ගාල්ල මහවිදියේ තැපැල් කාර්යාලයට ආසන්නව තිබු ඉපැරැනි බෝ ගසේ විශාල අත්තක් අද (09) පස්වරුවේ කඩා වැටීමෙන් තිදෙනකු තුවාලල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.
බෝ ගසේඅත්ත ගාල්ල මහා වීදිය මාර්ගයට කඩා වැටී ඇත. තුවාල ලබා ඇත්තේ මාර්ගයේ ගමන් කරමින් සිටි තිදෙනකි.
මෙම බෝධියට යා කොට බොදු මැදුරක් ඇති අතර එහි කොටසක් ද කැඩි ගොස් ඇති අතර බුදු පිළිම වහන්සේට කිසිද අනතරක් සිදු වි නැති බව නගරවාසීහු කියති.
ඔවුන් පවසන්නේ මෙම සිද්ධිය මීට පැයකට පෙර සිදු වුවානම් මහා විනාශයක් වීමට ඉඩ තිබූ බවය.








