අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් යළි අරින්න පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දේ අහන්න

by editor
ජනවාරි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

 

  • ලෝක සෞඛ්‍යය සංවිධානයෙන් ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ මඟ පෙන්වීම් පෙළක්
  • ප්‍රදේශයේ වසංගත තත්ත්වය ගැන හොඳ හැදෑරීමක් කරන්න
  • හදිසිකදී කළ යුතු දේ ගැන පාසල් මට්ටමින් සැලසුම් ඕනෑ

ජනවාරි මස 11 වැනිදා එනම් හෙට උදාවන  සඳුදා යළි නව වසරේ පාසල් වාරය නිල වශයෙන් ආරම්භ කිරීමට අදාළ පියවර මේ වනවිට ගෙන ඇතැයි රජය නිවේදනය කරයි. සෑම පාසලක්ම මේ සඳහා සූදානම් කෙරෙමින් තිබේ. බස්නාහිර පළාතේ හැරෙන්නට සෙසු පළාත්වල හුදකලා තත්ත්වයට පත් වූ  ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල දරුවන්ට පාසල්වලට පැමිණෙන ලෙස මේ වනවිට පොදු දැනුම් දීමක් සිදුව ඇති අතර ඊට අදාළව කළ යුතු දේ පිළිබඳව ජාතික මට්ටමින්ද චක්‍රලේඛ මඟ පෙන්වීම් නිකුත් වී ඇත.

එසේ වුවද කොවිඩ් 19 වසංගතය පවතින ප්‍රදේශවල දෙමාපියන් තම දරුවන් පාසල්වලට යැවීමට දක්වන්නේ මැලිකමකි.  පසුගියදා මහනුවර පාසලක දෙමාපියන්  එහි යම් කටයුත්තකට සහභාගී වූ විටදී  එහි විදුහල්පතිනිය සහ ගුරුවරු දෙමාපියන්ගෙන් යළි පාසල් ආරම්භ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සහ දරුවන් එවීම සම්න්ධයෙන් දෙමාපියන්ගේ අදහස් විමසූහ.   බොහෝ දෙමාපියෝ මේ විමසීම් හමුවේ මුනිවත රැක්කහ. එහිදී එක් ගුරුවරියක විමසූවේ 11 වැනිදා ළමයින් පාසලට එවන්නට කැමති දෙමාපියන් අත ඔසවන ලෙසය. එතන රැඳී සිටි 80ක් පමණ පිරිස අතරින් අත එසවූයේ තිදෙනකු හෝ හතර දෙනකු පමණි. ඔවුන් මේ ගැන කියන්නේ පළාතේ පවතින තත්වය පිළිබඳව සැලකීමේදී දරුවන් පාසලට එවීම අවදානම් සහගත බවය. එයට හේතුව වන්නේ මේ සිදුවීම වූ මහනුවර  දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් වැඩි වීමය.  එවැනි තත්ත්වයක් මත පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සැලකීමේදී  අවධානයට  ලක් කළ යුතු කරුණු කවරේද යන්න විමසිම වැදගත්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට ලෝක  සෞඛ්‍ය සංවිධානය විසින් සකස් කරනු ලැබ ඇති පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව මඟ පෙන්වීම් මාලාව මෙහිදි අවධානයට ලක් කළ යුතු ලියවිල්ලකි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සකස් කරනු ලැබ ඇති මෙම මගපෙන්වීම් මාලාවට අනුව පාසල් යළි විවෘත කිරීමේදී ජාතික, ප්‍රාදේශීය පාසල් මට්ටමින්  තත්ත්ව සලකා බැලිය යුතුය.

