිදුවීමෙන් පස්සෙ බොහෝ දෙනා බොහෝ දේවල් කියන්න පුලුවන්. අපි වගකීමක් ඇතිව වැඩ කළා. ජනාධිපතිතුමා දැනුම්වත් කරන එක මං විතරක් කළ යුතු දෙයක් නෙවෙයි. ඒක ජාතික බුද්ධි ප්‍රධානියාටත්, ආරක්ෂක ලේකම්වරයාටත්, පොලිස්පතිවරයාටත් පුළුවන්. මං දන්නැ ඔවුන් එය කළාද කියල. නමුත් මං උත්සහ කළා. ”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

” ඔබ මීට පෙර කිව්වා හෙට ප්‍රහාරය වෙන බව කිව්වම පොලිස්පති එය බැරෑරුම්ව නොගත් බව ඔබට හිතුනා කියල. ඇයි ඒ වෙලාවෙවත් ජනාධිපතිවරයා දැනුවත් නොකළේ ?”

නිලන්ත ජයවර්ධන –

” ජනාධිපතිතුමාට කතාකළත් එයා කතා කරන්නෙත් ආරක්ෂක ලේකම්වරයාටනෙ. නැත්නම් අගමැතිවරයට කතා කරයි. මං දන්නැ හැබැයි අගමැතිවරයාට කතාකරයිද කියල. මං ජනාධිපතිවරයාට කතාකරලත් මුකුත් වුනේ නැත්තම් ඒත් කියයි රාජ්ය බුද්ධි සේවය මුකුත් කළේ නැහැ කියල. ”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

” ජනාධිපති ලංකාවෙ නොසිටියානම් ඇයි එය අගමැතිවරයාට හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධනට නොකිව්වේ ? ”

නිලන්ත ජයවර්ධන –
” අගමැතිවරයා දැනුවත් කළේ නැහැ. ආරක්ෂක රාජ්ය අමාත්යවරයාට නොකිව්වේ, ඔහු මේ වගේ කටයුතුවලට සැලකියයුතු ලෙස දායකත්වයක් දැක්වූවේ නැති නිසා ස්වාමිනී.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය –

” නිලන්ත ජයවර්ධන මහත්මයා, ඔබට අප්‍රිෙයල් 21 වෙනිදා තොරතුරක් ලැබුණා ද ප්‍රහාරයට පෙර ? ”

නිලන්ත ජයවර්ධන –

” උදේ 8.27 ට මගේ තොරතුරුකරු මට කිව්වා.. ඔවුන්ගේ එක ඉලක්කයක් වෙන්නේ කොළඹ මෙතොදිස්ත පල්ලියක්, ඔවුන් මේ ප්‍රහාරය අද උදේ 6ත් 10ත් අතර සිදුකරනවා… කියල. මම මේ තොරතුර ලැබුණු ගමන් 8.28 ට බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහටත්, 8.30ට පොලිස්පති පූජිත් ජයසුන්දරටත් කතා කරල කිව්වා ‘ මේගොල්ලො ගහන්න පටන් ගන්න හදන්නේ. මෙතොදිස්ත පල්ලියකටත් ගහන්න හදනවා. මේ ගැන නන්දන මුණසිංහ මහතාටත් කිව්වා. ‘ කියල. හැබැයි මට පොලිස්පතිවරයා උපදෙසක් දුන්නේ නැහැ. ඊට පසු 8.32 ට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කතා කරල විස්තරේ කිව්වා. ”

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කොමිසමේ අවධානය විදෙස් බුද්ධි තොරතුරුකරු නිලන්ත ජයවර්ධන මහතාට තොරතුර ලබාදුන් 2019 අප්රේල් 04 දින සිට පාස්කු ඉරිදාව දක්වා සිදුවූ සිදුවීම් වෙත ගෙන ගිය අතර සාක්ෂිකරුගෙන් විමසුවේ තොරතුරු සියල්ල ලබාදීලත් ක්‍රියාත්මක වුණානම් මෙය වළක්වාගැනීමට හැකියාව තිබුනා නොවේද යන්නයි.

කොමිසම හමුවේ ඉතා හැඟුම්බරව නිලන්ත ජයවර්ධන මහතා මෙහිදී පැවසුවේ ” එක මිනිහෙක්ව හරි බේරගන්න තිබුණා එහෙමනම් ” ලෙසයි.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය –

” පළමු බෝම්බය පුපුරා ගියා කියල දැනගත් පසු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂවරයා ලෙස ඔබ කුමක්ද සිතුවේ ? ”

නිලන්ත ජයවර්ධන – (සංවේදීව හැඟීම් බර වෙමින්)

” මට දැඩි කණගාටුවක් දැනුණා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මම වුණ නිසා. මම උත්සහ කළා ස්වාමිනී ඒත් මට බැරි වුණා. ප්‍රහාර කිහිපයකට පසු අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අපි ආරක්ෂක අමාත්‍යංශයට රැස්වුණා. මං එතනදි කිව්වා ‘ දැනට හයක් පිපිරුණා. තව දෙකක් තියෙනවා. තව බෝම්බ පුරවපු වෑන් එකක් තියෙනවා. ඒ නිසා කිසිම තැනකට යන්න එපා ‘ කියල. ”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

” 21 වෙනිදා උදේ ජනාධිපතිතුමාගෙන් දුරකතන ඇමතුමක් ලැබුනද ? ”

නිලන්ත ජයවර්ධන –

” උදේ 7.59 ට පැජට් පාරෙ නිලධාරියා අරන් කිව්වා සර් ලයින් එකේ ඉන්න. ජනාධිපතිතුමා සම්බන්ධ කරන්නම් කියල. මං එතකොට කිව්වා.. ඔයාලට මං ඊයේ කිව්වේ දැන්ද කරන්නෙ.. කියල. ඒත් සම්බන්ධ වුනේ නැ. මං ආයෙත් ප්‍රහාර එල්ල වෙන කොට 8.58ට අරන් සැරෙන් කිව්වා දැන්වත් සම්බන්ධ කරන්න කියල. ඊට පස්සේ උදේ 9.13ට ජනාධිපතිතුමා මට කතා කළා. මං කිව්වා ‘ ජනාධිපතිතුමා මං ඊයේ ඉදල උත්සහ කරන්නේ. මෙන්න මෙහෙම ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. තව වෙන්න තියෙනවා ‘ කියල. ඊටපස්සෙ එතුමා කිව්වා ‘ හරි මං ලේකම්ට කතා කරන්නම් ‘ කියල. පසුව දවල් යළි ඇමතුමක් අරගෙන මගෙන් සම්පූර්ණ විස්තරේ අහගත්තා. ”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

” ප්‍රහාර ගැන කිව්වම ජනාධිපති කිව්වේ ‘ හරි මං ලේකම්ට කතා කරන්නම් ‘ කියල විතරයිද ? ”

නිලන්ත ජයවර්ධන –

” මට මතක එච්චරයි ස්වාමිනී. වෙන කිසිම ගත යුතු පියවරක් හෝ උපදෙස් ගැන කිව්වෙ නැහැ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞදියේදී අසනීප වූ ලාංකිකයා ප්‍රයිවට් ජෙට් එකකින් දිවයිනට

Next Post

ක්‍රිඩා ඇමති නාමල් පත්කළ ක්‍රිඩා කවුන්සිලේ නෛතිකභාවය පිළිබඳ අවුලක්

Related Posts

Pulasthini Mahendran
පාස්කු කොමිසම

පාස්කු ප්‍රහාරයෙන් පසු අතුරුදන් බව කී සාරා ගැන ඩී.එන්.ඒ ප්‍රතිඵලය එළියට එයි !

මාර්තු 29, 2023
පාස්කු කොමිසම

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021
පාස්කු කොමිසම

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.