fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

“පාස්කු ප්‍රහාරයට විනාඩි කිහිපයක් තිබියදීවත් තොරතුර දැනුම් දෙන්න ජනාධිපති සම්බන්ධ කරගන්න බැරිවුණා”

වසර 2ක් ago
in පාස්කු කොමිසම
455 5
0
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරයට පෙර දිනයේ මෙන්ම එම ප්‍රහාරය එල්ල වීමට මිනිත්තු කිහිපයකට පෙර පවා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එය දැනුම් දීමට තමන් උත්සහ කළද ඒ වන විට පෞද්ගලික විදෙස් සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පැවසීය.

16 වන දිනටත් ජනපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාහ කළේය.
කොමිසම විසින් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සංවේදී වූ ඔහු හඬා වැටෙන්නට ද විය.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් සාකෂි මෙහෙයවන ලද අතර පසු දිනයේ ප්‍රහාරයක් එල්ල වන බවට විදෙස් කෙතාරතුරුකරුවකුගෙන් නිලන්ත ජයවර්ධන මහතාට බුද්ධි තොරතුර ජනාධිපතිවරයාට දැනුම් නොදුන්නේදැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය මෙහිදී නිලන්ත ජයවර්ධන මහතාගෙන් විමසුවාය.
ඊට පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන මහතා ” මම උත්සාහ කළා. ජනාධිපති ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වාට ඇමතුමක් අරගෙන මං ඇහුවා රොහාන් කොහෙද ඉන්නේ.. මට ජනාධිපතිතුමාව සම්බන්ධ කරගන්න ඕනෙ.. කියල. ජනාධිපතිතුමා පෞද්ගලික විදෙස් සංචාරයක් ගියා කියල ඔහු මට දැනුම් දුන්නා. මං දැක්කා ජනාධිපතිතුමා පිටරට සංචාරයක ගිහින් කියල පත්තරේ දාලා තියෙනවා. ”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

” රාජ්ය බුද්ධි අධ්යක්ෂවරයා දැනගෙන සිටියේ නැද්ද ජනාධිපතිවරයා රටින් පිට වෙන බව ? ”

නිලන්ත ජයවර්ධන –

“දැනුවත් වුණේ නැහැ. නමුත් ගුවන්තොටුපොලේ නිලධාරීන් දැනුවත් කළාම දැනගත්තා. ”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

” දැන් ඔබ කලින් කිව්වේ පත්තරෙන් දැක්කා කියල නේද ?”

නිලන්ත ජයවර්ධන –

” නෑ ස්වාමිනී… එය වැරදීමක්.. ”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය –

” 20 වෙනිදා ඔබ ජනාධිපති ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කතාකරල වෙන මොනවද කිව්වේ ? ”

නිලන්ත ජයවර්ධන –

” මං ඇහුවා ඔබ ජනාධිපතිතුමා එක්ක ගියේ නැත්ද කියල. ඔහු ගියේ නැති බව කිව්වා. ඒවගේම ජනාධිපතිතුමාගේ පැජට් පාරේ නිල නිවසේ තිබෙන දුරකතනය හරහා ජනාධිපතිතුමාගේ පෞද්ගලික ආරක්ෂකට කළ හැකි බවත් ජනාධිපතිවරයා ළඟ ජංගම දුරකතනයක් නැති බවත් කිව්වා. ”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය –

” ඒ අනුව ඔබ මේ තොරතුර ලබාදෙන්න හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඇමතුමක් ගත්තාද ? ”

නිලන්ත ජයවර්ධන –

” ඔව්. මම හවස 6.18 ට පැජට් පාරේ දුරකතනයට අරගෙන කිව්වා මට ජනාධිපතිතුමාව සම්බන්ධ කරන්න කියල. ඔවුන් ඊට උත්සහ කරන්න කිව්වා. නමුත් ස්වාමිනී පාස්කු ප්රහාරයට කලින් දවසේ ඒ කියන්නේ අප්රේල් 20 වෙනිදා දවස තුළ ජනාධිපතිතුමාව සම්බන්ධ කරගන්න නොහැකි වුණා. ”

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය –

” ඔබ පසුව යළි උත්සහ කළේ නැද්ද ?”

