බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසලේම දැරියක් පාසලේ දී සිපගත් රත්ගම “කිස් ගුරා” පොලිස් අත්අඩංගුවට…

සිද්ධිය සැලවීමෙන් පසු සිසුන්ගෙන් ගුටි නොකා බේරගන්න පන්ති කාමරයකට දාලා වහලා...

by editor
මාර්තු 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

රත්ගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියකට හාදුවක්  දුන් එම පාසලේම ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලිසිය පවසයි .

අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් පස් හැවිරිදි වියේ පසුවන එම පාසලේ තාක්ෂණික විෂය උගන්වන ගුරුවරයෙකි.

එක්දරු පියකු ද වන මෙම ගුරුවරයා මෙම පාසල් සිසුවිය පාසලේ පඩිපෙළ මතදී අතින් ඇද   බදාගෙන හාදුවක් ලබා දී ඇති බැව් පොලිසිය පවසයි. මෙම පාසල් දැරිය පාසලේ ක්‍රීඩාංගනය තුළ සිටියදී පාසල් ගුරුවරයා විසින් ඇයට පන්ති කාමරයට ගොස් කවකටුව රැගෙන එන ලෙස පවසා ඇත.

පසුව මෙම ගුරුවරයාද පාසල් සිසුවියගේ පිටුපසින් ගොස් ඇත. ඇය පන්ති කාමරයට ගොස් කවකටුව රැගෙන පඩි පෙළ මතින් බැස යමින් සිටියදී ගුරුවරයා විසින් ඇයගේ අතින් ඇද හාදුවක්   දී ඇති බැව් විමර්ශනවලදී අනාවරණය වී ඇත. පාසල් දැරිය මෙම පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන දැරියකි. ඇය මේ පිළිබඳ තම මිතුරියන්ට පැවසීමෙන් පසු පන්ති භාර ගුරුතුමිය විසින් විදුහල්පතිවරයාට දැනුම් දී ඇත.

මෙම සිද්ධිය පාසලේ සිසුන්ටද ආරංචි වී ඇති අතර   ඔවුන් මෙම ගුරුවරයාට පහර දීමට උත්සාහ කොට  ඇත. මේ නිසා ගුරුවරයා පාසලේ කාමරයක් තුළ දමා වසා ඇත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මේ පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් පාසලට ගොස් පාසල් දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

.රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ප්‍රියන්ත   ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත .

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවරයින්ගෙන් ධීවර ඇමති දේවානන්දාට යෝජනා 07ක්… මොන යෝජනා දුන්නත් උතුරු මුහුදට ඉන්දීය ධීවරයින්ට එන්න බැරි බව උතුරේ ධීවර සංගම් දැඩිව කියයි!

Next Post

සෞඛ්‍ය සේවය පණ අදිද්දී ලොක්කෝ ජපන් සවාරියකට සූට් මසති!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.