පාසල් කාලය අමතර පැයක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව එම අමාත්‍යාංශය අද (17) නිවේදනය කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කරමින් පැවසුවේ, නව පාසල් වාරයේ සිට පාසල් පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට පියවර ගන්නා බවය.
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් වල 2022 වසර සඳහා පළමු පාසල් වාරය හෙට (18) ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව පාසල් අධ්‍යයන කාලයේ වෙනසක් නව පාසල් වාරයේ දී සිදුනොවනු ඇත.