  • ජාතික මට්ටමේ කරුණු අටක්

එහිදී ඔවුන් ජාතික මට්ටමෙන් සලකා බැලිය යුතු කරුණු ලෙස සඳහන් කර ඇති දේ මෙසේය

  1. ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන මූලික උපදෙසක් වන්නේ සෑම රටක්ම ජාතික මට්ටමේ මඟ පෙන්වීම් මාලාවක් සකස් කළ යුතු බවය. එහිදී රටේ සමස්ත සහ ප්‍රාදේශීය මට්ටමින් කොවිඩ් වසංගතයේ ස්වභාවය පිළිබඳව මෙන්ම එහි පවතින අවදානම් තත්ත්වය පිළිබඳ ව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. දෛනික ව වාර්තා වන අසාදිතයන් ප්‍රමාණය, රෝගය ව්‍යාප්ත වී ඇති ස්වභාවය ප්‍රදේශයේ ජනතාවගේ ජීවන මට්ටම් සහ ඔවුන්ගේ චර්යා රටාවන් සිසුන් පාසල දක්වා ප්‍රවාහන පහසුකම් ලබා ගන්නා ආකාරය වැනි කරුණු ගණනාවක් ඊට ඇතුළත් වෙයි.
    එවැනි තත්ත්ව හමුවේ දරුවන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ දෙමාපියන් සහ නිවාසවල ඔවුන් සමඟ ජීවත් වන වැඩිහිටියන්ගේ ද අවදානම් තත්ත්වය නිසි ලෙස අධ්‍යයනය කොට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ  ගත යුතු බව ඔවුන්ගේ මතයයි. එසේම ජාතික මට්ටමේ දී අවධානය යොමු කළ කරුණු ලෙස කිහිපයක් වෙයි.  පාසල් වැසීමෙන් ළමයින්ට සිදුවන අඩුපාඩුවේ තරම,  විෂය මාලා සම්බන්ධයෙන් පවතින අපේක්ෂාවන් හදිසි ආපදා තත්ත්වයක් කළමනාකරණය කිරීමට ඇති හැකියාව ආදී කරුණු ද එහිදී සැලකිල්ලට ගැනෙයි.
  1. පාසලේදී මුහුණු ආවරණයටත් ජාතික ප්‍රතිපත්තියක් මුහුණු ආවරණ පැළදීම
    පන්ති කාමරයේදී මෙන්ම  පාසලේ වෙනත් කටයුතුවලදී මුහුණු ආවරණයක් පැලඳීම මෙම රෝගයේ ව්‍යාප්තිය පාලනයේදී අතිශයින්ම වැදගත්වන කරුණකි. ඒ සඳහා මඟ පෙන්වන කරුණු සවිස්තරව පාසල වෙත ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැදගත්ම කරුණක් බව ට අවාධාරණය කර තිබේ.
  1. ශාරීරික දුරස්ථ භාවය රැක ගැනීම දෑත් පිරිසිදුව තැබීම සහ සනීපාරක්ෂාව  –
