කොවිඩ් මර්දනය සදහා වූ ෆයිසර් එන්නත දිවයිනේ අවුරුදු 12- 18 වයසේ පසුවන සියලුම පාසල් දරුවන්ට ලබා දීම කෙරෙහි රජයේ අවදානය යොමුව ඇතැයි රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරයි.
දරුවන් සදහා ෆයිසර් එන්නත ලබා දී ඇති රටවල්වල දත්ත වාර්තාවන් නිරීක්ෂණය කිරිමෙන් අනතුරුව එන්නත ලබා දීමට කටයුතු කරන බවද ඇමතිවරයා පැවසීය.
මේ අනුව විවිධ රෝගයන්ගෙන් පෙළෙන දරුවන් සදහා එන්නත ලබාදිය හැකිද නැද්ද යන්න පිලිබදව විශේෂයෙන්ම සොයා බැලීමක් කරන බව අප කළ විමසුමකට පිලිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පාසල් ආරම්භ කිරීමට ප්‍රථම පාසල් දරුවන්ට එන්නත ලබා දී අවසන් කිරිම රජයේ අරමුණ වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
.