නිලන්ත ජයවර්ධන –

” නැහැ. මට මේ තොරතුරු ලැබුණු අප්‍රියෙල් 04 ත් ජනාධිපතිව දැනුවත් කරන්න තිබුණා. නමුත් මං එහෙම කළේ නැහැ. මගේ රාජකාරීමය වගකීම තිබුනේ ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානී සහ පොලිස්පති දැනුවත් කිරීම. මට කරන්න පුළුවන් උපරිමය ඉෂ්ඨ කළා. මම ජනාධිපතිට කියන්න හිතුවේ.. පස්සේ කියයි ඔයාලා කිව්වේ නැ.. කියල. මට මේ ලැබෙන සියලු තොරතුරු ජනාධිපතිවරයා දෑනුවත් කළ යුතුයි කියල කොහේවත් ලිඛිතව හෝ වාචිකව උපදෙසක් නැහැ. ඒත් මං මේ පණිවුඩය කියන්න ගත්තම ජනාධිපති කාර්යබහුලයි. මං සාමාන්‍යයෙන් නිතරම එතුමට කතාකරන්නෙත් නැති නිසා ඒඅය හිතන්න ඕනේ මට කොහොමහරි එතුමව සම්බන්ධ කරල දෙන්න. ”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු –

” ඔබට දැන් හිතෙන්නෙ නැද්ද ජනාධිපතිවරයා දැනුවත් කළානම් මිනිස්සු බේගන්න තිබුණා කියල ”

නිලන්ත ජයවර්ධන –

” මට තාමත් එහෙම හිතෙන්නෙ නැහැ. ”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු –

” ඇයි ඔබට හිතුනේ නැත්තේ ජනාධිපතිවරයාට කිව්වානම්, ඇඳිරි නීතිය දලා..හමුදාව කැඳවලා.. අවශ්‍ය කරුණු කරලා.. මිනිස්සු මැරෙන එක නවත්තන්න තිබුණා කියල..? ”

නිලන්ත ජයවර්ධන –

” සිදුවීමෙන් පස්සෙ බොහෝ දෙනා බොහෝ දේවල් කියන්න පුලුවන්. අපි වගකීමක් ඇතිව වැඩ කළා. ජනාධිපතිතුමා දැනුම්වත් කරන එක මං විතරක් කළ යුතු දෙයක් නෙවෙයි. ඒක ජාතික බුද්ධි ප්‍රධානියාටත්, ආරක්ෂක ලේකම්වරයාටත්, පොලිස්පතිවරයාටත් පුළුවන්. මං දන්නැ ඔවුන් එය කළාද කියල. නමුත් මං උත්සහ කළා. ”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

” ඔබ මීට පෙර කිව්වා හෙට ප්‍රහාරය වෙන බව කිව්වම පොලිස්පති එය බැරෑරුම්ව නොගත් බව ඔබට හිතුනා කියල. ඇයි ඒ වෙලාවෙවත් ජනාධිපතිවරයා දැනුවත් නොකළේ ?”

නිලන්ත ජයවර්ධන –

” ජනාධිපතිතුමාට කතාකළත් එයා කතා කරන්නෙත් ආරක්ෂක ලේකම්වරයාටනෙ. නැත්නම් අගමැතිවරයට කතා කරයි. මං දන්නැ හැබැයි අගමැතිවරයාට කතාකරයිද කියල. මං ජනාධිපතිවරයාට කතාකරලත් මුකුත් වුනේ නැත්තම් ඒත් කියයි රාජ්ය බුද්ධි සේවය මුකුත් කළේ නැහැ කියල. ”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

” ජනාධිපති ලංකාවෙ නොසිටියානම් ඇයි එය අගමැතිවරයාට හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධනට නොකිව්වේ ? ”

