fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

අන්තවාදීන්ගේ සැබෑ නායකයා අත්අඩංගුවේ ඉන්න නවුෆර් මවුලවි

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා කියයි

වසර 2ක් ago
in පාස්කු කොමිසම
487 5
0
Share on FacebookShare on Twitter
  • “මේ අය ගැන මම වාර්තා දෙදහස් ගාණක් වගකිව යුත්තන්ට යැව්වා”
  • “සහරාන් අත්අඩංගුවට ගන්න කියල කිව්වත් ගණන් ගත්තේ නෑ”

පාස්කු ප්‍රහාරය සම්බන්ධ වූ අන්තවාදී කණ්ඩායමේ සැබෑ නායකයා සහරාන් නොව දැනට අත්අඩංගුවේ පසුවන නව්ෆර් මවුලවි බව ඊයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පැවසීය.

නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂි මෙහෙයැවීම ඊයේ සිදුවූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසිනි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

ඒ වන විට රටේ වගකිවයුතු තනතුරු දැරුවන් කිහිපදෙනෙකු සමග රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාට පැවතියේ කිනම් සබදතාවක්ද?

නිලන්ත ජයවර්ධන

පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර සියළුම උසස් නිලධාරින් මා සමග සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියා. ඔවුන් සමඟ රාජකාරීමය ගනුදෙනු පමණක් කළා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

ඔබ බුද්ධි වාර්තා ලබාදෙන්නේ කාටද?

නිලන්ත ජයවර්ධන

රාජකාරිමය වශයෙන් බුද්ධි තොරතුරු වාර්තා කිරීමට බැදි සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටයි., ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් සිදුකළ අවස්ථාවලදි ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය යටතේ එම වාර්තා ජනාධිපතිවරයාට යැවුවා.

එවකට සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ අවස්ථාවලදි එකල නීතිය හා සාමය විෂය භාර අමාත්‍යවරයාව සිටි සාගල රත්නායක මහතා හරහා තොරතුරු වාර්තා ලබාගත්තා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

ඔබගේ ධුර කාලය තුළ එවකට යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යයක්ෂවරයාව සිටි චුලා කොඩිතුවක්කු මහතා සමග කිනම් සබදතාවක් පැවතියේද?

නිලන්ත ජයවර්ධන

චුලා කොඩිතුවක්කු මහතාට පෙර සිටි නිලධාරින් සමග තමාගේ හොද සම්බන්ධතාවයක් පැවතියත් කොඩිතුවක්කු මහතා සමග එවැනි සම්බන්ධතාවයක් තිබුණේ නැහැ.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමග කුමන මට්ටමක සම්බන්ධතාවයක් පැවතියේද?

(මාධ්‍ය නොමැතිව පිළිතුරු ලබාදීමට අවශ්‍ය බව මෙහිදී නිලන්ත ජයර්ධන මහතා කොමිසමට දැනුම් දුන්නේය. එම සම්බන්ධතාවය පිළිබඳ බොහෝ දේ කීමට ඇති බව ඊට හේතු ලෙස ඔහු සඳහන් කළා.)

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

එකල රාජ්‍ය බුද්ධි සේවයේ සිටි ජේෂ්ඨ නිලධාරියෙකු වන ජේෂ්ඨ පොලිස් අධිකාරි ඩුල් මහතා සමග පැවතියේ කිනම් සම්බන්ධතාවක්ද?

(මාධ්‍යවේදින් රැඳී සිටියදි එයටද පිළිතුරු දිය නොහැකි බව නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය)

තමා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකවරයාව සිටි 2015 මාර්තු මස 03 සිට 2019 මැයි මස 31 දක්වා වූ කාලය තුළ ආරක්ෂක ලේකම්වරයාට බුද්ධි හා විවිධ තොරතුරු ඇතුළත් වාර්තා 2738 ක් ද පොලිස්පතිවරයාට වාර්තා 2343 ක් සහ ජාතික බුද්ධි ප්‍රධානියාට වාර්තා 925 ක්ද යොමුකළ බවද නිලන්ත ජයවර්ධන මහතා මෙම සාක්ෂි විභාගයේදී තවදුරටත් සඳහන් කළේය. .

