සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු කොමිසමේ විත්තිකාර මහාචාර්යවරයාගේ පුතාට ඔස්ට්‍රේලියාවනුත් ඇප නෑ

by Lanka Sara Editor
මාර්තු 30, 2021
in පුවත්
අහමඩ් ලුක්මන් තාලිබ්

අහමඩ් ලුක්මන් තාලිබ්

Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසමේ වාර්තාවේ සැකකරුවකු ලෙස සඳහන් මහචාර්ය ලුක්මන් තාලිබ්ගේ පුතකු වන අහමඩ් ලුක්මන් තාලිබ්ට ඇප ලබාදීමට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් උසාවිය ප්‍රතික්ෂේප කර තිබේ.

ඕස්ට්‍රේලියාව ප්‍රකට තාලිබ් ඇන්ඩ් සන්ස් මැණික් ව්‍යාපාරය හිමි තාලිබ් පවුලේ පුත්‍රයකු වූ අහමඩ් මෙල්බර්න් හි ඊසානදිග ඩොන්කැස්ටර් නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.

අන්තවාදී ත‍්‍රස්තවාදයට ආධාර අනුබල දීමේ චෝදනා මත වික්ටෝරියා ප්‍රාන්තයෙන් අහමඩ් පිටුවහල් කර තිබුණි.

පිටුවහල් කරන ලද අහමඩ් බ්‍රිස්බේන් වෙත පැමිණ එහිදී අත්අඩංගුවට ගැනිණි. එහිදී ඔහු කළ ඇප ඉල්ලුම මෙලෙස ප්‍රතික්ෂේප වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අමෙරිකාව විසින් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී අහමඩ් ලූක්මන් තාලිබ් ත‍්‍රස්තවාදීන්ට මූල්‍ය සපයන්නකු ලෙස නම් කළේය. එම නිවේදනයෙන් පසු ඔහුගේ නිවස ඕස්ට්‍රේලියාවේ පොලිසිය විසින් වටලා ඇත. කටාර් බලා යාමට පෙර මෙම පවුල බ්‍රිස්බේන්හි ජීවත් විය.

2013 සැප්තැම්බර් 1 සිට 2020 ඔක්තෝබර් 1 දක්වා කාලය තුළ ත්‍රස්ත ක්‍රියාකාරකම්වල යෙදීම සඳහා හිටපු ක්වීන්ස්ලන්ත ජාතිකයෙකුට තුර්කියට ගොස් ඕස්ට්‍රේලියානු සටන්කරුවෙකු ලෙස සිරියාවට ඇතුළු වී රජයේ හමුදාවන්ට එරෙහිව ආයුධ අතට ගැනීමට උදව් කළ බවට අහමඩ් ලුක්මන් තාලිබ්ට එරෙහිව ඇති චෝදනාවය.

ඔහු බ්‍රිතාන්‍යයේ උපත ලැබූවෙක් වන අතර, වයස අවුරුදු හතර වන විට ඕස්ට්‍රේලියාවට ගියේය. ඔහුගේ පියා ජෛව සංඛ්‍යාන මහාචාර්යවරයෙක් වන ලුක්මන් තාලිබ් 1986 සිට ශ්‍රී ලංකාවෙන් පිට විදේශවල ජීවත් වේ. ඔහු අමෙරිකාවේ දී ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය. ඔහු විද්‍යාත්මක අධ්‍යයනයන්ට සම්බන්ධ වී ඇති අතර ඕස්ට්‍රේලියාව, ජපානය, සවුදි අරාබිය, කුවේට්, ඇමරිකා එක්සත් ජනපදය සහ ස්වීඩනය ඇතුළු බොහෝ රටවල සිය අධ්‍යාපන කටයුතු කරගෙන ගියේය. සුප්‍රකට තාලිබ් ඇන්ඩ් සන්ස් මැණික් ව්‍යාපාරය ඔවුන් ඕස්ට්‍රේලියාව පදනම් කරගනිමින් සිදුකරයි. මහාචාර්යවරයා 58 වියැති අයෙකි.

අහමඩ් ලුක්මන් තාලිබ් මහතා 2012 දී ගෝල්ඩ් කෝස්ට් හි බොන්ඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා උපාධියක් සම්පූර්ණ කළේය. අහමඩ් තාලිබ් මහතා ද දරුවන් 8 දෙනෙකුගේ පියෙකි.

කෙසේවෙතත් තාලිබ් මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද අතර, එම නඩුව බ්‍රිස්බේන් මහේස්ත්‍රාත් අධිකරණයේ දී කල් තබන ලදී.

මේ අතර ඕස්ට්‍රේලියාවේ කොරෝනා වයිරස් කාර්ය සාධක බලකායේ අංශයක සේවය කළ මහාචාර්යවරය ලුක්මන් තාලිබ් සහ ඔහුගේ තවත් පුත්‍රයකු වන ඉස්මයිල් තාලිබ් මාස පහකට ආසන්න කාලයක් කටාර්හි රහසිගත ස්ථානයක රඳවා තබාගෙන මේ වසරේ ජනවාරි මාසයේදී නිදහස් කර තිබුණි.

මහාචාර්ය ලූක්මන් තාලිබ් (58) සහ ඔහුගේ පුත් ඉස්මයිල් තාලිබ් (24) 2020 ජූලි මාසයේදී දෝහාහි පිහිටි ඔවුන්ගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් අත්අඩංගුවට ගෙන මාස තුනකට පසු, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඕස්ට්‍රේලියාවේ වෙසෙන තවත් පුතෙකු අල් කයිඩාවේ “මූල්‍ය පහසුකම් සපයන්නෙකු” ලෙස නම් කළේය. “තාලිබ් රටවල් ගණනාවක මූල්‍ය ගනුදෙනු කර ඇති අතර මැණික් සම්බන්ධව ඔහු කළ ව්‍යාපාරය අල් කයිඩාවේ ප්‍රයෝජනය සඳහා ජාත්‍යන්තරව අරමුදල් ගෙනයාමේ හැකියාව ලබා දී තිබේ” යැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මහාචාර්ය තාලිබ් 2015 සිට කටාර් හි වාසය කර ඇති අතර එහි වසංගත ප්‍රතිචාරය සම්බන්ධයෙන් එහි ප්‍රමුඛ මහජන සෞඛ්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටියේය.

මහාචාර්ය තාලිබ් එක්සත් රාජධානියේ සිය ශාස්ත්‍රපති උපාධිය සහ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ඇති අතර වසර 30 ක සිය වෘත්තීය ජීවිතය තුළ ජාත්‍යන්තර පර්යේෂණ ව්‍යාපෘති 400 කට වැඩි ගණනකට සම්බන්ධ වී ඇත.

තාලිබ් පවුලේ සාමාජිකයන් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පුරවැසියන් ය.

වමේ සිට – ඉස්මයිල් ලුක්මන් තාලිබ් (පුතා) මහාචාර්ය ලුක්මන් තාලිබ් (පියා)
Tags: නවතම
Share69Tweet43
Previous Post

පළාත්සභා මැතිවරණ සංශෝධන යටතේ මන්ත්‍රී ධුර වැඩි කරගැනීමේ යෝජනාවක්…

Next Post

චීන කොවිඩ් එන්නතට අත්තනෝමතික අනුමැතියක් දීම ගැන විශේෂඥ වෛද්‍යවරු කළකිරෙති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.