    සෑම රටකම සෞඛ්‍ය අමාත්‍යංශයත් අධ්‍යාපන අමාත්‍යංශයත් දරුවන්ගේ ශාරීරික දුරස්ථභාවය පිළිබඳව විධිමත් සැලසුම්ක් ප්‍රතිපත්තියක්  සකස් කළ යුතු බවට දක්වා තිබේ. ඒ අනුව පන්තියක සියටිය යුතු උපරිම ළමයින් සංඛ්‍යාව, ළමයින් දෙදෙනකු අතර මීටරයකවත් පරතය පවත්වා ගැනීම ඇතුළු ආරක්ෂක පිළිවෙත් පිළිබඳව  සථිර ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.
    දරුවන්ට පාසල් පරිශ්‍රයේදී දෑත් පිරිසිදු බව රැකීම සඳහාද අවශ්‍ය පහසුකම් සම්පාදනය කළ යුතු වන අකර මේ ක්‍රියාව නිරන්තර දැනුවත් කිරීම් සහ අධීක්ෂණය කිරීමේ වැඩසටහනක් රටට තිබිය යුතුය.  සනීපාරක්ෂක පහසුකම් පරිහරණයේදී රෝගය වයාප්ත වීමේ අවස්ථා අවම කිරීමට අදාළ පියවර ගත යුතුය.
  1. සෞඛ්‍ය අධ්‍යාපන පනිවිඩ නිසි ලෙස නිකුත් කිරීම – දරුවන්ට නිතර යහපත් සෞඛ්‍ය පුරුදු සහ පිළිවෙත් මෙන්ම රෝගය පිළිබඳ අලුත් තොරතුරු ලැබෙන සේ ශක්තිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතුය. 
  2. දුරස්ථ අධ්‍යාපන පහසුකම් සෑම රටකම වැඩි කිරීමට රටවල් පියවර ගත යුතුය. විශේෂයෙන් හදිසියේ පාසල් වසන්නට සිදුවහොත් අන්තර්ජාල අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීම සහ දැනට අන්තර්ජාල අධ්‍යාපනයේ පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීම වැනි පියවර එහි සඳහන්ය.
  3. රෝගය ව්‍යාප්ත වන තත්වය තුළ ඊට අදාළ කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ සැලසුමක් –
    රෝගය යම් යම් ප්‍රදේශවල වැඩි වැඩියෙන් වාර්තා වුවහොත් පාසල් සම්බන්ධයෙන් ඉක්මනින් තීරණ ගත හැකි වැඩපිළිවෙළක් තිබිය යුතුය.
  1. ශාරීරික සහ මානසික සෞඛ්‍ය වෙනුවෙන් අඛණ්ඩ ක්‍රියාත්මක සැලසුමක්
    ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ කායික සහ මානසික සෞඛ්‍යය සමබරව පවත්වා ගැනීමට මෙන්ම එන්නත්කරණ වැඩසටහන් ඉදිරියේදී අඛණ්ඩව පවත්වාගෙන යාමට රටකට සැලසුමක් තිබිය යුතුය.
  1. කොවිඩ් 19 සමඟ පාසල් පවත්වාගෙන යාම පිළිබඳව පසුවිපරම් කිරීමට ජාතික මට්ටමේ කමිටුවක් පිහිටුවීම
    මේවා ක්‍රියාත්මක කළ යුත්තේ ජාතික මට්ටමින්ය.