2017 මාර්තු මස 10 වන දින සිදුවු ආලියාර් ගැටුමෙන් පසු සැගව සිටි සහරාන් හෂිම් දිගින් දිගටම අයි.එස් මතවාදය සාධාරණිකරණය කිරීම හේතුවෙන් ඔහු අන්තවාදියෙකු නොව සැබැවින්ම ත්‍රස්තවාදියෙකු බව තමන් ජාතික ආරක්ෂක මණ්ඩලය වෙත ලිබිතව හා වාචිකව දැනුවත් කර තිබු බවද නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ අනාවරණය කළේය.

“මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න නැත්නම් විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා ” යැයි තමන් ආරක්ෂක කවුන්සලය දැනුවත් කරමින් සඳහන් කළ බවයි ඔහු පැවැසුවේය.

2018 දෙසැම්බර් මස 26 වන දින සිදුවු මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීම හුදෙක් සිදුවීමක්ම නොව එය අන්තවාදි ක්‍රියාවක් බව තමන් ජාතික ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළ බවද ඔහු සදහන් කළේය.

මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිදුවීමට සම්බන්ධ සහරාන් හෂිම් වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සිදුවීමටද සම්බන්ධ බව පාස්කු ප්‍රහාරයට පෙර ජනවාරි මාසයේ ආරක්ෂක කවුන්සලය ලිඛිතව සහ වාචිකව දැනුවත් කළ බවද නිලන්ත ජයවර්ධන මහතා පැවැසීය. ඒ සම්බන්ධයෙන් තමන් සැපයු වාර්තා වලට කිසිදු සාධනිය ප්‍රතිචාරයක් නොලැබුනු බවද ඔහු කොමිසම හමුවේ සදහන් කළේය.

කොමිසම

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරක් අප්‍රේල් 04 දින විදෙස් බුද්ධි අංශයකින් ලබාදෙන විටත් ඔබ සහරාන් හෂීම් ත්‍රස්තවාදියෙකු බව දැන සිටියේද?

නිලන්ත ජයවර්ධන

සහරාන් හෂිම් යනු අයි.එස් මතවාදය වෙනුවෙන් පෙනී සිටින ත්‍රස්තවාදියෙක් බව පැහැදිලිව දැන සිටිය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

සහරාන් නොයෙක ප්‍රදේශ වල සැරිසරමින් අයි.එස් මතවාදය ප්‍රචාරණය කරන බව ඔබ දැන සිටියේද?

නිලන්ත ජයවර්ධන

සහරාන් හෂිම් එවැනි ක්‍රියාකාරකම් වල යෙදි සිටින බව දැන සිටියා. ඔහු කැකුණගොල්ල ප්‍රදේශයේ සැගව සිටින බවත් වගකිව යුතු පාර්ශවයන්ට දැනුම් දී තිබුණා.

කොමිසම

එවැනි වටපිටාවක් තුළ සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුයේ ඇයි?

නිලන්ත ජයවර්ධන

බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී තිබියදි විමර්ශන අංශ ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. වසර ගණනාවක් රාජ්‍ය බුද්ධි සේවය විසින් කොළඹට ගහනවා යැයි කිසිදු සදහනක් කර නොතිබුණ පසුබිමක මෙවැනි තොරතුරක් ලබාදුන් වීට ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට තිබුණා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

ඔබ වාර්තා කළ යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටද?

නිලන්ත ජයවර්ධන

ඔව්

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

කුමන කරුණු පදනම් කරගෙනද එම වාර්තා ඉදිරිපත් කරන්නේ

නිලන්ත ජයවර්ධන

රාජ්‍ය බුද්ධි සේවාව වෙනත් බුද්ධි සේවාවන්ට වඩා වෙනස්. එසේම රාජකාරි වබසරියත් වෙනස්. අතිමහත් බහුතර රාජකාරියක් තිබෙනවා. ත්‍රස්තවාදය සහ අන්තවාදය ගැන සොයා බැලීම එක් කොටසක් පමණයි. ක්ෂණික ක්‍රියා මාර්ග ගත යුතු තොරතුරු කෙලින්ම පොලිස් දෙපාර්තමේන්තුවට යොමු කරනවා.

මෙම අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා ලෙස නිලන්ත ජයවර්ධන මහතා විසින් ආරක්ෂක ලේකම්වරුන්ටත්, ජාතික බුද්ධි ප්‍රධානියාටත්, නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම්වරයාටත්, පොලිස්පතිවරුන්ටත් යොමු කරන ලද බුද්ධි තොරතුරු රුසක් සම්බන්ධයෙන් කොමිසමේ අවධානය යොමු විය. එම බුද්ධි තොරතුරු සියල්ලක්ම පාහේ අයි.එස්. අයි.එස්. සංවිධානය සහ සහරාන් සම්බන්ධයෙනි. එම බුද්ධි තොරතුරු කොමිසමේදී මෙයට පෙරද විවිධ අවස්ථාවන්වලදීද සාක්ෂි විභාගයන්වලදී සාකච්ඡාවන්ට බදුන් විය. එම වාර්තා සම්බන්දයෙන් නැවතත් කොමිසම නිලන්ත ජයවර්ධන මහතාගේ අවධානයට යොමු කරන ලදි.

ඒ අතර 2015 වසරේදී එවකට සිටි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට යොමු කළ අන්තර් ආගමික සමුළුවකදී අයි. එස්. මතවාදය සම්බන්ධයෙන් කළ කථාබහක් සම්බන්ධයෙන් නිකුත් කළ බුද්ධි තොරතුරක්, අයි.එස්. සටන්කාමීන් සහ අන්‍යාගමිකයන් විදෙස්රටවලට එල්ලකර ඇති ප්‍රහාර සහ අභිප්‍රේරණ සම්බන්ධයෙන් එකල නීතිය හා සාමය පිළිබද අමාත්‍ය සාගල රත්නායක මහතාට යොමු කල බුද්ධි තොරතුරක්ද, අයි.එස්. හා අන්තවාදී නැඹුරුව සිටින මෙරට තරුණ කොටස් හා ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට යොමු කළ බුද්ධි තොරතුරක්ද මෙහිදී කොමිසම විසින් නිලන්ත ජයවර්ධන මහතාගේ අවධානයට යොමු කළේය.

කොමිසම

රෝහින්‍යා මුස්ලිම්වරු මෙරටට පැමිණීමේදී අයි.එස්. ත්‍රස්තවාදීන් පැමිණ තිබුණද?

නිලන්ත ජයවර්ධන

රෝහින්‍යා සරනාගතයින් පැමිණිම ගැන ගැටළුවක් තිබුනා. අයි.එස්. ඒ එක්ක අවෙ නැහැ. ලංකාවේ මුස්ලිම් සමාජය තුළ එකතුවීමක් ඇතිවුනා. එය මේ රටට වක්‍රාකාරයෙන් තර්ජනයක් වන බව දැනුවත් කලා.

කොමිසම

රෝහින්‍යා පැමිණිම ගැන යම් යම් විරෝධතා දැක්කා. අන්තවාදී පිරිස් වෙත එය රුකුලක් වුනාද?

නිලන්ත ජයවර්ධන

බුද්ධියෙන් විසදිය යුතු දේවල් ශක්තියෙන් විසදිය යුතු නැහැ. මේක දේශයක් සම්බන්ධ දෙයක් නෙමෙයි. දෙවියන් පිළිබද සටනක්.

‍කොමිසම

බුරුමයෙන් පැමිණි සරණාගතයින්ට ඉන්දියාවේ ජමාතේ ඉස්ලාම් සංවිධානය උදව් කරල තියෙනවා. ලංකාවේත් එහෙම වුනාද?

නිලන්ත ජයවර්ධන

අපි ඒ සම්බන්දයෙන් දැනුවත් වුනා. මුහුදේ ගිය බෝට්ටුව අපි අරගෙන ආවා.

කොමිසම

ලංකාවේ ජමාතේ ඉස්ලාම් සංවිධානය සහය ලැබුනද?

නිලන්ත ජයවර්ධන

මට හරියටම මතකයක් නැහැ. මතකේ හැටියට තිබුනේ නැහැ.

කොමිසම

රොිහින්‍යා සරනාගතයන් කෙරෙහි ශ්‍රී ලංකා රජය අවධානය යොමු කළ යුතු බවට ලොකු උද්ඝෝෂණයක් සහරාන් විසින් රටේ මුස්ලිම් ජනතාව අතර රැගෙන ගියාද?

නිලන්ත ජයවර්ධන

ඒගැන වාර්තාවක් මම ඉදිරිපත්කරල තියෙනවා. රොහින්‍යා සිද්ධිය අත්වැරැද්දක්.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

ඉස්ලාම් රාජ්‍යක් 2014 වසරේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු 2017 වසරේ උපදෙස් දෙන්නේ මුස්ලිම් අය තමන් ඉන්න තැන්වල ඉදල අයි.එස්. සංවිධානයේ ඉදිරි ප්‍රගමනය කරන්න කියල.

නිලන්ත ජයවර්ධන

අයි.එස්. නායකයා සදහන් කලා, ලැව් ගිනි ඇතිකරවන්න කියලත්. සැළසුම් සහගත ප්‍රහාර වලට වඩා සැහැල්ලු ප්‍රහාර එල්ල කරන්න කියලයි. ජනාධිපතිවරයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීම, ගුවන් තොටුපොලකට ප්‍රහාරයක් එල්ල කිරීම සැළසුම් සහගතව කළ යුතු එකක්. ඔහු සදහන් කළේ එවැන්නක් කරන්න නෙමෙයි. වාහනයකින් හප්පා සිදුකරන අපරාධ, පිහියකින් කරන අපරාධ වැනි දේවල් කරන්න කියලයි. අයි. එස්. සංවිධානය ඔවුන්ගේ මත දරන්නන්ට කීවේ නැහැ සැළසුම් සහගත ප්‍රහාරයන්ට යන්න කියල.

කොමිසම

මෙරට ස්ථාන 08 කට එකවර ප්‍රහාර එල්ලවෙලා මිනිස් ජීවිත විශාල ප්‍රමාණයකට හානි වෙලා තිබෙනවා. වෙන කිසිදු රටක මෙවැනි එකවර ප්‍රහාර මාලාවක් එල්ලවෙලා තිබෙනවද?

නිලන්ත ජයවර්ධන

රටවල් කිහිපයක ප්‍රහාර සිදුවෙලා තිබෙනවා. ඒත් මෙවැනි ආකාරයේ ප්‍රහාරයක් එල්ලවෙලා නැහැ.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කිසිවෙක් බී.එම්.ඩබ්ලිව්. එකේ සහ රේන්ජ් රෝවර් එකෙන් ඇවිත් බෝම්බ පුපුරවා ගත්තේ නැහැ. ඒත් මේ අය එහෙම නෙමෙයි. ඇයි සහරාන් පළමු ප්‍රහාරයෙන්ම මැරෙන්නේ. දෙවැනි ප්‍රහාරයකුත් තිබුනා. ඒත් පළමු ප්‍රහාරයට ඔහු ගියා.

ලෝකයේ සෙසු රටවල්වල සිදුවීම් වෙනකොට ඒ වාගේම තර්ජනයක් ලංකාවේ ඇති වෙන්න පුළුවන් කියල අපි දැනුම් දීල තිබුනා. එයාලගේ අවශ්‍ය තාව අල්ලා ලගට යාම

නායකත්වය පිළිබද ගැටළුවක් එඩේරමුල්ලේ ගෙදරදී ඇති වුනා. සැබෑ නායකයා වූයේ සහරාන් නෙමෙයි. නෞෆර් මව්ලවි නැමැත්තායි. එල්.ටී.ටී.ඊ.යේ ඇන්ටන් බාලසිංහම් න්‍යායාචාර්යවරයා මෙන් නෞෆර් මව්ලවි තමයි මෙම සංවිධානයේ කටයුතු කළේ. ඔහු වසර 19 ක් කටාර්වල ඉදල තියෙනවා. කටාර්වල මෙහෙයුම් ගොඩක් තිබුණා. ජාත්‍යන්තර සම්බන්ධතා ඔහු විසින් සකස්කරගෙන තිබුණා. මේ වන විට නෞෆර් මව්ලවි ඉන්නේ අත්අඩංගුවට අරගෙනයි. ප්‍රහාරයෙන් පසු ඇදිරිනීතිය අස්සේ ඔහු අම්පාර බලා යමින් සිටියදී අත්අඩංගුවට පත්වුනේ.

( මෙම අවස්ථාවේදී කොමිසම විසින් තවත් බුද්ධි වාර්තාවක් කෙරෙහි නිලන්ත ජයවර්ධන මහතාගේ අවධානයට යොමු කළේය. එම බුද්ධි වාර්තාව නිසි ක්‍රමවේදයකින් තොරව ආගමික ස්ථාන පවත්වාගෙන යාම් සහගැටුම්කාරී තත්වයන් සම්බන්ධයෙනි.)