නිලන්ත ජයවර්ධන –
” අගමැතිවරයා දැනුවත් කළේ නැහැ. ආරක්ෂක රාජ්ය අමාත්යවරයාට නොකිව්වේ, ඔහු මේ වගේ කටයුතුවලට සැලකියයුතු ලෙස දායකත්වයක් දැක්වූවේ නැති නිසා ස්වාමිනී.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය –

” නිලන්ත ජයවර්ධන මහත්මයා, ඔබට අප්‍රිෙයල් 21 වෙනිදා තොරතුරක් ලැබුණා ද ප්‍රහාරයට පෙර ? ”

නිලන්ත ජයවර්ධන –

” උදේ 8.27 ට මගේ තොරතුරුකරු මට කිව්වා.. ඔවුන්ගේ එක ඉලක්කයක් වෙන්නේ කොළඹ මෙතොදිස්ත පල්ලියක්, ඔවුන් මේ ප්‍රහාරය අද උදේ 6ත් 10ත් අතර සිදුකරනවා… කියල. මම මේ තොරතුර ලැබුණු ගමන් 8.28 ට බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහටත්, 8.30ට පොලිස්පති පූජිත් ජයසුන්දරටත් කතා කරල කිව්වා ‘ මේගොල්ලො ගහන්න පටන් ගන්න හදන්නේ. මෙතොදිස්ත පල්ලියකටත් ගහන්න හදනවා. මේ ගැන නන්දන මුණසිංහ මහතාටත් කිව්වා. ‘ කියල. හැබැයි මට පොලිස්පතිවරයා උපදෙසක් දුන්නේ නැහැ. ඊට පසු 8.32 ට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කතා කරල විස්තරේ කිව්වා. ”

මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කොමිසමේ අවධානය විදෙස් බුද්ධි තොරතුරුකරු නිලන්ත ජයවර්ධන මහතාට තොරතුර ලබාදුන් 2019 අප්රේල් 04 දින සිට පාස්කු ඉරිදාව දක්වා සිදුවූ සිදුවීම් වෙත ගෙන ගිය අතර සාක්ෂිකරුගෙන් විමසුවේ තොරතුරු සියල්ල ලබාදීලත් ක්‍රියාත්මක වුණානම් මෙය වළක්වාගැනීමට හැකියාව තිබුනා නොවේද යන්නයි.

කොමිසම හමුවේ ඉතා හැඟුම්බරව නිලන්ත ජයවර්ධන මහතා මෙහිදී පැවසුවේ ” එක මිනිහෙක්ව හරි බේරගන්න තිබුණා එහෙමනම් ” ලෙසයි.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය –

” පළමු බෝම්බය පුපුරා ගියා කියල දැනගත් පසු රාජ්‍ය බුද්ධි අධ්යක්ෂවරයා ලෙස ඔබ කුමක්ද සිතුවේ ? ”

නිලන්ත ජයවර්ධන – (සංවේදීව හැඟීම් බර වෙමින්)

” මට දැඩි කණගාටුවක් දැනුණා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මම වුණ නිසා. මම උත්සහ කළා ස්වාමිනී ඒත් මට බැරි වුණා. ප්‍රහාර කිහිපයකට පසු අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් අපි ආරක්ෂක අමාත්‍යංශයට රැස්වුණා. මං එතනදි කිව්වා ‘ දැනට හයක් පිපිරුණා. තව දෙකක් තියෙනවා. තව බෝම්බ පුරවපු වෑන් එකක් තියෙනවා. ඒ නිසා කිසිම තැනකට යන්න එපා ‘ කියල. ”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

” 21 වෙනිදා උදේ ජනාධිපතිතුමාගෙන් දුරකතන ඇමතුමක් ලැබුනද ? ”