ප්‍රාදේශීය සහ පාසල් මට්මෙන් ක්‍රියාත්මක කළ යුතු අත්‍යවශ්‍ය කරුණු

  • ප්‍රාදේශීය වසංගත ආවේක්ෂණය – ලෝක සෞඛ්‍යය සංවිධානය පවසන්නේ මෙය ප්‍රාදේශීය මට්ටමට යද්දි මීට වඩා සංකීර්ණ බවය. පාසල් යළි විවෘත කිරීමට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ප්‍රදේශයේ වසංගත තත්ත්වය පිළිබඳව නිසි අධ්‍යයනයක් සිදු කරන ලෙසය.  දෛනිකව රෝගීන් වැඩිම ප්‍රමාණයක් හමුවන්නේ කවර ප්‍රදේශයේද  එසේ ආරම්භ වීමේ දී එක් එක් පළාත්වල වසංගත  මෙම විවිධ ප්‍රදේශවල වසංගත ව්‍යාප්තිය එකිනෙකට වෙනස්ය. එසේම එය තවදුරටත් සංකීර්ණ වන්නේ එක් එක් ප්‍රජාවන් මෙම කොවිඩ් 19 සම්බන්ධයෙන් අනුගමනය කරන සෞඛ්‍ය පුරුදු මතය. ඇතැම් ප්‍රජාවන් නිසි ලෙස ඒවා ඉටු කළද අතැම් ප්‍රජාවන් තුළ වැඩි වශයෙන් මෙය ව්‍යාප්ත වන්නේ මේ පිළිබඳව විශේෂ උනන්දුවක් නොදැක්වීම නිසා බව මේ වන විට  ප්‍රජා වෛද්‍ය විශේෂඥයන් විසින් අවබෝධ කරගනු  ලැබ ඇති කරුණකි.
  • පාසල් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ සම්මුතීන් සකස් කළ යුතුය.  ප්‍රාදේශීය මට්ටමින් තීරණ ගැනීමේදී වසංගතයේ ස්වභාවයට අමතරව පාසල්වල සෑම පාසලකම කොව්ඩ වසංගත තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමේ සම්මුතීන් සකස් කළ යුතු බවට නිර්දේශයක් ඇත. හදිසියේ යම් සිසුවකු හෝ  ඔවුන්ගේ පවුලේ සාමාජිකයකු රෝගය ආසාදනය වුවහොත් අනුගමනය කෙරෙන පියවර පිළිබඳව පාසලට සැලසුමක් තිබිය යුතුය. එසේම ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධීකරණයක්ද තිබිය යුතුය.
  • පාසලේදී දරුවන්ට ගුරුවරුන්ට සෙසු කාර්ය මණ්ඩලයට සහ සනීපාරක්ෂක සේවකයන්ට රෝගය ව්‍යාප්ත වීම අවම කිරීමට අවශ්‍යවන ද්‍රව්‍ය පාසල තුළ පවතින බවට තහවුරු කළ යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සබන්, අත්සෝදන දියර පිරිසිදු කිරීම් කාරක සහ උපකරණ මෙන්ම සනීපාරක්ෂක සේවකයන්ට සහ අවදානම් තත්ත්වවලදී කාර්ය මණ්ඩලයට භාවිත කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල පවා තිබිය යුතු බවය.
  • අත් සේදීමේ පහසුකම් අනිවාර්ය කිරීම
  • යම් දරුවකු ගුරුවරයකු හෝ දෙමාපියකු ආසාදිතයකු සමඟ යම් හෝ ගැටීමක් සිදුවී නම් එය සෞඛ්‍ය අංශ සොයා ගන්නා තුරු නොසිට ස්වේච්ඡාවෙන්ම සෞඛ්‍ය අංශවලට වාර්තා කිරීම මෙවැනි තත්ත්වයකදි අතිශය වැදගත් බව පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය තම මඟ පෙන්වීම්වලින් පවසන්නේ සෑම පාසලකම ඒවැනි ස්වේච්ඡාවෙන් තොරතුරු ලබා දීමේ ප්‍රතිපත්තියක් ඇති කරවන ලෙසය.
  • රෝගය හදිසි පැතිරීමේ තත්ත්වයකදී පාසල් මට්ටමින් ගත යුතු හදිසි සැලසුමක් තිබිය යුතුය.
  • මීට අමතර ව සෑම පාසලකම දරුවන් එකිනෙකා  ඒකරාශී වීමේ පිළිවෙත් ක්‍රියාත්මක කළ යුතුය. ආහාර පාන ගැනීමේදී  තනි තනිව ආහාර ගැනීම පන්ති කාමරයෙන් පිට වනවිට නිසි පිළිවෙළකට ගමන් කිරීමට හුරු කිරීම දරුවන් පාසලට නොපැමීණීම සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම හදිසියේ අසනීප වුවහොත් දරුවන් වෙන් කර තැබීමේ පහසුකම් පවත්වා ගැනීම වැනි අභ්‍යන්තර පිළිවෙතක් පවත්වා ගත යුතුය.

ශ්‍රී ලංකාවද ජනවාරි මාසයේ 11 වැනිදා (හෙට) පාසල්  විවෘත කිරීමට සැලසුම් කර ඇත. එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන මඟපෙන්වීමේ යම් තරමකින් හෝ දැනුවත් වීම වැදගත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වට්ස්ඇප් ඔබේ පෞද්ගලිකත්වය සොරා ගනීද?

Next Post

මුහුණු පොතෙන් මිතුරු වී කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවූ ගැහැණු 03ක් දැලේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.