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

නිසි ක්‍රමවේදයක් නොමැතිව ආගමික ස්ථාන ඉදිකිරීම් ජාතීන් අතර අසමගියක් ඇති වීමට මෙන්ම ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ලවන්නේ කෙසේද?

නිලන්ත ජයවර්ධන

හිතුමතේට ආගමික ස්ථාන ඉදිකිරීම් කරන්නේ නීතිමය තත්වයක් නොමැතිවයි. නිවෙස්වල සහ කඩපිල්වලත් ආගමික ස්ථාන ඉදිකරනවා. ආගමික කටයුතු අමාත්‍යාංශය කියල මුලින් තිබුනේ එක් අමාත්‍යාංශක් පමණයි. පසුව බෞද්ධ, හින්දු, මුස්ලිස්, ඉස්ලාම් වශයෙන් එම අමාත්‍යාංශය කොටස්වලට කැඩුණා. ඒ ඒ අමාත්‍යාංශවලට පත්වන්නේ එම ආගමික ඇමතිවරුන්. ඔවුන් තම තමන්ගේ ආගම වර්ධනය කිරීමට පෙළඹුණා. එහිදී විවිධ විරෝධතා සහ ගැටුම් ඇතිවුණා.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානයට යොමුකරල තිබෙනව නේද?

නිලන්ත ජයවර්ධන

ඔව්.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

විදේශ ආධාර ඇතිව ඉස්ලාම් භක්තිකයන් පල්ලි ඉදිකරනවාද?

නිලන්ත ජයවර්ධන

බැංකු ගිණුම් බැලුවම රුපියල් 50000 යි තියෙන්නේ. පල්ලියයි. ඉඩමයි බැලුවම කෝටි දෙකක් විතර වටිනවා. හැබැයි මුදල් ඇවිල්ල තියෙන්නේ නීත්‍යානුකූලව නමෙයි. මේ සම්බන්ධයෙන් අදාල අංශ දැනුවත් කලා. ආරක්ෂක මණ්ඩලයේදීත් ඒ පිළිබදව බලධාරීන්ගේ අවධානය යොමු කලා. ඒ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද කියලත් දැනුවත් කලා. විධිමත් මූල්‍ය ක්‍රමවේදයෙන් තොරවයි එය සිදුවන්නේ. රුපියල් කෝටි 05 ක් දුන්නොත් එය ඒ මොහොතේම ඕනෑම රටකට යවන්න පුළුවන්කමක් තියෙනවා.

කොමිසම

සාරා නැමැත්තිය මුස්ලිම් ආගමට බලහත්කාරයෙන් හරවාගෙන තිබෙන බව කියනවා.

නිලන්ත ජයවර්ධන

ඔව්. පුලස්තිනී නැමැති ඇයව හස්තූන් නැමැත්තෙකුට විවහාකරදී ආගම වෙනස්කරල තියෙනවා.

කොමිසම

එය නීත්‍යානුකූලව සිදුවූවක් නොවේ නම් ඔබලා ඒ සම්බන්ධයෙන් මොනවද කළේ?

නීලන්ත ජයවර්ධන

අපි පැමිණිලි භාර ගන්නේ නැහැ. එයාගේ අම්මා කියනවා බලෙන් ආගමට හැරෙව්වා කියල.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

සහරාන් සිරියාවට ගියා කියල ගුවන් හමුදා බුද්ධි අංශයට තොරතුරු ලැබිල තිබුනා. ඒතොරතුරු සම්බන්ධයෙන් සොයා බැලීමක් කලාද?

නිලන්ත ජයවර්ධන.

සොයා බලන්න ඇති කියල විශ්වාස කරනවා. ඒ කාලේ තමයි අයි.එස්. නායකයා දැනුම් දුන්නේ ඉන්න තැන ඉදන් ප්‍රවර්ධනය කරන්න කියල.

2017 වසරේ අලියාර් හංදියේ ගැටුමෙන් පසු

සහරාන් රට ගිහින් නැහැ. රට ගිහින් කියල පෙන්නන් කියල සිය සගයන්ට දැනුම් දීල තිබුණා. ඔහු කැකුණු ගොල්ල නිවසේ සැගවිලා සිටියා. ෂයිනි තවුහිත් ජමාත් සංවිධානයෙන් ඉවත්වුනා යැයි පැවසීමත් එවැන්නක්.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම් සම්බන්ධයෙන් තොරතුරු ලැබුනද?