නිලන්ත ජයවර්ධන –

” උදේ 7.59 ට පැජට් පාරෙ නිලධාරියා අරන් කිව්වා සර් ලයින් එකේ ඉන්න. ජනාධිපතිතුමා සම්බන්ධ කරන්නම් කියල. මං එතකොට කිව්වා.. ඔයාලට මං ඊයේ කිව්වේ දැන්ද කරන්නෙ.. කියල. ඒත් සම්බන්ධ වුනේ නැ. මං ආයෙත් ප්‍රහාර එල්ල වෙන කොට 8.58ට අරන් සැරෙන් කිව්වා දැන්වත් සම්බන්ධ කරන්න කියල. ඊට පස්සේ උදේ 9.13ට ජනාධිපතිතුමා මට කතා කළා. මං කිව්වා ‘ ජනාධිපතිතුමා මං ඊයේ ඉදල උත්සහ කරන්නේ. මෙන්න මෙහෙම ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. තව වෙන්න තියෙනවා ‘ කියල. ඊටපස්සෙ එතුමා කිව්වා ‘ හරි මං ලේකම්ට කතා කරන්නම් ‘ කියල. පසුව දවල් යළි ඇමතුමක් අරගෙන මගෙන් සම්පූර්ණ විස්තරේ අහගත්තා. ”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු –

” ප්‍රහාර ගැන කිව්වම ජනාධිපති කිව්වේ ‘ හරි මං ලේකම්ට කතා කරන්නම් ‘ කියල විතරයිද ? ”

නිලන්ත ජයවර්ධන –

” මට මතක එච්චරයි ස්වාමිනී. වෙන කිසිම ගත යුතු පියවරක් හෝ උපදෙස් ගැන කිව්වෙ නැහැ.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

සෞදියේදී අසනීප වූ ලාංකිකයා ප්‍රයිවට් ජෙට් එකකින් දිවයිනට

Next Post

ක්‍රිඩා ඇමති නාමල් පත්කළ ක්‍රිඩා කවුන්සිලේ නෛතිකභාවය පිළිබඳ අවුලක්

Related Posts

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

එල්.ටී.ටී.ඊය පිට දාලා මැලේසියා යැව්වෙ නැතිනම් සුරේෂ් ෂලේටත් ඉන්න වෙන්නෙ හිරේ…

ඔක්තෝබර් 13, 2020

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අස්ගිරිය 21 එපා කියයි?… ඇමති විජේදාසට අස්ගිරියෙන් “පොහොට්ටු උත්තරය“  ලැබෙයි…
  • ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර අරගල අරගලයේ මාධ්‍ය ලේකම්ගේ දුරකථනය පැහැරගෙන…
  • හිටපු අගමැති මහින්දගේ ආරක්ෂාව තර වෙයි…
  • නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!
  • නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…

ජනප්‍රිය පුවත්

  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

    172 shares
    Share 69 Tweet 43

Highlights

නරි නාවන්න ලෑස්ති නෑ… 21ට මගෙ සහය නෑ… විමලවීර දිසානායක ස්ථාවරය කියයි!

නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…

අටලුගම දැරියගේ මරණය පිළිබඳ විමර්ශන පොලිස්පති අනින් සී.අයි.ඩී. යට……

හරිතාගාරයක් තුළ ගංජා වැවූ වැලිමඩ කාන්තාවක් පැල 1700ක් සමග අත්අඩංගුවට…

අන්ත දූෂිත සෞඛ්‍ය සේවය නිසා ආධාර ආපහු හැරෙනවා… වෛද්‍ය ආධාර රැක ගන්න WHO සමඟ හවුල් ගිණුමක්!- කෙහෙළිය කියයි!

ගෝඨාභය  – මහින්ද පූර්ණ ආශීර්වාදයෙන්  21ට අන්නන්න කළු කුරුල්ලා වැඩ අරඹයි…  

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අස්ගිරිය 21 එපා කියයි?… ඇමති විජේදාසට අස්ගිරියෙන් “පොහොට්ටු උත්තරය“  ලැබෙයි…

by editor
මැයි 29, 2022
0

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ බලතල  කප්පාදු කර  නව...

ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර අරගල අරගලයේ මාධ්‍ය ලේකම්ගේ දුරකථනය පැහැරගෙන…

by editor
මැයි 29, 2022
0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ  පෞද්ගලික ලේකම්  සුගීෂ්වර...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist