හැටන් රංජිත් රාජපක්ෂ –
හැටන් ඇතුළු වතු ආශ්‍රිත නගර වල කීරි සම්බා සහල් කිලෝවක් 300 -325 අතර මිලකට අලෙවි වෙමින් ඇති බව වාර්තා වේ.
පවතින කීරි සම්බා හිඟය හේතුවෙන් තොග රැස් කරගෙන සිටි ව්‍යාපාරිකයන් රුපියල් 260ක පාලන මිල ඉක්මවා මෙසේ අධික මිලට කීරි සම්බා අලෙවි කරමින් සිටින බව හෙළි වී තිබේ.
සහල් මෝල් හිමියන් විසින් කීරි සම්බා කිලෝවක් රු 298-300 වැනි තොග මිලකට ඉතා සිමිත ප්‍රමාණයක් වෙලදපොළට නිකුත් කරන බව වෙළෙඳපල ආරංචි මාර්ග කියයි.
මේ හේතුවෙන් බරපතලම අපහසුතාවයට පත් වී ඇත්තේ සිය ව්‍යාපාර සඳහා වැඩි වශයෙන් කීරි සම්බා සහල් භාවිත කරන ආපනශාලා හිමිකරුවන් බව පෙනී ගොස් ඇත.
හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවල සහල් වෙළෙඳුන්ගෙන් මේ පිළිබඳව කළ විමසීමක දී ඔවුන් පවසා සිටියේ නාඩු , රතු සහ සම්බා සහල්ද සහල් මෝල් හිමියන් විසින් උපරිම සිල්ලර මිලට ආසන්න තොග මිලකට තොග නිකුත් කරන නිසා සහල් අලෙවියෙන් තමන්ට විශාල ලාභ ප්‍රතිශතයක් නොමැති බවය.