නිලන්ත ජයවර්ධන

බුද්ධි තොරතුරුවලට අනාවරණය වුනේ නැහැ.

කොමිසම

වනාතවිල්ලුව පොල් ඉඩමක ගිනි අවි තිබෙන බව බුද්ධි අංශ දැනගත්තද?

නිලන්ත ජයවර්ධන

ඉඩමක් අරගත්ත බවට තොරතුරු වාර්තා වී තිබුනත් ගිනි අවි සම්බන්දයෙන් තොරතුරු වාර්තා වුනේ නැහැ. ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පැවැත්වුනා. අපි ඒවට සහය දුන්නා.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

‘ඡන්ද පොරොන්දුවලට නොරැවටී අපේක්ෂකයන්ගේ පැටිකිරිය බලා ඡන්දය දෙන්න’

Next Post

චන්ද්‍රිකාට දුන් වාහන සියල්ල යළි දීමට සැරසෙයි

Related Posts

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

එල්.ටී.ටී.ඊය පිට දාලා මැලේසියා යැව්වෙ නැතිනම් සුරේෂ් ෂලේටත් ඉන්න වෙන්නෙ හිරේ…

ඔක්තෝබර් 13, 2020

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…
  • හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට
  • රට මළගෙයක් කර හිඳී ගිය තෙල් සංචිත තෙල් සමාගම්වල කොමිස් කාක්කන්ට ඉල්ලමක් පාදලා!
  • 225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…
  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

ජනප්‍රිය පුවත්

  • පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

    172 shares
    Share 69 Tweet 43
  • අපි මහා කුමන්ත්‍රණයක ගොදුරු…. ඉන්ධන නැවු ප්‍රමාද කළේ ආණ්ඩුවේ ඒ කුමන්ත්‍රණයේ කොටසක් විදිහට….

    214 shares
    Share 86 Tweet 54
  • දේශබන්දු ස්ථාන මාරු නොකිරීම ගැන නීතිපති පොලිස්පතිට එවූ කටඋත්තර නැතිවෙන ලියුම….

    195 shares
    Share 78 Tweet 49
  • බස්නාහිර සිපෙටිකෝ පිරවුම්හල් 40කට ආසන්න සංඛ්‍යාවක් අදත් සාමාන්‍ය ලෙස ඉන්ධන බෙදලා…

    218 shares
    Share 87 Tweet 55
  • තෙල් හොයන්න ගිය ඇමති කාංචන කටාර් බලශක්ති සමාගමේ සභාපති සාද් ෂෙරීඩා අල් කබී හමුවෙයි!

    205 shares
    Share 82 Tweet 51
  • මැච් එක දා පිටිය ඉදිරියේ ඇදෙන  දකුණු ලකේ ගෑස්  සිලින්ඩර පෝලිම ක්‍රිකට් ලෝකය හොල්ලයි…

    185 shares
    Share 74 Tweet 46

Highlights

225  ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු  ඉවත් කරයි…

පරිපාලනය රැඳවියෙක් පහර දී මරා දැමූ  බවට චෝදනා… කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්!

බැසිල් පොහොට්ටුවන්ව නෙළුම් මාවතට කැඳවයි…

ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විරෝධතාවයක සිටි ශ්‍රි ලාංකිකයින් 27ක් රොහල්ගත කරයි….

අවුරුදු 101දී සිරබත් කන්න වුන හිටපු නාසි හමුදා සමාජිකයා

අයිඕසීත් පෙට්‍රල් අලෙවියට සීමා දමයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

ජනපතිගේ කාබනික මාන්දම රටට කළ විනාසය ආණ්ඩුවේ ආර්ථික වාර්තාම දත්ත එක්ක හෙළි කරයි…

by editor
ජූනි 29, 2022
0

රසායනික පොහොර නොමැති වීම      කෘෂිකාර්මික කටයුතු...

lanka hospital

හෙද උපාධිදාරීන්ට සායනික පුහුණුව සැපයීමට ලංකා හොස්පිටල්ස් ඇකඩමිය හා NSBM සරසවිය සහයෝගිතා ගිවිසුමකට

by Lankasara News
ජූනි 29, 2022
0

NSBM හරිත සරසවියේ අධ්‍යාපනය ලබන හෙද...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist